Skip to main content

153 අලීන චිත්ත ජාතකය

තවද සර්වයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි විර්ය අඩු කළ භික්ෂූන් කෙණෙකුන් නිසා මේ ජාතකය දක්වන ලද, මෙහි වර්ථමාන කථාව එකාදය නිපාතයෙහි සීවලී ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය. මෙහි සර්වඥයන් වහන්සේ මහණ දැන් තොපගේ වීර්යය අඩුපමණක් විනා ආදී තොපගේ විර්ය බලයෙන් දොළොස් යොදුන් බරණැස් නුවර වටලාගත් සේනාව බිඳුවා රාජ්ජය ගෙණදුන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්ව=යන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ කරණ සමයෙහි වඩුවෝ පන්සියයක් ඒ නුවර මංපාදී දෙසවලට ගොස් දඬුපත් කපාගෙණවුත් කර්මාන්ත කරන්නාහ. එසමයෙහි වඩුවෝ සිතන්නාහූ දඬුපත් කපාදාගත මෙතනට එන්නා සුලභව ලබනතෙන ගෙවල් කොටාගෙන වසන්නාහ. එසමයෙහි එක් මහා ඇතෙක් ගොදුරු සොයා ඒ ඒ තැන ඇවිදිනේ දිරාගිය කිහිරිගසෙක පය උලා ඇනි මහත්වූ වේදනාවෙන් තුන් පසයක් ඇන වඩුවන් උන්තෙනට අවුත් වැටීපියා වැදහොත්තේය. ඒ වෙලාවට වඩුවෝ එතනට අවුත් ඇතු පය ඇනුනු උල දැක වටින් අවුළුවා උල ඇද බෙහෙත් කොට වණය සුවකළාහ. එවිට ඇතු තමාට කළ උපකාරය දැක ප්‍රත්‍යපකාර කරන්ට උවමැනවැයි සිතා ඇතා එතැන්පටන් මෙහෙකරන්ට පටන්ගත. මේ නියායෙන් දවස්පතා දඬු ඇදීම් දඬු පෙරලීම් ආදී මෙහෙවරකොට වඩුවන් විසින් දවස්පතා ලබන බත්පිඩි පන්සියය කා දවස් ඇර තමා දුර්වලවන්නා සිතන්නේ මෙහෙකොටගන්ට ශක්ති මදව එසේ හෙයින් තමන්ගේ පුත්වන අජානීය ඇත්පැටවා මෙහෙයට ලා යෙමිසිතා ඇත්පැටවා වඩුවන් ලඟට ගෙනවුත් ්පුත මා කළ මෙහෙලෙස වඩුවන් සිත්ගෙණ් මෙහෙකරවයි කියා වඩුවන්ට පාවාදී ගියේය. ඒ ඇතිපැටවාත් වඩුවන් සිත්ගෙන මෙහෙකොට වඩු කුඩා කොල්ලන් හා සමග දියකෙළි ආදී වූ කෙළිත් කෙළිනේය අජානිය ඇත් ගොඩමිස දියෙහි මලමුත්‍ර නොකරන්නේය. එක්දවසක් වට වැස්සකින් ඉලත්තියෙක් දියේ් වැටී ගස්වලක අස්සේ වැටී ගියේය. බරණැස්නුවර ඇත්තලයෝ් ඇතුන් නාවන්ට ගොස් ගගට බැස ඇත් ඉලත්තිය ආඝ්‍රානය කොට දියට නොබසිනාහ එවිට ඇත්තලයෝ කුමන කාරණයක්දෝහෝයි පරීක්ෂා කොට ඒ ඉල්ලත්තිය කලන්දුකොට, ඇතුන්ගේ ඇඟ ඉස්සාහ. සුවඳ ඇති ඉලත්තිය ඇඟ වැදගත්තා හා සමාන කොට සිතා සතුටුව දියට බැස දිය කෙළියාහ, ඇත්තලයෝ වඩුගම අජානීය හස්තියා ඇතිනියාව දැන රජ්ජුරුවන්ට එපවත් කියා මගුලැත්කමට නිසි ඒ ඇතා ගෙන්වා ගතහොත් යහපතැයි දැන්වූහ. රජ්ජුරුවා් එපවත් අසා සතුටුව ඔරු පාරු පණත්කොට වඩුවන් ඉන්නා උඩුගන් බලා ගියාහ. ඒ වෙලාවට ඇත්පැටවාත් දියකෙළිමින් සිටි පංචාගික තූර්යනාද අසා ගොඩ අවුත් වඩුවන්ලඟ සිටියෝය. ඒ වෙලාවට රජ්ජුරුවන්ට වඩුවෝ පෙර ගමන්කොට රජ්ජුරුවන් වහන්සේ දැක වැඳ බලා ගැත්තවුන්ගෙන් දඬු පතින් ප්‍රයොජන ඇත්නම් මිනිස් කෙණෙකුන් අත කියා එවන්නෝමෝ වේදැයි වැඩියේ ඇයිදැයි විචාළහ. එවිට රජ්ජුරුවෝ තොප ඇමගෙන් දඬු පත් ඉල්ලවා නොආම්හයි කීහ. එවිට වඩුවෝ කියන්නෝ යහපත ඇරගෙණ වඩිනාබව යහපතැයි කීහ. රජ්ජුරුවෝ ඒ ඇතා ගෙනයන්ට යොමු කළහ. ඒ ඇත්යන්ට වැලිවිය රජ්ජුරුවන් වසින් මේ කුමන නිසාදැයි විචාරන්නා එවිට වඩුවෝ කියන්නෝ තමා රැකී මිලදී යන අභිප්‍රාය ඇතිවයයි කියන්නා රජ්ජුරුවෝ ඇතු මිලකොට සොඬ ලක්ෂයක් අගනා කොට සතරපය සාරලක්ෂයක් වටිනාකොට වල්ගය ලක්ෂයක් වටිනාකොටත් මේ නියායෙන් ඇතුට සලක්ෂයක් මිලකොට වඩුවන්ට එපමණ මිලදී ඇතාගෙනයන්ට උත්සහකළත් ඇතා යන්ට මැලිවිය. එවිට රජ්ජුරුවන් විසින් මැලිවන්ට කාරණා කිම්දැයි විචාරන්නා වඩුවන් පන්සියයට පිළිසිදෙන නිසායයි කියන්නාහ. එවිට රජ්ජුරුවෝ වඩුවන්ට පිළිදී එසේත් මැලිවනසෙයින් වඩුවන් විසින් පන්සියයක් බිරින්දන් පන්සියයටත් පිළිදීත් එසේත් පමාවන හෙයින් වඩුවන්ගේ දරුවන් ආදීන්ටත් වැල්වලළු ආදී කර්මාන්තදී ඉක්බිති කිසිකෙනෙකු හන් කොකොට ඉන්දදීම තෙමේම නික්මිනි. එවිට බරණැස් රජ්ජුරුවෝ ඇතා ඇරගෙණ නුවර ඇත්තල දිව්‍යපුරයක් මන් සරහා නුවරට ගෙන්වත් තමන්ට මගුල් සහසනය කොට සලස්වා තමන්ට් ඇතියම්ම පෙරෙහැරක් ඇත්රජ්ජුරුවන්ටත් සලස්වාලා වසස්ථාන දවස්රිනා සමයෙහි ඇත් රජ්ජුරුවන්ගේ ආනූභාවයෙන් ඒ රජ්ජුරුවෝ සිත්ගෙණ වාසය කරන්නාහ. එසමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකා බිසවුන් කුස පිළිසිඳ දසඑකඩ මසක් පුරා වදන අවස්ථාවට එක්තරා ව්‍යාධියකින් බරණැස් රජ්ජුරුවෝ නැසි ගියේය.එවිට අමාත්‍යයෝ රජ්ජුරුවන් මළ පුවත් ඇත්රජ්ජුරුවන්ට කිවොත් ඇත් රජ්ජුරුවෝ නැසියෙති සිතා නොකිවාහ. ඒ අවස්ථාවට කොසල රජ්ජුරුවෝ කාත්නැති රාජ්ජය හෙයින් මාසන්තකයයි කියා ඇවිත් නුවර වටකොටගෙණ රාජ්ජය හෝ දෙව යුද්ධ හෝ කරවයි කියා පත් යව්වාහය. එබස් ඇසු බරණැස් නුවර අමාත්‍යයෝ කියා යවන්නාහු ශාමුද්‍රික දන්නා බමුණෝ බිසවුන් වහන්සේගේ බඩ පිරිමි කුමාරයෙක් සත් දවසකින් බිහිවෙති කිහ. එබස් නියම දත්කල රාජ්ජය දෙතත් යුද්ධ කරත් එවිටයයි කියා කැඩපත් යවුහ. එබස් ඇසූ කෝසල රජ්ජ්ුරුවෝ යහපතැයි කියා ගිවිස්සාය. මේ නියායෙන් ස්ත්දා ගිය පසු බෝධිසත්වයෝ උපන්නාහ. උපන් පසු සේනාව තල්ලු පසු යුද්ධ කරවන්ට වැද පිටතල නැතිහෙයින් සේනාව බිඳ බිඳ අනිලන්නාහ. එපවත් අමා්‍යයෝ බිසවුන්ට පලාගොස් කියන්නාහු පිටබල නැති හෙයින් යුද්ධ කල නොහැක්ක එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ මළ නියාවත් රාජකුමාරයන් වහන්සේ උපන් නිසා ඇත් රජ්ජුරුවන්ට් කියා ඇත් රජ්ජුරුවන් පිටිවහකොටගෙණ යුද්ධ කරම්හයි කීහ. එබස් බිසව අසා යහපතැයි බෝධිසත්වයන් දුහුකල වැදහොවා ගෙණ ඇතාකාරගොස් කියන්නාහු නුඹ වහන්සේගේ යාළුවූ රජ්ජුරුවන් වහන්සේ නැසුනු නියාව නුඹ වහන්සේ ශෝකයෙන් පැලෙතියි සිතා නොකිම්හ. ඒ අවසරයෙන් කෝසල රජ්ජුරුවෝ අවුත් නුවර වටකොට ගත්තෑය. එසේ් හෙයින් නුඹ වහන්සේගේ යාළු රජ්ජුරුවන්ගේ පුතනුවන් මරතත් නුඹවහන්සේම මැරුව මැනව නැවත රාජ්ජය ගෙණදෙතත් දුනමැනවයි කියා ඇතා පාමුල රාජකුමාරයන් ඉඳුවුහ. එවිට ඇත්රාජයන් කුමාරයන් වඩා ඉස තිබාගෙණ අඬා මෑනියන් වහන්සේට පාවාදී සේවාකමට නික්මුනේය. එවිට අමාත්‍යයෝ ඇත් රජ්ජුරුවන් සන්නාහයෙන් සන්නද්ධ කරවා සරහා සතර වාසල් දොර අලහ. එවිට ඇත් සේනාව සමුර්ධියෙන් නුවරින් පිටත්ව කුඤචනාද කොට ඒ ඒ සත්වයන් නොයෙක් තැන ලුහුබඳවා පළමුව රජ්ජුරුවන්ගේ බලකොටුව බිඳ රජ්ජුරුවන් ජීවග්‍රහයෙන් ඉසකේ පත්ගසා අල්වාගෙණ අවුත් රාජ කුමාරයන් දක්වා බොහෝ දෙනම මරන්ට කී ගමනේ මැරීයනොදි ඉනික්බිත් මෙසේ වූ දෙයක් නොකරවයි අවවාද කියා උන්ගේ රටට යවුහ. බෝධිසත්වයන්ටත් සියල්ලන්ගේ සිත් සන්තෝෂකරවා උන් විසින් අලිනඩිත්තයයි නම් තුබුකල්හි සත් ඇවිරිදි අවස්ථාවේ අභිශේකකොට එක්සියයක් රාජධානිවල රජදරුවන්ට නායකව දැහැහෙන් රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මහණෙනි ඒ ඇතුන්ගේ විර්ය බලයෙන් බිලිදු කුමාරයන්ට පාවා රාජ්ජය දුන්නුය එසේ හෙයින් මහණෙනි විර්යම කළමනායයි වදාළ සේක.

මේ දේශනාවගේ අවසානයෙහිදි විර්ය අඩුවූ භික්ෂූන් වහන්සේ සියලු කෙලෙසුන් නසා අර්හත් භාවයට පැමිණිසේක.් ්එසමයෙහි ඒ රාජ කුමාරයන් ගේ මෑනියෝ් නම් මහා මායා දේවියන් වහන්සේය. පියරජ්ජුරුවෝ නම් සුද්ධෝදන රජුය. එර් අජානිය හස්තියානම් මේ විර්ය අඩු වූ භික්ෂූන්ය. ඒ ඇතුට පියවු මහඇත්නම් සාරිපුත්‍ර ස්ථවිරිය, අලිනසන්තු කුමාරව උපන්නෙම් දැන් බුදුවු මම්මයයි වදාරා අලිනචින්ත ජාතකය නිමවා වදාළ සේක.
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.