145 තෘතීය සිහාල ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි අළුත මහණවූ පන්සියයක් දෙනාවහන්සේ මද්Ȁධ්‍යම රාත්‍රියෙහි කාම රාගයක් ඉපදවූසේක. ඒ වේලාවේ සර්වඥයන් වහන්සේ මේ වේලාවට මාගේ භික්ෂූහු කුමන සිතිවිලි සිතත් දෝහෝයි මහා කරුණා සමාප්තතියෙන් බලා වදාරණසේක්. ඒ පන්සියයක් භික්ෂූන්ට රාගවිතකියක් උපන්නියාව දැක චක්‍රවර්ති රජ්ජුරුකෙණෙකුන්ගේ නුවරට සතුරුකෙණෙකුන් වන්නාසේ මා ඉන්නා ජේතවනාරාමයෙහි ඉන්නා වහන්දෑට උපන් විතර්‍කය මා විසින් බණකියා රාගචිතතය දුරුකොටපියන්ට උවමැනවැයි සිතා ආනන්දයයි වදාළසේක. ආනන්දසාමි බුදුන්ට අත්පාමෙහෙවර කරණ පස්විසි අවුරුද්ද මුළුල්ලෙහි බුදුන්කෙරේ රාත්‍රි රැකවල් පිණිස අහෝ රාත්‍රියෙහි අත්වැට පහන්ගත් අත් ඇතිව ඇවිදිනාසේක. එසේහෙයින් බුදුන් අඬගෑ අඬ අසා ඇයිද සාමිනි කියා ලඟට ආසේක. සර්වඥයන්වහන්සේ සිතා වදාරණසේක්. රාගචිතතය උපන් පන්සියයක් දෙනා වහන්සේ ගෙන්වාගෙණ බණ කීම් නම් අපට උපන් සිතිවිල්ල සර්වඥයන් වහන්සේට දැනීනැයි සිතා භයපත්වන්නාහ. භයපත්වූකල සිතහෙලා බණ නොඅසන්නාහ. සිතහෙලා බණ නොඇසීමෙන් අධිගමයට නොපැමිණෙයි සිතා වදාරා සාමාන්‍යයෙන් ඇමට බණකියමි සිත ජෙතවනාරාමයෙහි වසන භික්ෂූන් එක්කරවයි කියා වදාළසේක. එපවත් ඇසූ ආනන්දසාමි යතුරු කෙසි මුදු ඇරගෙණ ගෙයක් ගෙයක් පාසා ගොස් දොර දොර ඇර එපවත් කීසේක. එපවත් ඇසූ මහළුවරුන්වහන්සේ ජේතවනාරාමයට වැඩිසේක. භික්ෂූන් වහන්සේ රන් පර්වතයක් රත්පලසකින් වසනකලක් පරිද්දෙන් වත්පිළිවෙත් දක්වා වැඩඋන්සේක. සර්වඥයෝත් නීල පීත ලෝහිත අවදාත මාංජෙෂටප්‍රභාසවර යයි යන සවනක් ඝණ බුදුරැස් ආකාශයෙහි විහිදුවා හිරු දහස් සඳ දහස් නැන් ගාසේ ඒකාලෝකකොට වැඩහිඳ බණවදාරණසේක්. මහණෙනි භික්ෂූන් විසින් කාම විතර්‍ක ව්‍යාපාදවිතර්‍ක නොසිතිය යුතුය, ස්ත්‍රීන් විෂයෙන් සිතිවිලි යම්තමක් සිතුවත් බොහෝ අකුසල් පිරෙයි කාරණා කිම්ද සර්පයෙක් කඩා කෑ මුඛය යම්තම් වචනයක් වුවත් සියළු සර්වාංගයම විෂමූර්ජාවෙන් නසා පියන්නේය. ගින්නක් යම්තම් උවත් බොහෝදෙය දවා භෂම කොට පියන්නේය, එකසෙනක් ගැසූතෙනක බොහෝ ගස්කොලන් දවා භෂම කොට පියන්නේය, පචකාමයෙහි සිතිවිල්ලත් එවැන්න මෙහි ඇල්මක් කිරීම ඇත්මයෙහි ඇල්ම කොට කරණහිලාටවූ දුක්වැන්නේයයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ සිඟාල යෝනියෙහි උපන්සේක. එසමයෙහි එක් ඇත්මිණියක් බෝධිසත්වයෝ දැක මාගේ දිවි හිමියෙන් කන්ට ඇතැයි සිතා කැණහිල් ගොස් ඇතු සොඬ ඩෑලිය නගුලිසක් ඩෑ කලක්මෙන් වූයේය, දල ඩෑලිය හරයක් ඩෑවාසේ තුබුයේය, බඩ ඩෑලිය අටුපලලක් ඩෑවාසේ තුබූයේය, ගුදය ඩෑයේය, තෙල්කැවුමක්සේ තුබූයේය. එසේ තිබෙන්නාවූ තැනින් මොලොක් මසක් ලදිමි සතුටුව කකා බඩටවැද සැපසේ මාංසත් කෑ හැක්ක පැනට මාරුව ලෙත් පියහැක්ක අක්මා පපු ඉසට ලාගෙණ ඇත් සමපිට වැද හෝනටත් හැකිය. එසේහෙයින් ඔබ්බට ගොසින් ජීවත් වීමෙන් ප්‍රයෝජනයකින්ද මෙතෙන ඉඳ ජීවත්වෙමි සිතා එලෙසම කා බි දවස්හරින්ටවන, ඒ අවදියට නියඟයක කොට ඇත්සම වියලෙත් වියලෙත් වලිමග ඇසිර ගියේය, ඇතසම වියලෙන්න මාංසත් තදව ගියේය. ලෙත් සිඳී ගිය ලොකනතරක නරකය මෙන් මහා අන්ධකාරවිය. මහත්වූ උෂ්ණ පවතින්ටවන. කැනහිල් මහත්වූ භයට පැමිණ ගැලවීයන උපායක් ඇද්දෝහෝයි වටම දිව ඒ ඒ තැන හිස ඇන ගැලවී යන මගක් නොදැක මහත්වූ භයින් තැවිතැවී ඉඳීය, එක්තරා වැස්සෙක් වැස වලිමග තෙමී තරුවක්සේ එලියපෙණින. ඒ වේලාවෙහි කුම්භස්ථලය දක්වා පසුබැස මහත් වේගයෙන් පිටතට දීවෙමියි පීනාහු, එකල්හි කැණහිළුගේ සර්වාංගය ඉදී තිබූහෙයින් සියළු ලොම්ම වලිමග ඇලින, කැණහිලා ලොම් ඇරී තල්කඳක් මෙන් මෑත්ව බිය නැත්තේ සිතන්නේ මාගේ තෘෂ්ණාවේ අධිකයෙන් මෙසේ විනාසයට පැමිණියෙමි, මෙයින් මතු ඇත් කුණු නොකම්යි අධිෂ්ඨාන කොට එතැන් පටන් කොට ඇත්කුණක් නොකෑයේයයි වදාරා චතුස්සත්‍යය වදාළසේක, ජාතකය අවසානයෙහිදී පන්සියයක් භික්ෂූන් වහන්සේ සියළු කෙලෙසුන් නසා අර්‍හත් මාර්ගයට පැමිණිසේක. සෙසු බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සැදැගාමී අනාගාමී තුන්මග තුන්ඵලයට පැමිණිසේක. බොහෝදෙනාට ධර්මය අභිවෘද්ධිවිය, එසමයෙහි කැනැහිල්ව උපන්නේ ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා මේ සිඟාල ජාතකය නිමවා වදාළසේක.

146 රිරොචන ජාතකය
144 රිතීය පුෂ්ප රත්න ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.