Skip to main content

(16) විස්මිත ස්ථාන සහ ඓතිහාසික ශුද්ධ භූමි

දැන් අපි මේ පය තියන් ඉන්න පෘථිවි තලයේ වුණත් අඩි කීයද යටට හාරා බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොළව යට උෂ්ණත්වයත් අලුතින් සොයාගත් දියමන්ති ග්‍රහලොවට නොදෙවැනි වෙනවා විසල් විශ්වයේ තියෙන විස්මිත ස්ථාන මොනවාද ?

එවැනි ස්ථාන මෙතෙකැයි කියන්නට බැහැ. ඒ තරමටම මේ විශ්වය විස්මිත බවින් පිරී පවතිනවා. අපේ පෘථිවියට ආලෝක වර්ෂ 40 ක් තරම් සමීපයෙහි තිබී පෘථිවිය මෙන් දෙගුණයක් විශාල ස්වභාවික දියමන්ති ග්‍රහ ලොවක් ඉකුත් සතියේදී (2012 ඔක්තෝබර් ) විදු ඇසට හසු වුණා. පෘතග්ජන මිනිසුන්ගේ පියවි ඇසින් පවා දැකිය හැකි මේ ග්‍රහලොව 2/3 ක් ම දියමන්තිවලින් පිරී පවතින්නේ. නමුත් මෙහි උෂ්ණත්වය පැරන්හයිට් අංශක 3000 ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මේ නිසා ඒ දෙස බල බලා සිටීමට හැර ඊට කිසි ලෙසකින්වත් ළං වෙන්න විද්‍යාඥයන්ට හැකියාවක් ඇත්තේ නැහැ.

දැන් අපි මේ පය තියන් ඉන්න පෘථිවි තලයේ වුණත් අඩි කීයද යටට හාරා බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. පොළව යට උෂ්ණත්වයත් අලුතින් සොයාගත් දියමන්ති ග්‍රහලොවට නොදෙවැනි වෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමළය – කන්නියා (කන්‍යා) ප්‍රදේශයෙන් මතු වූ උණු දිය උල්පත් හත (07) වුණත් විස්මිතයි. ඉතා දිර්ඝ කාලයක සිට බුබුළු දමා උඩට එන මේ ගිනි වතුරේ සෙන්ටි ග්‍රේඩ් අංශක 30 සිට 80 දක්වා උෂ්ණත්වයක් පවතිනවා. ඊඟාවට අම්පාර – මහඔය පිහිටි උණුවතුර ළිං වගේම සූරියවැව – මදුනාගල පිහිටි උණුවතුර ළිංවලත් මෙවැනි තත්ත්වයක් දැකිය හැකියි. මේවායේ එකින් එකට උෂ්ණත්වය වෙනස් වෙනවා. නමුත් මේවාට නුදුරින් ඇති වෙනත් ළිංවල වතුර සිසිල් බවින් යුක්තයි.

පෘථිවියෙහි (EARTH) ඇති වෙනත් විස්මිත ස්ථාන පිළිබඳව මෙතෙක් නිවැරදිව හඳුනාගෙන නැද්ද ?

නූතන විද්‍යාවන්ගෙන් සිදු වෙන්නේ ලෝකයේ භෞතික හඳුනාගැනීම් පමණයි. දැන් ජපානයට නැගෙනහිරින් පිහිටි “යකාගේ මුහුද (Devil Sea) ප්‍රදේශය පුරා ගුප්ත බවක් ඇතැයි පැවසෙනවා. අදෘශ්‍යමාන ආකර්ශනශීලී ශක්ති විශේෂයක් හේතුවෙන් එම ප්‍රදේශය පසුකර යාමට නොහැකිව නැව් හා ගුවන් යානා අනතුරට ලක් වී තිබෙනවා. මෙහිදී බොහෝවිට විදුලිබලය අක්‍රිය වී යන බවටත් මාධ්‍ය වාර්තා පළ වෙනවා. තව, අපේ අසල්වැසි නේපාලයෙන් අපූරු අභිරහස් ගංඟාවක් සොයා ගෙන තිබෙනවා. ඉන්දු – නේපාල කඳු හෙල් මැදින් ගලා ඇවිත් මේ ගඟ එක ස්ථානයකදී එකවර මහ පොළව යටට ගිළා බසිනවා. බ්‍රිතාන්‍ය ඉංජිනේරු ශිල්පී ඩේවිඩ් ෆෝල් මෙම අභිරහස සෙවීමට ගොස් අතුරුදහන් වී තිබෙනවා. මේ නිසා ඒ මහා ජලකඳ ගිළා බසින ස්ථානය “ ඩේවිඩ් ෆෝල්” යනුවෙන් ඔහුගේ නමින් දැන් හඳුන්වනවා. පුදුමේ කියන්නේ, මේ මහා ගංගාව යළි කිසිඳු ස්ථානයකින් මතු නොවීමයි.

අපේ රටෙත් මේ වගේ විස්මිත ස්ථාන ඉඳහිට හෝ තිබෙන්නට බැරිද ?

අනුරාධපුරය – පොළොන්නරුව ආදී ප්‍රදේශවලට වැඩිපුරම ඔය පිටසක්වළ යානා එන්නේ එහි “ තරු දොරටුවක්” (Star Gate)  පිහිටි නිසා බව විශ්වාස කරනවා. “ තරු දොරටුවක්” කියන්නේ, පෘථිවියත් විශ්වයත් අතර එහා මෙහා යන ගුවන් තොටුපළක් වැනි දොරටුවකට යි. අනුරාධපුරයේ නන්දන උයන (නඳුන් උයන) ආශ්‍රිතව මෙය පිහිටා ඇතැයි පැවසෙනවා.

ඊඟාවට මාලිමා යන්ත්‍රයක දිසාව දැක්වෙන කටුව සක්වළ කොතනකදී වුණත් උතුරු දිශාවට හැරී නතර වන බව කියවෙනවා. නමුත් කළුතර – අගලවත්තේ, හැඩිගල්ල ජනපදයට ඔබ්බෙන් පිහිටි රෑණ කන්ද ඉස්මත්තේ එසේ නොවන විස්මිත පිහිටීමක් පවතිනවා. ඒ වගේම නැගෙනහිර පළාතේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ (හිරු නුවර) සංගමන් කන්ද පාමුල සහ ගෝකන්න රජමහා විහාරය (කෝනේශ්වරම් කෝවිල) පාමුල මුහුදු කලාපය තුළත් අදෘශ්‍යමාන ශක්ති ප්‍රවාහයකින් යුක්ත බව හඳුනාගෙන තිබෙනවා.

එතකොට, ඓතිහාසික ශුද්ධ භූමිවලත් කිසියම් විස්මිත බවක් පවතිනවාද ?

ඔව්, එබඳු ස්ථාන කවදාවත් පාළුවට හුදකලාවට යන්නේ නැහැ. එවැනි ආගමික ශුද්ධභූමි කලින් කලට විවිධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙනවා. දැන් කාලයක් බෞද්ධයන්ගේ ගෞරව වන්දනාවට ලක්වූ ශුද්ධභූමි කාලයකට පසු වෙනත් ආගමික බැතිමතුන්ගේ හෝ වෙනයම් පිරිසකගේ වන්දනාවට පාත්‍ර විය හැකියි. මේ විදියට ඓතිහාසික ශුද්ධ භූමි නැවත නැවත අලුත් වීමක් සිදු වෙනවා. මේ නිසා වැළලී යන්නේ, ජාතික උරුමය හෝ ආගමික උරුමය පමණයි.

ඇතැම් බෞද්ධ ශුද්ධ භූමි වැළලී යාමේ ප්‍ර‍්‍රවණතාවක් මතුවෙමින් තිබෙනවා ද ?

ඔය වගේ ප්‍රවණතා ඉස්සරත් සිදු වුණා. නමුත් කල් නොගොස් ආයෙමත් කාගෙහරි වන්දනාවට ගරු බුහුමනට ලක් වෙනවා.

සත්‍යයෙන් හා යහපතින් පිරි පූජනීයත්වයට බඳුන් වූ ශුද්ධ භූමි දීර්ඝ කාලීනව විනාශ කළ නොහැකියි. යම් සැදැහැවතුන් පිරිසක් එම ශුද්ධ භූමිය වන්දනාමාන නොකරනවිට එයට තව පිරිසක් වන්දනා කිරීමට යොමු වෙනවා. එහෙම කාලයක් වන්දනාමාන කරන විට කලින් පැවති විශ්වාස සංසිද්ධීන් අභාවයට යනවා. ඒ වෙනුවට අලුත් ජනප්‍රවාද විශ්වාස ක්‍රමිකව නිර්මාණය වීමට පටන් ගන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊට පසුව, එම ශුද්ධ භූ®මිය තම ආගම දහමේ පරම ශුද්ධ භූමියක් ලෙස සිතා දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා. ඒ විදියට තව දීර්ඝ කාලයක් ඔවුන් විසින් එම ශුද්ධ භූමිය වන්දනාමාන කරනු ලබනවා.

එහෙමනම්, බුද්ධ දේශනාවලත් මෙබඳු පැහැදිලි කිරීම් සිදු කර තිබෙනවා ද ?

ඔව්, ගෞතම බුදුන් දවස හැමදාම අසල වූ පර්වතයක් වැඳ නැමද වැඩ කිරීම ආරම්භ කරන අන්‍ය ලබ්ධිකයෙක් සිටියා. ඔහුට එම සිරිත හුරුවී ඇත්තේ, ඔහුගේ පෙර පරම්පරාවෙනුයි. ඔවුන් එම චාරිත්‍රය පරම්පරා ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන එන්නක් . එසේ කිරීමෙන් ඔවුන්ට යහපතක් වන බව ඔවුන් තරයේම විශ්වාස කළා.

ඔහොම ඉන්න අතරේ, දවසක් මහා සංඝයා සමඟින් බුදු හිමියන් පා ගමනින් වඩින අවස්ථාකවදී මෙය පසුපසින් වඩින ආනන්ද හිමියන් දුටුවා. ඉක්බිතිව ආනන්ද හිමියන් විසින් බුදු රදුන්ගෙන් එම පර්වත වන්දනාවට හේතුව කුමක්දැයි විමසනු ලැබුවා. එවිට බුදු හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ අමතා,

“ආනන්දය, ඔය පර්වතය තිබූ තැන පෙර කල්පයක සම්මා සම්බුදුවරයෙකුගේ ධාතු තැන්පත් කොට පුරාණ ස්තූපයක් ඉදිකර තිබුණා. පසුව (ලෝක විනාශයකදී) එය ගිලී ගොස් එම ශුද්ධ භූමියේ මෙලෙස පර්වතයක් මතු වී තිබෙනවා.

එහෙයින් ඔවුන් මෙය අද දවසේදී වුවද නැමදීමේ වරදක් නැතැයි” දේශනා කොට වදාළ බව බුද්ධ දේශනාවල දැක්වෙනවා.

Join the discussion 2 Comments

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.