
තව ද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් නොකීකරු භික්ෂුවක්හු අරභයා මේ ජාතකය වදාළ සේක. මේ ජාතකය නවවැනි නිපාතයෙහි ගිජක්ඞ ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය, සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මේ මහණ දැන් මතු නොවෙයි නොකීකරු වූයේ පෙරත් නොකීකරුමයයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කරනම්පනන විජජත් කුලයක ඉපිද වැඩිවිය පැමිණ කරනම් නිමවා ඉගෙණ ගුරුන් හා සමග ඒ ඒ තැන ඇවිදිනාසේක්. එක්තරා ගමකට පැමිණ ආචාරීන් විසින් සිල්ප දක්වන්ට ආයුධ පසක් බිම හිඳුවා පණින්ට සරා මෙතෙක් දවස් අභ්‍යාසය පණින්නේ ආයුධ සතරපසක් කෙළේ ඇයිදැයි එකක් හලමැනවැයි කියන්නා රාමදයෙන් මත්ව ඒ ආචාරී තෙපි මාගේ පමණ නොදන්නවාදැයි කියා ආයුධ සතර පැන පස්වන ආයුධය ඇනී මළාහ. ඒ දුටු ශිෂ්‍යයා මා කියමන් නොගෙණ ආචාරීහු මළහයි ආයුධයෙන් ගළවා ආදාහන කරවූහයි දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ආචාරී නම් නොකීකරු මහණය, ශිෂ්‍යව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk