Skip to main content

(10) විඳින විඳවන විවිධ ලෝක

මහ නායක හාමුදුරුවනේ, ‘ප්‍රේතවත්ථුවේ’ සහ ‘විමානවත්ථුවේ’ විග්‍රහ වෙන්නේ මොනවාද?

යහපත් ක්‍රියාවන්ට යහපත් ප්‍රතිඵල ලැබූ අයුරු ‘විමානවත්ථුවෙනුත්’, අයහපත් ක්‍රියාවන්ට අයහපත් විපාක ලැබුණු අන්දම ‘ප්‍රේතවත්ථුවෙනුත්’ විග්‍රහ වෙනවා. මේ සසර ගමනේ දී ඔබ අප විසින් සිදු කරනු ලබන විවිධ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා ඇතිවීම ස්වභාවිකයි. ඒවා අපිට නිල ධන බලයෙන් හෝ නීති රීති තීන්දුවලින් හෝ නවත්වන්න බැහැ.

මේ විධියට තමන් කරන කියන දේවල් අනුව, තම තමන්ට අත්වන ඉරණම් පිළිබඳව එමගින් මඟ පෙන්වා දීමක් කෙරෙනවා. ලොව සිදුවන සෑම දේකටම නිශ්චිත ප්‍රතික්‍රියාවක් පවතින බව නවීන විද්‍යාවෙනුත් පෙන්වා දෙනවා. මේ අනුව, යහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් දිව්‍ය සම්පත් ලැබීමටත්, අයහපත් ක්‍රියා කිරීම හේතුවෙන් ප්‍රේතාත්මවල නරාදුක් විඳීමටත් මඟ සැලසෙනවා.

එමෙන්ම, මිසදිටුබව, සත්ව ඝාතනය, අන් සැපතට බාධා කිරීම, හිංසා කිරීම, දැඩි මසුරුබව හා පළිගැනීම ආදී අයහපත් ක්‍රියා මගින් තිරිසන්, ප්‍රේත, අසුර, නරක යන සතර අපාගතව කළකම් විඳ වීමට සිදුවෙනවා. ‘කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කළට දුක් දැඩි වෙයි ගිනි සේ’. වගේම, ‘තම තමන් වපුරන දේවල් තරම අනුව නිසි අස්වනු ලැබෙන’ අන්දම පිළිබඳවත් ‘ප්‍රේතවත්ථුවෙන්’ හා විමානවත්ථුවෙන්’ අනාවරණය කෙරෙනවා.

නමුත්, එමගින් අනාවරණය වෙන ආත්මභාව යථාරූපීව අපට අද දවසේදී දකින්න බැරි ඇයි?

ඒකට හේතුව, පොදුවේ සියලු භූතාත්ම නිර්මාණය වී තියෙන්නේ පරමාණු අණු වගේ ඉතාම සූක්‍ෂම ද්‍රව්‍ය ඇසුරු කර ගෙනයි. ඒ නිසා, ඒවායේ භ්‍රමණය (චලනය) වීමේ වේගය ඉතාම වැඩියි. අපේ මිනිස් ඇසට නොපෙනෙන තරමට ඔවුන් සූක්‍ෂමයි. නමුත් බල්ලන්ට, බළලුන්ට රෑට අපිට වඩා හොඳින් භූතාත්ම ගෝචර වෙනවා. ඔය මහ රෑට බල්ලෝ මරලතෝනියෙන් උඩුබුරන්නේ උන්ගේ ඇහට ඒවා පේන්න ගත්තහමයි.

මෙවැනි සූක්‍ෂම ශරීර වුණත්, විවිධ ප්‍රමාණයෙන් සැරි සරනවා. ලෝක (සක්වළ) ධාතුවල හැඩය, මව්කුසවල කළල හැඩය වගේ බොහෝවිට රවුම් හැඩයකින් තමයි, මේවා අවකාශයේ පාවෙමින් පවතින්නේ. එමෙන්ම ඔවුනොවුන්ගේ කර්ම ශක්තීන්ට අනුගතව විවිධ ප්‍රමාණ සහ වර්ණවලින් යුක්ත වෙනවා. ප්‍රභාෂ්වර (රන්වන්, නීල) ආදී වර්ණ වගේම අවර්ණ තද – අළු ආදී වර්ණද මේ අතර දකින්නට හැකි වෙනවා.

මෙබඳු වර්ණ සහිතව, නුතන කිරිලියන් ඡායාරූපවලට භූතාත්ම විවිධ ස්වරූපයෙන් ග්‍රහණය වෙන්නේ කොහොමද?

සිමියොන් කිර්ලියන් නමැති විද්‍යාඥයා විසින් විද්‍යුත් ඡායාරූපකරණය හෙවත් කොරෝනා විසර්ජන (Coronadis Charge)  ඡායාරූපකරණය සොයා ගනු ලැබුවා. පසුව එය ඔහුගේ නමින් ලොව පුරා ප්‍රචලිත වුණා. මෙයින් කෙරෙන්නේ, කිසියම් ජීවී, අජීවී වස්තුවක් වටා පවතින විකිරණ ශක්ති ක්‍ෂේත්‍රයන් පවා දර්ශනය කර ගැනීමයි. එමගින් එකම ශාඛ පත්‍රයක් වුණත් අවස්ථා කිහිපයකදී ඡායාරූපගත කළ විට, එය වටා ඇති ප්‍රභාව(Aura) ක්‍රමයෙන් වෙනස් වන අන්දම පවා නිරූපණය වෙනවා.

මෙම කිරිලියන් ඡායාරූප තාක්‍ෂණය යොදා ගනිමින් ජෝන් කැචල් මහතා ඇමරිකාවේ ඉල්නොයිස් ප්‍රාන්තයේ වනාන්තර ආශි‍්‍රත සොහොන් බිම්වල ඡායාරූප ගෙන තිබෙනවා. රාත්‍රී කාලයේ දී අඳුරේ ගත් එම ඡායාරූපවල සුදු පැහැති පැල්ලම් සහ විවිධ වර්ණවලින් යුතු ආලෝක ධාරාවන්, විවිධ ප්‍රමාණවලින් සටහන් වී ඇති අයුරු නිරූපණය වෙනවා. පසුව ඔහු එම අපූර්ව ඡායාරූප දෙස් විදෙස් මාධ්‍ය හා අන්තර්ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අපටත් ඒවා දැක ගන්නට අවස්ථාව ලැබුණා. බුදු ඇසින් දැක කළ සමහර අනාවරණයන් ඉඳහිට හෝ විදු ඇසටත් ග්‍රහණය වන අවස්ථා පිළිබඳව මෙලෙස වාර්තා වෙනවා.

භූතාත්ම පාළු ස්ථානවල වැඩිවශයෙන් පැවතීමට බලපාන විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්, බුදුගුණ හඬ, පලතුරු මල් සුවඳදුම් ආදිය දෙවියන්ට පි‍්‍රය උපදවනවා. මළ මිනී දුගඳ මූසල පාළු පරිසරයට ප්‍රේතයන් පි‍්‍රය කරනවා. එබැවින් දේවාත්ම පුදබිම්වලත්, ප්‍රේතාත්ම සුසාන භූමිවලත් සැරිසැරීමට බලපාන හේතු වෙනවා. දැඩි කාර්මීකරණයට නතු වූ වාතලවල ඔවුන්ගේ සූක්‍ෂම ශරීරවලට වුණත්, හානි (ගැටීම්, සීරීම්) සිදු වීමට ඇති ඉඩකඩ වැඩියි.

මේ නිසා සුසානභූමි වැනි පාළු ස්ථානවගේම පාළුවට ගිය ගෙවල් ආශි‍්‍රතව ප්‍රේතාත්මවලට හිතකර පසුබිමක් පවතිනවා. ඒකයි, මේ රටේ වගේම පිටරටවලත් මෙවැනි තැන් ආශි‍්‍රතව භූත කථා වැඩිවශයෙන් වාර්තා වීමට හේතු වී තිබෙන්නේ. 2009 වසරේදී ලොව පුරා තිරගත වූ Paranormal Activitiy චිත්‍රපටය සහ 2010, 2011 වසරවලදී පිළිවලින් තිරගතතවූ එහි දෙවැනි තුන්වෙනි කොටස් සහිත සිනමා කෘතිවලට පවා මෙබඳු සත්‍ය සංසිද්ධීන් පාදක කොට ගෙන තිබෙනවා. එහි ඝෝෂාකාරී භූතයන්ගේ බලපෑමට නිවාස, නේවාසිකාගාර හා බන්ධනාගාර ඇතුළු විවිධ ස්ථාන නතු වන අයුරු දැක්වෙනවා.

ඒ වුණත්, ඇත්තටම මේ පාවෙන භූතයන්ට පුළුවන්ද? සද්දන්ත ශක්තිමත් මනුෂ්‍යයන්ට බලපෑම් කරන්න.

ඇමරිකාවේ කැලිෆෝනියාවේ සුප්‍රකට වෛද්‍යවරයෙකු වූ කාල් ඩී වික්ලන්ඩ් මහතා මෙවැනි අමනුෂ්‍ය බලවේග පිළිබඳව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ පවත්වා තිබෙනවා. ඒ ඔස්සේ, ඔහු ලියූ, Thirty Years Among The Dead කියන පොතේ මෙසේ සඳහා වෙනවා.

“අපේ ශරීරයෙන් මැග්නටික් ඕරා (Magnatic Aura) නමින් පියවි ඇසට නොපෙනෙන රශ්මි ධාරාවක් නිකුත් වෙනවා. ශරීරයෙන් නිකුත් වන එම රශ්මි ධාරාව වැඩි නම්, එහි වැදී භූතයන් පිටතට (ඉවතට) වීසි වී යනවා. නමුත් එම රශ්මී ධාරාව අඩු නම්, එවැනි ශරීරවලට එම භූතාත්ම උරාගන්නවා. එම රශ්මි ධාරාව (Magnatic Aura) අඩු වන්නේ සිතේ චංචල (බිය) ගතිය වැඩි වූ විටයි. මෙම තත්ත්වය කුඩා ළමුන්ට සහ ඇතැම් කාන්තාවන් තුළ බල පැවැත් වෙනවා.

මේ විධියට භූතයින් මනුෂ්‍ය ශරීරවලට ඇතුළු වෙන්න බලපාන හේතුව කුමක්ද?

ඒකට හේතු කිහිපයක්ම බලපානවා. එක හේතුවක් තමයි, 1. සමහර භූතයන් තමන් මැරුණ බව නොදැන ක්‍රියා කිරීම. අනෙක 2. ඔවුන් නොදැනුවත්වම මනුෂ්‍යයන්ගේ චුම්භක වළල්ට හසු වී (චිත්ත ශක්තිය හීන) ශරීරවලට උරා ගැනීම, ඊගාවට 3. සමහර භූතයන් පළිගැනීමට හෝ ඇතැම් ආශාවන් සපුරා ගැනීමට උනන්දුවක් දැක්වීම. 4. දැනට භූතයකු වුණත් ඊට පෙර මනුෂ්‍යයෙකු වීම නිසා එලෙස සිතීම හා කටයුතු කිරීමට යාම. මෙම හේතු අතර ප්‍රධාන වෙනවා.

මෙවැනි භූත බලවේග නිසා මිනිසුන් සියදිවි හානිකර ගත්ත අවස්ථා පවා වාර්තා වී තිබෙනවා. එනම් එයාට (මනුෂ්‍යයා) හේතුවක් තිබිල නැහැ. සිය පණ හානිකර ගන්න. එනමුත් භූතාත්මයේ පෙළඹීම අනුව, ඒ තැනැත්තා ( මනුෂ්‍යයා) ට අකමැත්තෙන් වුණත් සියදිවි හානිකර ගැනීමට වුණ අවස්ථා පිළිබඳව ලොව පුරා විවිධ ප්‍රදේශවලින් කොතෙකුත් වාර්තා වෙනවා. මේ බව දොස්තර කාල් ඩී වික්ලන්ඩ් මහතාගේ ඉහත පර්යේෂණ ග්‍රන්ථයෙන් වගේම එඩ්ගා කේසිගේ මෝහණ අනාවරණ මගින් සහ මහාචාර්ය හැලන් වැම්බෝගේ පර්යේෂණ කෘතිවලින් තහවුරු කෙරෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.