
තවද එක්සමයෙක්හි වීතමෝහීවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසන සේක්. පෘථග්ජන ප්රශ්නය අරභයා මේ ජාතකය වදාළසේක.
මෙහි වර්තමාන් කථාවත් අතීත කථාවත් ප්‍රශ්නව්‍යාකරණයෙන් යටකියන ලද පරෙසහසස ජාතකය හා සමානවන්නේය. හුදක් මෙහි නුවණැත්තාවූ සත්වයෝ අවුරුදු සියයක් කියනලද වචනයෙහි අර්ථ පරීක්ෂා කරන්නාහුවීනම් එසේ බලා පරීක්ෂාකරන්නාවුත් සත්වයෝ අර්ථයක්වත් දැනගත නොහෙන්නාහුය. එසේහෙයින් යම් සත්වයෙක් කියනලද වචනයෙහි අර්ථය දන්නේවීනම් ඒ එකම නුවණැති පුද්ගලයා උතුම්වන්නේය. මෙසේ මහබෝසතානෝ ආකාශයෙහිම සිට ධර්මදේශනාකොට තපස්වී සමූහයාට ප්රශ්නය අවබෝධ කොට බ්‍රහ්ම ලෝකයටම ගියෝය. ඒ තපස්වීවරයෝත් කිසුණු පිරියම්කොට ධ්‍යානලාභීව ජීවිතපය්ර්යාවසානයෙහි ගොස් බ්‍රහ්මලෝකයෙහි උපන්සේක. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා මේ පරොසත ජාතකය නිමවා වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk