Skip to main content

152 ගග්ග ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පසේනාදී කොසොල් රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වනලද රාජකරාම යෙහි වැඩ වසන සමයෙහි එක්දවසක් සිව් වනක් පර්ෂිද් මධ්‍යයෙහි වැඩ හිඳ බණ වදාරණ සර්වඥයන් වහන්සේ කිඹිස වදාළසේක. එවෙලෙහි බොහෝ භික්ෂූන් වහන්සේ භාග්‍යවත්වූ බුදුරජානන් වහන්සේ බොහෝ කලක් ජීවත්වන සේක්වයි සුන්දර වූ බුදු රජානන් වහන්සේ බෙහෝ කලක් ජීවත් වන සේක්වයි යනාදින් ආවැඩූහ. මේ නියායෙන් බොහෝ දෙනා වහන්සේ ආවැඩීමෙන් අරගල මහත්ව බණ එදවස් කඩවිය. එපවත් අසා සර්වඥයන් වහන්සේ මහණෙනි ආවැඩීම පමණකින් ආයුෂ බොහෝවේද, අනොවැඩුවෝ ආයුෂමද වේදැයි වදාරා ස්වාමීනි එසේ වූ දෙයක් ඇත්දැයි දැන්වන්නා මහනෙනි එසේවීනම් අද වක් පටන් අනුන්ට ආවැඩුවාට පෙරලා ආවඩීමමක් කළෝද ආපත්තිවන්නේයයි සික්ෂා පද පණවා වදාළසේක. එතැන්පටන් මහළු වරුන් වහන්සේ කිඹිසිකල උපාසකවරුන් ආවඩන්නාහ තමන් අතින් ආවැඩුන් අසාගෙණ මහළුවරුන්වහන්සේ ආනොවඩනසෙයින් ශාක්‍ය පුත්‍රවූ සර්වඥයන් ව්හන්සේ ගේ ශ්‍රාවකයෝ අප ආවැඩු කල අපට ආනොවඩන්නාහයි උක්තාකළහ. එපවත් සංඝයාවහන්සේ දැන සර්වඥයන් වහන්සේ දැන සර්වඥයන් වහන්සේට දැන්නුසේක සර්වඥයෝ ආවඩන්නා අභිප්‍රාය ඇත්තේ වේදැයි වදාරා සික්ෂා පද අරවා වදාළසේක. එවිට භික්ෂූන් වහන්සේ දන්වනසේක්, ආවැඩීමත් පෙරලා ඒ වැඩීමත් කොතැන් පටන් සිට ස්වාමීනි ඇතිවීදැයි විචාරන්නා මහණෙනි පූර්වයෙහිදී ඇතිවීයයි වදාරා ආරාධිත වූ සර්ව=යන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා සෙට්ඨියෙකුට පුත්ව උපන්නාහ. ඒ වෙළඳ තමාගේ පුතා අත කදාවලලු ආදීවූ බඩු පොදියක් දී ඒ ඒ තෙන වෙළඳාම් කොට ගෙණ එන්නේය. එක්දවසෙක සවස් වෙලෙහි බරණැස් නුවරට අවුත් තමන් රෑ ලගින තැනක් නැතිහෙයින් ඒ නුවර මනුෂ්‍යයන් අතින් ආගන්තුක මනුෂ්‍යයන් ලගින්නේ කොතනදැයි විචාළකල්හි මනුෂ්‍යයෝ කියන්නෝ නුවරින් පිටත සාලාවෙක් ඇත. ඊ යක්ෂයෙක් වාසය කෙරෙයි. ඊ ලගිතොත් යවයි කිවුය. එවිට සෙට්ඨියාගේ පුත්‍රයා කියන්නේ පියනන් වහන්ස ඔබම ලගුම්හ යක්ෂයා දමනේලන්ට මටම භාරයයි කිහ. යහපතැයි ගිවිස දෙන්නාම ගොස් සාලාවේ ලැග්ගාහ. එවෙලෙහි බෝධිසත්වයෝ පියානන් වහන්ස් වැදහොත්තද පය මැඩ උන්සේක. ඒ වෙලාවට ඒ සාලාවෙ වසන යක්ෂයාත් දොළොස් අවුරුද්දක් වෙසමුනි රජ්ජුරුවන්ට පැන් ඇද ඔවුන් විසින් අසවල් සාලාව වැදහොත්තවුන්ගේ් කිඹිසිකල ආවැඩුවන් පෙරලා ආවැඩුවන් හැර සෙස්සන් කවයි වරලැබ ඊ ඉඳ ආනොවැඩුවන් කන්නේය. එදවස් රෑ දෙපුතු පියන් නක නිසාත් වස්කප උපන් යක්ෂයා සියුම්ධුලි සිඟිත්තක් ්මැදහෝනා සෙට්ඨියාගේ නාසේ එලාලිය එවිට වැදහොත් සෙට්ඨියා කිඹිස පියාපය මැඩ සෙට්ඨියා ආනොවැඩීය.එවිට යක්ෂයා වස්කපින් බැස ඔහු කරා ගියේය. එවිට බෝධිසත්වයෝ එසේවීනම් යක්ෂයා කිඹිස පුතල ආනොවැඩුනේ් කන්ට එන යක්ෂයෙකැයි සිතා ආවඩන බෝධිසත්වයෝත් අවුරුදු විස්සක් ඉතිරි සියක් අවුරුද්දක් ඉඳිනාසේක්විය මෙසේ ආවැඩීමෙන් ප්‍රේතයෝ මා ලඟට නොඑවත්වයි කියා කීහ. මේ නියායෙන් පුතනුවන්ගේ ආවැඩීම අසා පියානන් කරා ගියේය. එවිට පියානෝත් ආවැඩුවන්ට පෙරලා ආනොවැඩුවන් කන්නාවූ යක්ෂයෙක් වනැයි සිතා පුත තෙපිත් අවුරුදු විස්සක් උතුරා සියක් අවුරුදු ආයු බොහෝ වේවවි තොපට මා ආවැඩීමමෙන් ප්‍රෙතයෝ මා කරා නොඑත්වයි කියා කිය එවිට යක්ෂයා දෙන්නාම ආවැඩුහෙයින් බැනනොනැගී සිටියේය. බෝධිසත්වයෝ කියන්නාහු යක්ෂය තෝ ආදිත් බොහෝ පව්කොට යක්ෂව උපන දැනුත් ප්‍රාණඝාත කොට පෙරලාත් දුක් විඳින්නෙහිය එසේහෙයින් තෝ අඳුරෙන් අදූරට ගියා සරියයි කියා ඕ හට බොහෝ අවවාද කියා පන්සිල් ද යක්ෂයා දමනේලුහ. එපවත් බොහෝ දෙනාට කීය. එවිට රජ්ජුරුවෝත් එපවත් අසා සතුටුව මෙසේ වූ පුරුෂයෝ සියලු කටයුත්තෙහි සපන් නුයයි සිතා සෙනෙවිරත් ධුරයට තබා ගත්හ. බෝධි සත්වයන්ගේ පියානුන්ටත් බොහෝ සම්මාන දුන්නාහ. යක්ෂයාටත් දේවාලයක් සලස්වා බලිපිදේනි දෙන නියායෙන් පණත්කොට බෝධිසත්වයන්ගේ අවවාදයෙන් දැහැහෙන් සෙමෙන් රාජ්ජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියායයි වදාරා,
එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් ධර්මභාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථිවිරයයෝය. බෝධිසත්වයන්ට පියව උපන් සෙට්ඨියානෝ නම් ධුතාංගධරයන් කෙරෙහි අගතැන්පත් වූ මහා කාෂ්‍යප ස්ථවිරයෝය. එසමහයෙහි යක්ෂයා දමනය කළාවූ සෙට්ඨියානෝ නම් ලොව්තුරා බුදුවූ මම් ම වේදැයි වදාරා ගග්ග් ජාතකය නිමවා වදාළසේක.
උපුටා ගැනීම- www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.