150 සූකර ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් දවසක් සවස ගඳකිළියෙහි දොර වැඩසිට මහළුවරුන් වහන්සේට අවවාද කොට සමුදී වදාළ සේක. සැරියුත් මහසාමින් මුගලන් මහසාමින් බුදුන් වැඳ තම තමන් වහන්සේගේ විහාරවලට වැඩිසේක. ඉන් මුගලන් සාමින් වහන්සේගේ ගණයේ යම්තමක් සැතපී සැරියුත් සාමින්ගේ ගණයට ගොස් ප්‍රශ්න විචාරමි සිතා සැරියුත් සාමින්කරා අවුත් ප්‍රශ්න විචාළසේක. උන් වහන්සේත් බණ පලගටනැගි විජිනිපත්‍රයක් ගත් අත් ඇතිව වැඩහුන් සේක් මුගලන් සාමින් විචාළ ප්‍රශ්න ආකාශයේ පුන් සඳ මඩල ඔසවා පාන්නාක් මෙන් විස්තර කොට වදාරණ සේක. උන් වහන්සේගේ ප්‍රශ්නවිචාරීම් හා උන්වහන්සේගේ ප්‍රශ්න කිම් ඇසීම් බොහෝ භික්ෂූ භික්ෂූණින් උපාසක උපාසිකා යන සිව්වනක් පර්ෂිත් දෙදෙනා වහන්සේම් වදාරණ බණ කථා අසා උන්නාහ. ඒ වෙලාවට මාළුතෙරුන් වහන්සේ සිතන සේක් මෙසේවූ වේලේ මමත් කටට ආවක් කියා ප්‍රශ්ණයක් කොට විචාරා උන්වහන්සේට කියාගත නුහුනුකල මෙතනසිට බොහෝ මනුෂ්‍යයෝත් මුන්වහන්සේට කියාගත නුහුනුකල මෙතැන සිට බොහෝ මනුෂ්‍යයොත් මුන් වහන්සේ විනය නොදන්නා නුවනැති නමෙකැයි සිතා මට සත්කාර කරන්නාහයි සිතා සැරියුත් සාමින් ලඟට ගොස් ඇවැත්නි ශාරිපුත්‍රස්ථවිරයෙනි අපිත් ප්‍රශ්ණයක් විචාරන්ට අවසරදැයි කීයන සේක. ආවෙධි කාසාවා නිබේබෙදී කායාවා නීග්ගහෙවා විසේසොවා පටිවිසේසෙවා ආහ යි කියා මේ කාරණය කීසේක. එබස් සැරියුත් සාමි අසා මේ මාළු භික්ෂූහූ තමන් කටට ආදෙයක් කිවුය. මුන්සේවුවත් ප්‍රශ්න විචාරන්නේ අප ඉඳිනේ ඇයිදැයි සිතා විජිනිපත්‍රය
දණ්ඩාසනයෙහි තබා වැඩහිඳිනා ගණය ඇතුලට වැඩපූසේක. මුගලන් සාමීන් තමන්වහන්සේගේ වැඩහිඳිනාගණයට වැඩපු සේක. එවිට එතනට එක්වූ බොහෝ උපාසකවරුන් ඒ දෙදෙනාවහන්සේගේ මිහිරි බණ මුන් වහන්සේ නිසා අඛඬවීයයි පෙළුමුගුරුගෙණ ලුහුබඳවාගත්හ. උන් වහන්සේ්ත් භයින් දිවනසේක් පොරු දිරාගිය පරණ නානා ගෙයක වැටී අසූචි වැකුණු සැරිර ඇතිව පිළිකුල් බවට පැමිණිසේක. එපවත් දැක උපාසකවරු මධ්‍යම රාත්‍රීකාලයෙහි බුදුන්කාරා ගියාහ. සර්වඥයන් වහන්සේ උපාසකරුන් නොවේලේ ආයේදැයි විචාරා එපවත් අසා පළමුත් උත්තමයන් හා සරිවන නියා අසූචී ගැවසුනු සැරීර ඇතිවුයේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ සිංහව ඉපිද වනයේ වාසය කරන්නාහ. එසමයෙහි ඌරු සමූහයක් විලක් සමීපයෙහි ගොදුරු කා වසන්නාහ. එතනම තාපසවරුන් වහන්සේ වාසය කරණ සේක. එසමයෙහි බෝධිසත්වයෝ සිංහව ඉපිද වනයේ වාසය කරණ සේක.එසමයෙහි සිංහයෝ ගොදුරු කා පැන් බොන නිසා ඌරන් වසන විලට බට ඒ වෙලාවට මහත් ඌරෙකු ගොදුරු කා විල සමීපයෙන් යන්නාවූ දැක සුවසේ මූ කමි සිතා අද මූට නොපෙණී යන්නට මැනව මා අද දුටු නම් පසුවදවසෙක නොපැණෙන්නේයයයි සිතා ඌරාට නොපෙනී අනික් තොටකින් ගෙඩනැගී සිටිකල ඒ ඌරා සිංහයා දැක තමාට භයින් යෙති සිතා කියන්නේ යාළුව මමත් සතර පයක් ඇත්තෙක්වෙමි. තොපටත් සතරපයක් ඇත්තෙහිය. එසේ හෙයින් තොප මා දැක නොගොසින් මා කරා එවරැයි වාසි කියා පරදවා බස් කීය. එබස් සිංහයා අසා අද මට බැරිය අදට සත්වෙනිදා තොප හා මා හා යුද්ධයක් කරම්හයි කියා ගියේය. එවිට ඌරු තමාගේ ඌරු රැසට කිය. ඌරෝ එවිට කියන්නෝ තාගේ බල නොදැන සිංහයන් හා කැටුව යුද්ධ කෙරෙමියි කියා තා සලසා ගත්හෙයින් ඉදිරියේ මේ ඌරන්ට විනාසය තා නිසායයි ඌරෝ අසා භයින් තැතිගෙණ මේ ඇමදෙනාම එක්ව මට උපායක් කියවයි කිය. එවිට එසේවීනම් මේ සත්දා මුළුල්ලේම තාපස වරුන්ගේ නාන ගෙවල්වලට ගොසින් අසූචි ශරීරය මුල්ලේ තවර තවරා වියලාගෙණ ඇමදෙනා එක්ව උඩුසුළඟේ් සිටිනා අසූචි ගන්ධය අසා සිංහයෝ පැරද පලායෙයි කියා ඌරෝ එක්ව මේ උපාය කිවුය. ඌරාත් එලෙසම කොට සත්වෙනි දවස් ඇවිත් උඩුසුලගේ සිටියේය. සිංහයා එතනට අවුත් ඌරු සිටිනා නියාව දැක තා විසින් සිතූ උපාය යහපත නැත්නම් තා මරා පියන්නෙම්වේද මෙවිට තා අතින් අල්ලන්ට හා පයින් අල්ලන්ට හා කටින් අල්ලන්ට හා කැතවුව එසේ හෙයින් ජය තොපටමයයි කියා සිංහයා පලා ගියේය. ඌරුත් තමා ජයගත් නියාව තමාගේ රැලට කියා ඊට සතුටුව සිංහයන් අප කෙරේ කිපුනේය. අපට මෙතන ඉන්ට නපුරැයි කියා ඔබ්බට ගියාහයි වදාරා එසමයෙහි ඌරා නම් භික්ෂූය. සිංහව උපන්නෙම් බුදුවූ මම මයයි වදාරා මේ සුකර ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

151 උරඟ ජාතකය
149 චතුත්‍ර්‍ථ සිහාල ජාතකය

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.