147 සංෂවක ජාතකය

තවද සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි අජාසත් රජ්ජුරුවෝ දුස්සීල පාපීවූ දේවදත්ත ස්ථවිරයන් කෙරෙහි පැහැද ගයා නම් ගඟ හිස පන්සලක් කරවා උපස්ථාන කරන්නාවූ උන්ගේ බසින් බුදුන්ට නාලාගිරියා මෙහෙයිමෙන් විදින්ට දුනුවායන් යවීම් ආදීවූ බුදුන්ට බොහෝ අනත්‍ර්‍ඵකරවා සෝවාන්වූ ධර්මිෂ්ටවුපියම්හ. රජ්ජුරුවනුත් දේවදත්ත ස්ථවිරයන්ගේ බසට මරවා දේවදත්ත ස්ථවිරයන් පොළොව පලා ගිලුම්හයි ඇසූ දවස් පටන් දේවදත්ත ස්ථවිරයන් පොළොව ගිළුකල් උන්ගේ බස් නියාවට පිළිපන් මටත් එසේ පැමිණේයයි සිතා රෑ දවල් භයට පැමිණ දිවාමානයේ සැපසේ දවසැර රාත්‍රිමානයේ සැපවේදෝහෝයි සිතා වැදහොත් කලක් පොළොව පළාගෙණ යන්නාසේ නරකයෙහි ගිණිදැල් ඇඟට වැද ගන්නාසේ ස්වප්නයෙන් දක්නා විසින් බොහෝ භයට පැමිණ බෙල්ල කරකවා අව්වට දැමූ කුකුලෙකුසේ රෑ දවල් භයට පැමිණ රාජ ඵෙශචය්‍ර්‍ය කෙතෙක් දුටු ස්වප්න විචාරන්ට තද සිතිවිලි ඇතිව බුදුන් දකින්ට යෙමි. එදවස් ජීවකයන්ට ලැජ්ජා ඇතිව ව්‍යාජයෙන් කියන්නාහු. අමාත්‍යයෙනි සඳ පහණ දවාලක්සේ දුනු පන්සාළිසෙක එපිට තුබූ කප විද්දහැකි මේ සඳ පහණ ඉතා ප්‍රසන්නයහ, ඉතා නිස්කලංකයහ, ඉතා මනෝඥයයහ, ඉතා රම්‍යයහ, මෙසේවූ වේලෙහි නිකම් මෙතන ඉඳ කරන්නේ කිම්ද යහපත්වූ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙණෙකුන් කරා ගොස් බණ දහම් අසන්ට යන්ට අභිප්‍රා ඇත, කව්රුන් කරා යමෝදැයි විචාළහ, ඒ ඇසූ අමාත්‍යයෝත් තමන් භක්ති ගත් සැලැස්ම කියන්නාහු. නිවටුන්ගේ ගුණ කියන්ට වන්නාහ, ඉන් එකෙක් කියන්නේ පුරාණ කාශ්‍යප නම් මකඛලිගෝසාල නම් බුදුන් කරා ගියොත් යහපතැයි කීහ. අනිකෙක් කියන්නේ උන්නියාවට අජිතකෙසකම්බල නම් බුදුන් කරා ගියොත් යහපතැයි කිව, අනිකෙක් කියන්නේ කකුධකාත්‍ය යන බුදුන් කරා ගියොත් යහපතැයි කීය, අනිකෙක් කියන්නේ සජයබෙල්ලඨිපුත්‍ර නම් බුදුන් කරා ගියොත් යහපතැයි කීහ. අනිකෙක් කියන්නේ මෙකී බුදුන් ඇමදෙනා නියාවට නිඝණඨනාථ පුත්‍ර නම් බුදුන් කරා අපගේ යාම යහපතැයි කීහ. මේ නියායෙන් නිවටුන් වැනි කොල්ලන් ඇරගෙණ තම තමන්ට කටට ආවාක්ම කීවාහ. රජ්ජුරුවෝ උන් කියන බස් නොඅසා ඉඳ ජීවකයන් විසිනුත් මා නිසා යම් කථාවක් උපන්නේයයි දැන ගණත් බැණ නොනැගී උන්නාහ, එපවත් රජ්ජුරුවෝ දැන ඇයි කුමාර භාණ්ඩකවූ ජීවකයෙනි මෙතෙක් දෙන තම තමන්ගේ භක්ති ගත් බුදුවරුන් කීයේය, තොප බැණ නොනැගී ඉඳිනේ තොප භක්තිගත් බුදුකෙණෙක් නැද්දැයි කීය. එවිට ජීවකයෝ ඒ අසා උනස්නෙන් නැගිට බුදුන් වසන දිසාවට වැඳ බුදුන්ගේ නව හරහාදී ගුණ කියා මෙසේ ගුණ ඇති සර්වඥයන් වහන්සේ මාගේ අඹ උයනේ එක් දහස් අටසියයක් භික්ෂූන්වහන්සේ පිරිවරා ගෙණ වැඩහිඳිනාසේක්. දකින්ට වැඩියොත් යහපතැයි කීය. ඒ පවත් රජ්ජුරුවෝ අසා ඉතාම හොඳය. ඒ නියාවට ඇත්වාහන හා සේනා සමුර්ධිය කරවයි කියා ඒ නියාවට සේනා සමුර්ධිය කරවාගෙණ මහත්වූ රාජ ඓශචය්‍ර්‍යයෙන් බුදුන් කරා ගොස් ඇතු පිටින් බැස ගණයට අවුත් සකස්ව හැඳ පෙරව මනා ඉඳුරන් ඇතිව අතක් පයක් සැලීමක්වත් මෙතෙක් දෙනා වහන්සේ ඉඳිනාතෙන කැස පිහන පමණක්වත් නැතිව මනාව වැඩ උන්නා දැක සතුටුව සංඝයා වහන්සේ පළමුව වැඳ පසුව බුදුන් වැඳ එකත් පස්ව හිඳ ප්‍රශ්න විචාරන්නා කැමැත්තෙියි දැන්වීය, යහපත මහරජ ප්‍රශ්න විචාරවයි වදාළ කල්හි රජ්ජුරුවන් විසින් කියන්නාහු ස්වාමීනි මහණදම් පිරීමෙන් ලැබෙන ආනිසංස කුමක්දැයි විචාරන්නා දෙබනවරකින් හා පන්සියයක් ග්‍රන්ථ සංඛ්‍යාවෙන් යුත් සාමාන්‍ය ඵල සූත්‍රය වදාරා රජ්ජුරුවන් විසින් බුදුන් වැඳ ස්වාමීනි මා නොදැන කළ ද්‍රොහ ඉවසා වදාරන්නේ යහපතැයි ක්‍ෂමා කරවා ගෙණ ගියාහ. සර්වඥයන් වහන්සේත් භික්ෂූන් වහන්සේට මහණෙනි අජාසත් රජ පිතෘඝාත කර්මය කොට අසත්පුරුෂයා හා එක්වීමෙන් තමන් තමාම නසාගත් හෙයින් මිස නැත්නම් අදම සෝවාන් වන්නේයයි වදාල සේකි, දෙවෙනි දවස් දම්සභා මණ්ඩපයෙහි රැස්වූ මහළුවරුන් වහන්සේ අජාසත් රජ අසත්පුරුෂයා නිසා ලාභයකින් පිරිහී ගියේවේදැයි වදාරා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පළමුත් අසත්පුරුෂයන්ට සහායව අනත්‍ර්‍ඵය සලස්වා ගත්තේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බරණැස් නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන ගාවාට ඇවිත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙණ ගෙණ අවුත් බරණැස් නුවර දිසාපාමොක් ආචාරීන්ගේ පන්සියයක් අතවැස්සන්ට අකුරුකරවා වාසය කරන්නාහු. ඉන් එක් සංජීවක නම් මානවකයෙකුට මලමිණිමන්ත්‍රය පිරුවා දේවතානුභාවයෙන් උපද්දා කීප අඩියක් ඇවිදිනා පමණට මන්ත්‍රය ඉගැන්වූහ, ලඟට ආ කළ නවතන මන්ත්‍රය නීගැන්වූහ. එසමයෙහි ඒ ශිෂ්‍යයා ඇතුළු වූ පන්සියයක ශිෂ්‍යයෝ වලට දරකඩා ගියාහ. එවිට ව්‍යාඝ්‍රයෙකු උපද්දා දෙම්හයි කීහ. අතවැස්සන් එනම් දෙයක් කවරකලකත් බැරියයි කියන්නා එසේවීනම් බලවයි කීය. මන්ත්‍රපිරුවන්ට පටන්ගත්හ, සෙසු අතවැස්සෝ කවුරු දනිද්දැයි කියා ගස් උඩට පැන නැන්ගාහ, ඒ තෙමේ මන්ත්‍රය පිරුව පිරුවා ගල් දැම්හ, එවිට ව්‍යාඝ්‍රයා නැගී සිට මන්ත්‍රය පිරූ තෙනැත්තහුගේ බෙල්ල කඩා මරා තෙමේත් එතනම වැටී ගියේය, සෙසු අතවැස්සෝ දරකඩා ගෙණවුත් ආචාරීන්ට කීහ. එපවත ඇසූ ආචාරීන් ශිෂ්‍යයන් ලඟට කැඳවා අසත් පුරුෂයාට සංග්‍රහ කිරීමෙහි විපාක ලද්දේ වේදැයි දැහැමෙන් සෙමෙන් සුචරිත පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝවේදැයි වදාරා එසමයෙහි සංජීවක මානවකයා නම් අජාතසතෘ රජය, එසමයෙහි බරණැස් නුවර දිසාපාමොක් ආචාරීව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයි වදාරා සංජීවක ජාතකය නිමවා වදාළසේක. ගද්‍රහ ජාතකය, ජන්නුපථ ජාතකය, අමරාදේවි ජාතකය, සිරිකාලකන්නි ජාතකය, කාකන්ට ජාතකය ආදීවූ උමන්දා ගාථා ඇති ප්‍රශ්න අනතර්‍ගතවූ ජාතකයන් මහ උම්මග්ග ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය.
උපුටා ගැනීම – www.jathakakatha.lk

148 රාජොවාද ජාතකය
146 රිරොචන ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.