Skip to main content

127 බිළාර ජාතකය

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි වඤචා ප්‍රයෝග දන්නා භික්ෂු කෙනෙකුන් වහන්සේ ගෙණවුත් පෑ කල්හි මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් චඤචා ප්‍රයෝගයෙන්ම දන්නෝ වේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන්වහන්සේ විසින් ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත් නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ මූසිකව උපන්සේක. මහතින් ඌරු පැටියෙකුගේ ප්‍රමාණය. සියදහස් ගණන් මීයන්ට නායකව තුඹසක වසනසේක. එසමයෙහි එක කැනහිලෙක් ගොදුරු සොයා ඒ ඒ තැන ඇවිදිනේ මීයන් සමූහයා දැක යම් උපායකින් මේ මීයන් කන්ට උවමැනවැයි සිතා බෝධිසත්වයන් ගොදුරු කන්ට යන මග නැගෙනහිරට මුහුණ ලා කට දල්වා ගෙණ තුන්පයක් ඔසවා ගෙණ එක කකුලක් බිම ගසාගෙණ කැණහිලා සිටියේය. බෝධිසත්වයෝ ගොදුරු සොයා යන තැනැත්තවුන් වහන්සේ ඔහු දැක තොපි කව්රුදැයි විචාරා උන් විසින් මා ධාර්මිකයෝයයි කීකල්හි එක පයින් සිටිනේ ඇයිදැයි කී විසින් තුන්පයින් සිටියෙම් නම් පොළොව ධාරාලිය නෙහෙයි කිය කට දල්වාගෙණ සිටිනේ ඇයිදැයි කී විසින් සුලන් අනුභව කරන්ටයයි කීහ. නැගෙනහිරට මුහුණලා සිටිනේ ඇයිදැයි කී විසින් සූය්‍ර්‍ය දිව්‍ය පුත්‍රයාට සේවය කරමි කී විසින් බෝධිසත්වයෝ මූ කියන්නේ ඇත්තෙකැයි සිතා මුන් ලෙහි යහපත් ගුණයක් ඇතැයි සිතා දවසට දෙවිටක් ඇවිත් සේවය කරන්නාහ. එසමයෙහි කැණහිල් මීයන් තමාට සේවය කොට යන්නවුන් බලා හැමට පස්සේ යන මීයෙකු අල්වා ගෙණ කා කට ලේ පිස පළමු සිටි නියාවටම සිටියේය. මෙම නියායෙන් දවස්පතා මීයන් කණ විසින් කල්යාමෙන් මීයෝ අඩු වී ගියාහ. එවිට මීයෝ ගොස් බෝධිසත්වයන්ට කියන්නාහු පෙර අපි මේ තුඹස ඉඳිනේ ගැටි ගැටිය, දැන් ඉතා තුනීව ගියම්හ. ඒ කුමන කාරණාවක් බවත් නොදනුම්හ, ඒ බව දතොත් යහපතැයි කීහ. ඒ බව බෝධිසත්වයෝ අසා එසේවීනම් කැණහිලාගෙන් වන උපද්‍රවයෙක් නිසායයි සිතා එදවස් කැණහිලාට සේවයට ගොස් එනගමනේ පරීක්ෂා කරන්ට උවමැනවැයි සිතා මීයන් ඇමෝම යවා පසුව බෝධිසත්වයෝ නික්මුණාහ. බෝධිසත්වයන් නික්මෙන්නා දැක මෙතෙක් දා මීයන්ට පතින්නාසේම පැන්නෛ්ය, බෝධිසත්වයෝ ඔහු අතින් ගැලවී ඉවත පැකිල යන්නාහු බළලුන් කරණ තපස් වැන්නේයයි සිතා කරණ තපසැයි කියා තපස්කරම්හයි මෙසේ වූ වඤචා කෙරෙද්දැයි කියා බොටුවට පැණ කුලල කඩා කා මරාපුවාහ. ඒ දුටුවාවූ මීයෝ එතනට අවුත් කැණහිල් බල්ලාගේ මාංස එකසීම ලියා කාපුවාහා, පසුව ආ මීයෝ මොත්තමට මාංස සම්භනුවූයේය, ඔහු මරා සැපසේ වාසය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා, එසමයෙහි මීයන්ට නායකව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාරා බිළාර ජාතකය නිමවා වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.