Skip to main content

163 සමිඬි ජාතකය

තවද ලෝකදිවාකර වූ සර්වඥයන් වහන්සේ රජගහනුවර තපෝදාරම විහාරයෙහි වැඩ වසන සමයෙහි සමිධි තෙරුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක. සමිධි තෙරුන් වහන්සේයයි යන නම කුමක් නිසාදැයි යතහොත් එක් දවසක් ජලස්නානය කොට අඳනය ඇඳගෙණ සිවුර අතලාගෙන ඇඟ පැන් වියලෙන තුරු සිටසේක. එවිට බොහෝ භික්ෂූන් වහන්සේ උන්වහන්සේගේ රූපශ්‍රිය දැක රූපශ්‍රීයෙන් අඩුවක් නැතිහෙයින් සමිධි තෙරුන් වහන්සේ යයි නම් ලත් සේක. එක්තරා දිව්‍ය ස්ත්‍රියක් උන්වහන්සේගේ රූපශ්‍රීය දැක පිළිබඳ සිත් ඇතිව, එක් දවසක්. උන් වහන්සේ කරා ගොස් කියන්නී මේ නිසා රූපශ්‍රීයාවක් ඇතුව පංචකාම සැපය අනුභව නොකොට මහණව ඉඳිමෙන් කාරණය කිම්ද. වෘද් අවස්ථාවට පැමිණිකල තපස් රැක්ක මැනවයි කිව. මේ අවස්ථාවෙහි ගිහිගෙයි උන්නමැනවයි කී එබස් අසා තෙරුන් වහන්සේ කියනසේක්, එඹල මරණනම් කවර අවස්ථාවෙහි පැමිණෙන බවත් නොදැනෙයි. එසේ හෙයින් සිවුරු නොහරිමියි කීසේක. එවිට දේව දූ තමා අභිප්‍රාවට බස් නොකී හෙයින් අන්ත්‍රස්ධානව ගියාහ. තෙරුන් වහන්සේ එපවත් ගොසින් සර්වඥයන් වහන්සේට කීසේක. සර්වඥයෝත් පළමුත් දේවතා දූ තොප තබා උත්තමයන්ටත් මේ බස් කීවාවේදැයි වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි වාසය කරණ සේක. එක්දවසක් ජලස්නානය කොට රිටිසුඹුලක් අතල ගෙණ ශරීරයේ පැන් වියලෙන තුරු වැඩ සිටිසේක. එක්තරා දිව්‍යස්ත්‍රියක් උන්වහන්සේගේ රූපශ්‍රීය දැක පිළිබඳ සිත් ඇතුව යෞවන අවස්ථාවේ පංචකාම සැප අනුභව නොකොට මහණව ඉඳිමෙන් කාරිය කිම්ද වෘද්ධ අවස්ථාවට පැමිණකල තපස්රැක්ක මැනව මේ අවස්ථාවෙහි ගිහිගෙයි උවමැනවයි කිව, එබස් අසා තාපසයෝ කියන්නෝ එඹල මරණ නම් කවර අවස්ථාවේ පැමිණෙන බවත්, නොදෙනයි. එසේහෙයින් තාපස ප්‍රවෘජ්ජා නොහරිම් කීසේක. එවිට දිව්‍යස්ත්‍රී අන්ත්‍රස්ධාන වියයි කියා සමිධි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි තාපසව උපන්නේ බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.