Skip to main content

159 සන්ථ ජාතකය

අසරණ සරණ වූ සර්වඥයන් වහන්සේ ජෙතවනා රාමයෙහි වැඩ වසන සමයෙහි ගිණිදෙවියාට පූජා කරණ නිගණ්ඨයන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

මෙහි වර්තමාන කථාව නගුටඨජාතකයෙහි විස්තර වශයෙන් දක්වන ලද. භික්ෂූන් වහන්සේ ස්වාමීනි මුනකරණගිණි දෙවියාගෙන් මතුවන වැඩෙක් ඇද්දයි විචාළසේක. ඊට සර්වඥයන් වහන්සේ මහණෙනි පෙර උත්තමයෝත් මෙහි වැඩෙක් ඇද්දෝහොයි බලා වැඩක් නැති හෙයින් ඇරපුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බමුණු කුලයක ඉපිද දෙමව්පියන් විසින් උපන් දවස් තිබු ගිනි නොනිවා තිබා බෝධිසත්වයන්ගේ වයස් සොළොස් ඇවිරිද්දට පැමිණි කල්හි බෝධිසත්වයන්ට කියන්නාහු පුත මේ ගිනි ඇරගෙණ ගොස් වහ්නිදේවතාවාට පූජා කොට වනයේ තපස් කරවුනම් ඒසේකරව නැත්නම් ශාස්ත්‍රය ඉගෙණ කුටුඹ සණ්ඨාපනය කොට වාසය කරවයි කීහ. එවිට බෝධිසත්වයෝ මට ගිහිගෙයින් කම්නැතැයි කියා ගිනි දෙවියා ඇරගෙණ ගොස් වග්නිදෙවතාවාට පූජා කොට වලට ගොස් පන්සලක් ඉදිකොට ගිනි දෙවියාට පූජා කන්නාහ. එසමයෙහි එක් දවසක් දන්දෙන ගෙයකින් එලඟිතෙල් මුසු කිරීබතක් ලැබ මාගේ ගිනිදෙවියාට පූජා කෙරෙමියි සිතා ගෙනවුත් ගිනි මොලවා තෙල් මුසු කිරිබත් ගින්නට දැමූහ. එවිට තෙල් අධිකහෙයින් ගිනිමහත්ව ඇවිල පන්සල දන්ටවන, ඒ වෙලාවට බ්‍රහ්මණ පන්සලින් පිටත්ව තමාගේ පන්සල දන්නා බලා කියන්නේ අසත්පුරුෂවූ නිචයා හා එක්වීමෙන් මා බොහෝ දුක්විද ඉදිකොටගත් පන්සල දවනපමණකැයි කියා ගිනි නිවා හිමාලය වනයට නික්මිනි. එවිට අතරමග සිංහයකු හා ව්‍යාඝ්‍රයෙකු හා දිවියෙකු හා තුන් දෙනාගේ මූන ලෙව ලෙව සිටි රිලවකු දැක සිංහ ව්‍යාඝ්‍ර දෙදෙනා හා දිවියා ඇතුළුවූ තුන්දෙනා විශ්වාසනිසාත් අසත්පුරුෂයා විසිනුත් මුන්ට අනර්ථ නොකරති කියා හිමාලයවනයට ගොස් ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පඤාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ආයුකෙළවර බ්‍රහ්මලෝකයෙහි උපන්හයි වදාරා සන්ථ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි තාපසව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළ සේක.

 
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.