131 පඤ්චගරු ජාතකය

තවද සර්වඥයන් වහන්සෙ ජේතවනාරාමයේදී අජපාල නිග්‍රෝධ සූත්‍රය වදාළසේක. එදවස් සංඝයා වහන්සේ දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ හිඳ කථා කරණ සේක්. ඇවැත්නි සර්වඥයන් වහන්සේ විසින් අජපාල නිග්‍රෝධ මූලයෙහිදී තණ්හාය අරතීය රගාය යන මාර ස්ත්‍රීන් තුන්දෙනා විශිෂ්ඨ රූ මවා ගෙණ බුදුන් පොළඹවන්ට ආ ගමනේ බුදුන් විසින් කර ඔසවා ගත් නොබලන ලද. එසේ විසින් මේ නියා රූපශ්‍රීයක් දැක වැඩහුන් නියාව යහපතැයි කියා කථා කොට වැඩහුන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන් මහණෙනි මා විසින් සියලු කෙලශයන් නසා ලොව්තුරා බුදුවූ ජාතියෙහි ස්ත්‍රී වසඟවූවා කුමක්ද අපූර්වද අබුඬොත්පාදයෙහි බෝධිසත්වයන් නුමුකළ නුවණින් දවස අරණ සමයෙහි පවා ස්ත්‍රී වසඟව නුවමෝදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ට රාජකුමාරවරුන් පන්සියයක් ඇතිවූ නියාවද බෝධිසත්වයන් ඇමටබාලව ඉපද පසේ බුදුන් අතින් කවරදා මට රාජ්‍යය ලැබේදැයි විචාළ නියාවද පසේබුදුන් විසින් සත් දවසකින් තක්සලා නුවරට ගියානම් රාජ්‍යය ලබයි කී නියාවද අමාත්‍යයන් පස් දෙනෙකු එක්ව ගොස් පඤචකාම තෘෂ්ණාවෙන් යකින්නට ගොදුරු වූ නියාවද බෝධිසත්වයන් පස්සේ යකින්න එලවාගෙණ ඊම ආදී ගාන්ධාර නුවර ශාලාවක වන්නියාවද ගන්ධාර නුවර රජ්ජුරුවන් නුවරට ඇතුපිටින් වඩිමින් සිට බෝධිසත්වයන් එපයි කියව කියවා යකින්න ඇරගෙණ රජගෙට ගිය නියාවද එදවස් රෑ තමාගේ යක්ෂ විමානයට ගොස් යකින්නන් ඇරගෙණ රජ්ජුරුවන් හා සියලු වාසල පටන් ඇතුළු අයගේ ජීවිතක්ෂයට පමුණුවා ඇට තිබියදී භක්ෂණය කළ නියාවද යන සියල්ලම පළමු කියනලද ගන්ධාර ජාතකය සේමයයි දත යුතුය. යකුන් පළාකල පසු දවස් ගම්මුදලිවරුන් විසින් දොරවල් බිඳ ඇතුලට අවුත් රජගෙයි තුබූ කසල දමා ශුඬකොට නුවර දිව්‍යපුරයක් මෙන් සරහා රජගෙය සුධර්මා නම් දිව සභාවක් මෙන් සරහා අමාත්‍ය මණ්ඩලයා රැස්කරවන්නාහු අසවල් ශාලාවේ උන් පුරුෂයා රාජ්‍යය කරන්ට නිස්සෝ යයි කියා ඔබ කරා ගොස් එපවත් කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නෝ රජ්ජුරුවන්ගේ පුතනු කෙණෙකුන් නැද්දැයි විචාරන්නා නැතයි කී හෙයින් ඔටුණු පැළඳ මහත් වූ පෙළහරින් නුවරට වැද දළපුඩුසේසත් නැගූ සිංහාසනාරූඪ යුවරජ සෙනෙවිරත් ඇතුළුවූ අමාත්‍ය මණ්ඩලයා පිරිවරා බ්‍රාහ්මණ පෂීත් ගෘහපති පෂීත් සමන්විත වූ සොළොස් දහසක් නාටක ස්ත්‍රී නැටීම් ගී කීම් බෙර ගැසීම් ආදීවූ දෙයින් මේඝ ගර්ජනාවක් කරන්නට වන්නාහ, පඤචා ඞගික තූය්‍ර්‍යනාදවයන් රකකින් නාද කෙරෙමින් ඒ ඒ තැන ඝෝෂා කරවන්ට වන්නාහ, මේ නියායෙන් බොහෝ රාජානුභාවයෙන් ඉඳ සිතන්නාහු පසේබුදුන් වහන්සේ කීපණතට හා වීය්‍ර්‍ය ධෛය්‍ර්‍යයෙන් මෙසේ ප්‍රතාපයක් ලද්දේයයි සිතා එතැන් පටන් දානාදීවූ කුසල් කොට දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා එසමයෙහි ගන්ධාර දේශයෙහි රාජ්‍යය කළ රාජකුමාරයෝ නම් බුදුවූ මම්ම යයි වදාරා මේ පඤචගරු ජාතකය නිමවා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

132 ඝසන ජාතකය
130 අසපදාන ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.