
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සර්වඥයන් වහන්සේ සකස්පුරදොරට බට සැරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න විසර්ජනය කළ නියාව යහපතැයි යන මේ කථාව නිසා මේ ජාතකය කියන ලදී.
ඒ කෙසේද යත්,
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ හිමාලය වනයෙහි බොහෝ තාපසවරුන්ට නායකව වසන්නාහුය, එසමයෙහි බෝධිසත්වයන්ගේ ප්‍රධාන අතවැස්සානම් ඔබ්බේ ගමකට වස්වසන්ට යාමේදී බෝධිසත්වයන් වහන්සේගේ මරණ කාලය පැමිණියේය, එවිට අතවැසි තාපසවරු විසින් ලඟට අවුත් කුමක්ද ධ්‍යානයක් උපදවා ගත්සේක්දැයි විචාරන්නා ආකිංචනං නත්ථිකිංචි’යි වදාරා ප්‍රාණය නිරුඬව ගොස බඹලොව ගොසින් පෙණනුසේක, එවිට තාපසවරුන් විසින් ආකිංචනං නත්ථිකිංචි යන බසෙහි අත්‍ර්‍ථ දැනගතනොහී මිත්‍යා දෘෂ්ටීන් උපදනා බඹලොව උපන් නියා නොවේදැයි සිතා ආදාහන පූජාව මා හැඟී කොට නොකළාහ. එවිට ප්‍රධාන අතවැසි තාපසයෝ එතනට අවුත් තාපසවරුන් අතින් ආචාරීන් වහන්සේගේ ප්‍රාණය නිරුඬව යන ගමනේ කීයේ කිම්දැයි විචාරා එපවත් අසා එසේවීනම් ආභසසරනම් බඹලොව උපන්නේ යයි කීහ, බෙහෝ තාපසවරුන් ඒ කීයේ බොරුයයි යන විසින් මහාබ්‍රහ්ම තෙමේ එතනටම අවුත් මාගේ් ප්‍රධාන තාපසයා කීයේ ඇත්තම යැයි කියා පෙරලා බඹලොව ගියාහයි වදාරා එසමයෙහි ප්‍රධාන තාපසයෝ නම් සැරියුත් මහා ස්ථවිරයෝය, මහා බ්‍රහ්ම්ව උපන්නේ නම් බුදුවූ මම්මයයි වදාරා ජාතසොම ජාතකය වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk