Skip to main content

142 රාධ ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පුරාණ දූතිකාවක් කෙරෙහි ලෝභකළාවූ භික්ෂුකෙනෙකුන් වහන්සේ නිසා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්තමාන කථාව මතු කියන ලද ඉන්ද්‍රිය ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. මෙහි උකටලීවූ භික්ෂුන්වහන්සේ පෑ ගමනේ සර්වඥයන් වහන්සේ විසින් පළමුත් තොපි මුන්ගේ අනාචාර වලකා ගත නුහුනු කල දැන්නම් පිළිවන්දැයි තමාගේ ඉචඡාවේ ලාගතනොහෙන ස්ත්‍රීන්ට තා උකටලීවනු කරණා නොවෙයි කියා ආරාධිතවූ සර්වඥයන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ගිරායෝනියෙක උපන්නාහුය. එසමයෙහි එක්තරා බමුණෙක් බෝධිසත්වයන්ගේ මල්වූ ගිරාපැටියෙකුත් බෝධිසත්වයනුත් වඩාගෙණ ගමට අවුත් බෝධිසත්වයන් වහන්සේට පොටඨපාදයයි කියාත් මලනුවන්ට රාධයයි කියාත් නම් තබා දරුකොට වඩන්නාහ. එසමයෙහි බමුණා වෙළදාමක් නිසා ඔබ්බට යන්නේ තමාගේ ගිරා දරුවන් දෙන්නා ලඟ ඉඳුවා කියන්නාහු තොප මව් බැමිණිය විසින් නොකටයුත්තක් කරතොත් තොපි අවවාද කරවයි කියන්නා අවවාද කියා නවත්වනු හැක්කේ වීනම් කියමි බැරියේ වීනම් බැනනොනැග ඉඳිමි කියා කීහ. බමුණාත් තමා යන වෙළඳාමට ගියේය. එවක් පටන් බැමිණියගේ ගෙට එන්නන් යන්නන්ගේ අවසරයක් නැතිවිය. එවිට බෝධිසත්වයන්ගේ මලනුවෝ බෝධිසත්වයන් ලඟට අවුත් කියන්නාහු පියානන් වහන්සේ යන ගමනේ අවවාද කියන්නට වේදැයි කියාලා ගියේය. අවවාද කියා බලම්හයි කියන්නා එවිට බෝධිසත්වයෝ කියන්නෝ මලඬ තොප බාල විසින් නොදැන කියන බස්ට පෙරයම් දසපැයට මේ ගෙට වන්නාවූ ගණන් නැත. අනික් විසිපැයේ ගෙට වදනවුත් ගණන් නොදැනෙයි එසේවූ ස්ථානයෙහි කුමන අවවාද කියන්නේද බැණ නොනැගී ඉඳුවයි මයිලනුවන්ට අවවාද කියා උන්නාහ. එසේ සිටි නොබෝ දවසකින් බමුණු ආයේය. බමුණු ඇවිත් බෝධිසත්වයන් අතින් බැමිණිගේ දුරාචාර කුමක්දැයි විචාරන්නා ගිරවානෝ කියන්නා දුරාචාර අප්‍රමාණය, මෙසේවූ දුරාචාර කරන්නේ නුඹ වහන්සේ කෙරේ අභිප්‍රාව නැත්තෙන් නොවේද එසේවූ තැනැත්තිය ගෙයි තිබාගෙණ ඉන්නේ කින්දැයි කියා නැවත කියන්නාහු. මේ දෝෂය කී වේලේ පටන් අප මෙතන ඉඳීම කාරණා නොවෙයි සිතා මලනුවනුත් ඇරගෙණ පිය බ්‍රාහ්මණයාගේ දෙපතුල් වැඳ ආකාශයට වැද වනයට ගියෝයයි වදාරා, එසමයෙහි බැමිණි නම් පුරාණ දූතිකාය, බමුණා නම් මේ කියන භික්ෂූය, රාධ ගිරවානෝ නම් ආනන්ද ස්ථවිරයෝය, පොටඨපාද ගිරවානෝ නම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා රාධ ජාතකය නිමවා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.