136 උභය භ්‍රෂ්ට ජාතකය

තවද සර්වඥයන්වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව මහළුවරුන්වහන්සේලා කථාවක් උපදවනාසේක්. දේවදත්ත ස්ථවිරයෝ බුදුන් වදාළ ප්‍රතිපත්ති නුපුරා ඉන්න විසින් භික්ෂූහූ නොවන්නාහ, ගිහිව සිට ලබන ලද ලාභයෙනුත් පිරිහුනාහ, මහණව සිට ලබන්නාවූ අධිගම ආදීවූ ලාභයෙනුත් පිරිහුනාහ, එසේහෙයින් දෙකෙළවර ගිණිවැද ගෙණ මධ්‍යයේ අසූචි ගෑවුණු දණ්ඩක් සෙයින් අභව්‍ය, දේවදත්ත ස්ථවිරයෝ උභයභ්‍රෂටවූවයි මේ කථාව කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව හුනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි දේවදත්ත ස්ථවිරයෝ පළමුත් උභයභ්‍රෂටයෝ වේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ පිටිසර ගමක බැද්දේ විලක් ගාවා ගසක වෘක්ෂ දේවතාව උපන්සේක. එසමයෙහි එක්තරා බිළිවැද්දෙක් තමාගේ පුතු කැඳවා ගෙණ ඒ විල සමීපයට අවුත් ඒ විල බොහෝ මසුන් ඇති හෙයින් බිළිය දමාලීය. ඒ බිළිය ගොස් මහා කණුවක ඇවිලින ඇදගත නොහැකි විසින් කෙවුළු සිතන්නේ මහා කුඩමස්සෙකැයි සිතා පුතා අත ගෙට කියා යවන්නේ තොපගේ මෑණියන් අසල ගෙයි ඇත්තන්ලා ඩබරකන්ට කියාලවයි කියා යවා තෙමේ බිලීකටු ඇදගත නොහැකි විසින් කැඩෙයි යන භයින් ඉනකඩ ගොඩ තිබා මසු අල්වම්යි දියට බැස දියෙහි අතපතඟා ඇවිදිනා කල දියෙහි තිබූ කණු දෙකක් දෑස ඇනී ඇස් දෙක නැසින. ගොඩ තිබූ ඉනකඩ මග යන හොරෙක් ඇරගත. පුතාගේ බස් අසා මව් දබර උපදවා ගන්නා උපායක් උවමනා විසින් එක් කණෙක තල්පතක් තබාගෙණ එක් ඇසෙක බඳුන් කබල්ලේ දැලිගෙණ පිරිමැද ගාගෙණ පිරිය ඇති පුතෙකුගේ බළුකුක්කෙකු වඩාගෙණ වියරු උනු කෙනෙකු මෙන් අවුනැයි කියන්නා වියරු උනෙන් නොපවිනා මා වියරු උනේ නැතැයි බසින් බසට දබර බෝවනමෝ ගම්මුදලියාට කී දබර එලවමි කියා ඇරගෙණ ගොස් ගම්මුදලින්ට පැමිණියාය. ගම්මුදලි යුක්ති විචාරා ඈටම වරදයයි කියා දඩ සලස්වා මරා තළා දඩ ඇරගත්තාහ. එවිට කෙවුල් දියෙන් ගොඩට නැගී අතින් ඇස වසාගෙණ කඩ සොයා ගොඩ නොදැක සිටියේය. ඒ වේලාවට බෝධිසත්වයෝ වෘක්ෂයෙන් පිටත්ව කියන්නාහු කෙවුල තාගේ අඥානකමින් දිය කළමනා කටයුතතෙනුත් දියට බැස ඇස් දෙකත් නසාගෙණ ගොඩ තිබුණ ඉනකඩත් නුවූයේයයි අවවාද කී යුක්තියෙන් දබර කොට තොපගේ බිරින්දෑ මරා ගෙයි තිබූ සම්පතතියෙනුත් ප්‍රයෝජන නුවූයේය. එසේහෙයින් දියෙන් කළමනා කටයුත්තෙනුත් ප්‍රයෝජන නුවූයේය. අවවාද කියා අනතර්‍ඩන වූහයි වදාරා, එසමයෙහි ඇස නසාගත් කෙව්ලා නම් දේවදත්ත ස්ථවිරයෝය, වෘක්ෂ දේවතාව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා උභයභ්‍රෂට ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

137 කාක ජාතකය
135 ගොධ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.