
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සකස්පුර සැරියුත් සාමීන්ගේ ප්‍රශ්න නිසා මේ ජාතකය දක්වන ලද.
ඒ කෙසේද යත්
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාල වනයෙහි බොහෝ තාපසවරුන්ට නායකව ඉඳ පිරිනිවන් පාණ දවස් තාපසවරුන් විසින් ලඟට අවුත් කුමණ සෘඬියෙක් පැමිණියේදැයි විචාරන්නා චන්ද්‍රාභායං සුරියාභායං කියා පරලොව ගියාහ. එවිට ජ්‍යෙෂ්ට තාපසයන් විසින් අපගේ තාපසයන් වහන්සේ ආහසසරනම් බඹලොව උපන්සේකැයි කී විසින් තාපසවරුන් නොගිවිස්නා හෙයින් මහාබ්‍රහ්මයා එතනට අවුත් ජ්‍යෙෂට තාපසයන් කීයේ සැබෑමයයි කියා බඹලොව ගියාහයි වදාරා එසමයෙහි ජ්‍යෙෂට තාපසයෝ නම් සැරියුත් මහා ස්ථවිරයෝය, මහා බ්‍රහ්මව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මවේදැයි චන්දාභය ජාතකය නිමවා වදාළසේක.