108 බාහ්‍ය ජාතකය

තවද එක්සමයෙක්හි සුරාසුරවර චක්‍රවාරු චුඩාමාණිමරිචිසංවය පරිචුම්බිත චරණ නඛ මයූඛ ඇති ලෝකස්වාමීවූ තිලෝගුරු සම්‍යක් සම්බුදු රජානන් වහන්සේ විසාලාමහනුවර නිසා මහාවනයේ කූටාගාර ශාලාවෙහි වැඩවසනසේක් එක් ලිච්ජවිරජ්ජුරුකෙණෙකුන් අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ ලිච්ජවි රජ්ජුරුවෝ ශ්‍රද්ධාසම්පන්නයෝය, රත්නත්‍රයෙහි ප්‍රසන්නයෝය, බුද්ධමාමකය, ධම්මමාමකය, සංඝමාමකය, නිරන්තරයෙන් අඛණ්ඩවූ පඤ්චශීලය රක්‍ෂාකෙරෙති පොහොය නොවරදවා පෙහෙවස් රක්‍ෂාකෙරෙති ඒ රජ්ජුරුවෝ එක්දවසක් බුදුන් ප්‍රධානකොට ඇති භික්‍ෂූසංඝයාවහන්සේට ආරාධනාකොට මහදන්සරහා තමන්ගේ මාලිගාවත් විශේෂකොට සරහා මාලිගාවේදී බුදුපාමොක් මහසඟපිරිසට මහදන්දුන්නාහුය, ඒ රජ්ජුරුවන්ගේ බිසව් ස්ථූලවූ අඟප්‍රත්‍යඟ ඇත්තෝය, උඬුමාතක අසූභ නිමිත්තක්මෙන් ආකල්ප සමුර්‍ඩයක් නැත්තෝය. ස්ථූලශරීර හා මහත්වූ උස මහත ඇත්තෝය. බුදුරජානන්වහන්සේ අනුමෙවෙනි ධර්‍මදේශනාකොට විහාරයට ගොස් භික්‍ෂූසංඝයා වහන්සේට අවවාද දී ගඳකිළියට වන්සේක. දම්සභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ භික්‍ෂූන්වහන්සේ කථාවක් උපදවන සේක් ඇවැත්නි එබඳු සැදැහැ ඇති විශිෂ්ට රූ ඇති රජ්ජුරුවන්ගේ බිසව් බැලූ බැලුවන්ට ප්‍රසාදවන්නාවූ රූපශ්‍රියක් නැත්තෝය. ස්ථූලවූ ශරීර ඇත්තෝය, රුවක් පිනක් නැත්තෝය. එසේවූ බිසවුන් හා සමඟ කෙසේනම් මේ රජ්ජුරුවෝ අභිමරණය කෙරෙද්දැයි මෙසේ වූ කථාවක් ඉපදවලා උන්සේක.

එකල්හි ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ තුන්තරාගමනින් එක්තරා ගමනකින් දම්සභාමණ්ඩපයට වැඩවදාරා පණවනලද බුද්ධාසනමස්තකයෙහි යුගඳුරු මුදුනෙහි දිළිහෙන්නාවූ ලහිරුමඩලක්මෙන් දිළිහි දිළිහී වැඩහිඳ මහණෙනි දැන් මා එන්නාට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව හුනු දැයි කවර නම් කථාවක් තොපට අඬාලදැ”යි විචාරා ස්වාමීනි නුඹ වහන්සේ විසින් නොකියන්ට වදාළාවූ රාජ කථා චෝර කථා යනාදී දෙතිස් කථා අතුරෙන් එක්තරා කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ. ශ්‍රද්ධා සම්පන්නවූ බුදුහු මාගේමය. ධර්මය මාගේමය. සංඝයා මාගේමයයි කියා රත්නත්‍රයෙහි මමත්වය කොට වසන්නාවූ ඉතා රූපත් වූ මේ ලිච්ඡ වීර රජ්ජුරුවෝ රූපශ්‍රීයක් තැනැත්තාවූ ආකල්ප සමුර්‍ඬයක් නැති මේ ස්ථුල වූ ශරීර ඇති බිසවුන් හා සමග කෙසේ නම් සංවාසයක් කෙරෙද්දැයි මෙසේ වූ කථාවකින් යුක්තව උනුම්හයි කීකල්හි ‛මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් මේ ලිච්ඡවිරරජ්ජුරුවෝ ස්ථුල වූ ශරීර ඇති ස්ත්‍රියක් හා සමග අභිරමණය කළෝ නාවේදැයි’‛ වදාරා මුවෙන් නොබැණ වැඩ උන් කල්හි ඉක්බිත්තෙන් එතනට රැස්වූ ඇමදෙනා වහන්සේ අතුරෙන් එක්කෙණෙකුන් වහන්සේ නැගී සිට සුපිළිසන්ව මනා කොට දසනඛසමෝධානයෙන් බඬාඤජලීව දොහොත් මුදුනේ තබාගෙණ ඵලහාරයෙන් නැමුනාවූ කදලීවෘක්ෂයක් මෙන් නම්නව බුදුරජානන්වහන්සේ අෂෙටාතතර ශතමංගල්‍යයෙන් සල්ලක්ෂණව විරාජමානවූ ශ්‍රීපාද වන්දය වැඳ එකත්පස්ව සිට දන්වනසේක්. ස්වාමීනි දැන් මෙසේ සැදැහැ ඇති රූපත්වූ ලිචඡවි රජාකුමාරයන් ස්ථුලවූ ශරීර ඇති ප්‍රසාදවූ මේ බිසවුන් හා සමග සංවාසය කරණ නියාව සියල්ලන්ට ප්‍රකාශය. අතීතයෙහි විරූපවූ ස්ථුල ශරීර ඇති ස්ත්‍රීන් හා සමග අභිරමණය කළනියාව හස්මයෙන් ප්‍රචඡනන්වූ ජාත වේදයක්මෙන් වළාකුළෙන් සැඟවී තුබූ පුන්සඳමඬලක් මෙන්ද පාංසුවෙන් ප්‍රචඡන්නාවූ ජාතිරඟ මාණික්‍යයක් මෙන්ද භවයෙන් ප්‍රච්ඡන්න හෙයින් අප ඇම දෙනාවහන්සේට අප්‍රකාශය. එසේහෙයින් ඒ කථා ස්වරූපය හිමගර්භයක් පළා පුන් සඳමඬලක් ගෙණහැරපානා කලක් මෙන් ඒ අතීත කථාව ගෙණහැර දක්වා වදාළොත් යහපතැයි ඒ භික්ෂූන් වහන්සේ විසින් ආරාධිතවූ බුදුන් ඉකුත්වත් දක්වා වදාළසේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ කල්හි පුරණ ලද බෝධි සමහර ඇති අප මහබෝසතානෝ බරණැස් රජ්ජුරුවන්ට අමාත්‍යවූය, එකල්හි ජනපද වාසීවූ එක් ස්ත්‍රියක් ස්ථුලවූ ශරීර ඇත්තීය, ආකල්ප සමුර්ධියෙක් නැත්තීය. අනුන්ට බැල මෙහෙකොට ඇවිදිනීය. රාජාඬගනය සමීපයෙන් යමින් සිට ශරීරවලංජනයෙන් පීඩිතව අත්කඩින් ශරීරය වසාගෙණ මලමූත්‍ර බාහ්‍යකොට නැගී සිටියාය, එකෙණෙහි බරණැස් රජ්ජුරුවෝ සිව්මැදුරු කවුළුව හැර රාජාඬගනය බලන තැනැත්තෝ ඒ ස්ත්‍රිය කළාවූ ක්‍රියා දැක මෙසේ සිතූහ.

මේ ස්ත්‍රී මෙබඳු වූ එලිපිට අඬගන ස්ථානයෙහි ශරීරවලංජනය කරන්නී භයා ලජ්ජා දෙකට හැර නොහැර අත්කඩින් ශරීරය වසාගෙණ හිඳ මලමුත්‍ර බාහ්‍යකොට වහා නැගී සිටියාය, එසේහෙයින් මෑ නිරෝගි විය යුතුය, මෑගේ වස්තු විසද බව වන්නේය, විසදවූ වස්තුවෙහි වූකලී එක් පුත්‍රයෙක් උපන්නේ වීනම් විසදව පිණැති වන්නේය, එසේහෙයින් මේ ස්ත්‍රිය මා විසින් අග මෙහෙසුන් තනතුරෙහි තබන්නට වටනේයයි සිතා ඒ රජ්ජුරුවෝ ඈ අසවා මක නියාව දැන සමීපයට කැඳවා ගෙන්වාගෙණ රුවන් රැසක් මත්තේ සිටුවා මස්තකයෙහි අභිෂේක ජලය වත්කොට අග මෙහෙසුන් තනතුරෙහි තිබුවාහුය, ඒ බිසව රජ්ජුරුවන්ට අතිශයින් ප්‍රියව සිත් කළුව මනවඩමින් නොබෝකලකින්ම එක් කුමාර කෙණෙකුන් වැදූය, ඒ බිසවුන් වැදූ ඒ රාජ කුමාරයෝ පියරජ්ජුරුවන්ගේ ඇවෑමෙන් චක්‍රරත්නාදීවූ සප්තරත්නයෙන් සමන්විතවවූ මුලු සක්වල ඒකාතපත්‍ර කොට චක්‍රවර්ති රාජ්‍ය ශ්‍රී අනුභව කළාහුය, එකල්හි මහබෝසතානෝ ඒ බරණැස් රජ්ජුරුවන්ගේ බාහිය නම්වූ දනව්වැසි බිසවුන්ගේ යශසමුර්ධිය දැක එබඳුවූ කථාවක් කරන්ට සුදුසු අවසරයක් ලදින් රජ්ජුරුවන් දැක වැද එකත්පස්ව සිට දේවයන් වහන්ස උගතමනා සිල්පය නම් කුමක් නිසා නූගත යුතුද මම් මේ පිටත දනව්වැසි බිසවුන්ගේ මහත් කුසල් ඇත්තාවූ භය ලජ්ජා සහිතව අත්කඩින් සකල ශරීරය වසා ගෙණ පිළිසන් ආකාරයෙන් ශරීර කෘත්‍යය කොට මෙබඳු කුසල් ඇත්තාවූ දෙවඟනන් බඳු වරඟනන් සොළොස් දහසකට නායකව චක්‍රවර්ති රාජ්‍ය ශ්‍රී අනුභවකරන්ට පුතනු කෙනෙකුන් වහන්සේත් ලැබ ප්‍රමාණාතික්‍රාන්තවූ යස පිරිවරින් හා ශ්‍රී සමුර්ඬියෙන් යුක්තව අග්‍ර මෙහෙසිකා ස්ථානයට පැමිණිසේක. උන් වහන්සේ මේසා මහත්වූ ඓශචය්‍ර්‍යයකට පැමිණිසේක් වේද එසේහෙයින් ලෝකයෙහි උගතමනා සිල්පයෙක් ඇත්නම් උගතමනා යුතුමයි සිල්ප ශාස්ත්‍ර උගන්නාවූ සත්වයන්ට වර්ණනා කරන්නාහු මෙසේ කිවූය, රජ්ජුරුවන් වහන්ස මේ ලෝකයෙහි අක්ෂර ලිඛිත ගණිත ගාන්ධර්ව නක්ෂත්‍ර ඡන්දස් නිගණ්ඩු අලංකාර යනාදීවූ ඒ ඒ ශිල්පයෙහි විපාකය හා සවච්ඡන්දිකවූ ශිල්ප ඉගැන්මෙහි බලවත්වූ අභිප්‍රාය ඇති මනුෂ්‍යයෝ බොහෝ ඇත්තාහුමය. එතකුදු වුවත් මා තමාට සුදුසු ස්පවල්ප මාත්‍ර වුවත් ආචාර ශීලය විවරකුත් ඉගෙණීම් කළමනා දෙයයි එහි ඇදහිල්ලක් ඇතුව නොපිරිහෙළා කරන්නාවූ සත්ව කෙනෙක් ඇත්නම් එසේවූ සත්වයන්ට ඉහාත්ම භාවයෙන්ම ඉෂ්ට විපාක වන්නේය. ඒ එසේමවේදැයි පිටත දනව්වෙහි වැඩී වර්ධනවූ බිසවුන් වහන්සේ භය ලජ්ජා සහිතව ආචාරශීලය නොපිරි හෙළා කරන්නාවූ ක්‍රියාවෙන් නුඹ වහන්සේගේ සිත් මෙසේ මහත්වූ සමුර්ධියකට පැමිණිසේක් වේදැයි කියා මහබෝසතානෝ උගතමනා ශිල්පයෙහි ඉෂ්ට විපාක හා ගුණ විශේෂයෙන් ප්‍රකාශ කොට කීවාහුය, ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා දුඃඛසත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යයයි කියනලද චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට පූර්වපර සන්ධි ගළපා මේ බාහ්‍ය ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවන් හා බිසවුන් සමසමයෙහි රජ්ජුරුවන් හා බිසවූය. එසමයෙහි රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට සියලු ලෝකවාසීන්ට කර්‍තව්‍යාකර්‍තව්‍ය කුසල් අකුසල් ප්‍රකාශ කොට ලෝවැඩසාදාදී නුවනින් යෙදී වාසය කළාවූ නුවණැති අමාත්‍යවූයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

109 කුඩ්ඩක පූව ජාතකය
107 සාලික ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.