Skip to main content

💙💚💛💜 අපේ බුදුහාමුදුරුවෝ 02 💙💚💛💜

💙💜 රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 02 💙💜

ඇත්තෙන්ම “අපේ බුදුහාමුදුරුවෝ යන ලිපි පෙළ මම ලියන්න පටන්ගන්න හිටියේ ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දුරේ නිධානයෙන්. දුරේ නිධානය කියන්නේ ප්රථම නියත විවරණයේ සිට බෝසතුන්ගේ මෙළොව බිහිවීම දක්වා ඇති කොටසට. එත් හදිසියේම ගෞරවනීය අරියවිමල හිමිපාණන් වහන්සේ පළමුදා කතා කොට මොනයම් හෝ හේතුවකට ඉති කුමාරිගේ කතා වෘත්තාන්තය මගෙත් එක්ක කිවා. එවිටයි මට හිතුනේ මම පටන් ගන්න ඕනේ මෙතනින් කියලා. උන්වහන්සේටත් අප්රමාණ පින්.

ඒ එක්කම, තවත් එක් පණිවිඩයක් විශේෂයෙන්ම පුරුෂ අධිපත්වයෙන් හිස උදුම්මාගත් සමහර ගිහි පැවිදි පුරුෂ පාර්ශවයටත් මෙයින් ලැබෙනවා. ඒ තමයි කල්ප කෝටි ගණනක් පෙරුම් පුරමින් ලොව්තුරා බුද්ධත්වය සඳහා යන බෝසතුන් වහන්සේලාටත් නියත විවරණ ලබනාතුරු ස්ත්රී අත්මභාවයෙන් ගැලවීමක් නොවන බව. එය සනාථ වන්නේ විශ්වාෂණීය මුලාශ්රයක් නැති රුපවතියගේ නොහොත් ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දීපංකර විවිරණයේ දී අභිණිහාරයට පරිපූර්ණ විය යුතු ලිංගසම්පත්ති යන කරනාවෙනුයි. එයත් සිතේ තබාගෙන ඉතිරිය කියවන්න.

ස්ත්රීභාවය බුදුබව සඳහා ලබන නියත විවිරණයට බාධාවක් බව කන වැකුණු ඉති කුමාරි නොසිතු ලෙස ඇති වූ ශෝකයෙන් හා කම්පනයෙන් බුදු හාමුදුරුවන් වෙනුවෙන් සැකසු අබ තෙල් වතෙහි ලා ගිනි තබා ගැනීමට උත්සාහ කරා කියන තැනින් තමයි ඉවර කලේ. ඒත් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙය දිවසින් දැක බුද්ධ ආනුභාවයෙන් ගිණි ඇවිලෙන්න ඉඩ හරියේ නැහැ. ඇය ගිනි තබාගන්න කොතරම් උත්සාහ කලත් ගිණි අවිලුණේ නැහැ. සිය දිවි නසා ගැනීම බුද්ධත්වයට හෝ ස්ත්රී භාවයෙන් නික්මයාමට ආධාරයක් නොවන බව මහා කාරුණිකයන් වහන්සේ ඉමහත් වූ මෛත්රියෙන් බුද්ධ වචනයෙන් ඇය හට ශ්රවණය වෙන්න සැලැස්සුවා. ඉන් පසුවයි ඇයට සිහි එළඹුනේ. ඒ මොහොතේම ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙත යන්නට පිය මැන්නා.

ඒ බුදුවරයෙකුගේ සහ මතු බුදුවරු දෙදෙනෙකුගේ අහඹු හමුවක්. ඒ මතු බුදුවරුන් දෙදෙනාගේ කෙනෙකු ස්ත්රියක් කෙනෙකු පුරුෂයෙක්. දීපංකර බෝසතාණන් වහන්සේ ලෞකික භූමියෙන් නික්ම ලෝකෝත්තර ශ්රී විභූතිය විදහාපාමින් තපසෙකු ලෙස එක් පසෙක. අපේ බෝසතාණන් වහන්සේ ලෞකික ශ්රී විභූතියෙන් අගතැන්පත්ව දිව්යමය ස්ත්රී රූපයකින් රාජ කුමරියක් ලෙස තවත් පසෙක. එහෙත් දෙදෙනාගේම චිත්ත සන්තානයේ අරමුණු ඒකක්ව දෙපසක. ඒ බුද්ධත්වය. පුරාණ දීපංකර බුදුන් මෙම දෙපාර්ශවයටම අනුග්රහ කරමින් සවණක් රැස් විහින්දවමින් නිහඬව.

ඉති කුමාරිගේ නිලිපුල් දෑසින් කඳුළු කැට දෝරේ ගලනවා.

පුරාණ බුදුපියාණන් වහන්සේ හඬ අවදිකලා.

නැගෙණිය, ඔබ අද කඳුළු සලන්නේ තුන් ලෝකයක් නිවා සැනසීමට. ඒ වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි ඔබ මතු දිනක ප්රථම නියත විවරණ ලබන්නේත් මේ ඔබ ඉදිරියෙන් සිටිනා තාපස තුමාගෙන්. එවැනි නියත විවිරණයන් සඳහා මින් ඉදිරියට ඔබ ස්ත්රී ආත්මයෙන් මිදිය යුතයි.
ඉති කුමරියේ හඬ අවදි කලේ මේ වෙලාවේ – අවසරයි භාග්යවතුන් වහන්ස, ඒ සඳහා කලයුත්තේ කුමක්ද ?

පුරාණ දීපංකර බුදුපියාණන් – ඔබ වැනි සුකුමාල ස්ත්රියකට එය පහසු කටයුත්තකුත් නෙවෙයි. එහෙත් ඔබ මෙතෙක් කල් පිරූ පාරමී ඒ සුකුමාලත්වය පරයා යාවි. ඔබ මතු බුදුවන බෝසත් වරියක්. ඒ බෝසත් ගුණය ශක්තිය මොට කරන්න ස්ත්රිභාවයට බැහැ. එම නිසා මෙම කරණයත් ඔබට පාරමිතාවක් වේවි.

ඉති කුමරිය – එසේමයි භාග්යවතුන් වහන්ස. එය මොනයම් අභියෝගයක් වුවත් ජයගැනීමේ චිත්ත ශක්තිය බලය මා සතුයි.

පුරාණ දීපංකර බුදුපියාණන් – පින්වත් නැගෙණිය මෙය හොඳින් අසන්න. නැළියක් පුරවා අබ ඇට ගන්න. ගවුවකට එක අබ ඇටයක් බැගින් දමමින් යන්න. අවසාන අබ ඇටය හෙලන තැන මුණ ගැසෙන නිවසෙහි පුරුෂයා හා විවාහ වන්න. එන සෑම බාදක ප්රශ්න අමතක කොට ඔහුට හොඳින් සළකන්න. යම් දිනයක් ඒවි ඔහුගේ මුවින්ම ඔබට ආශීර්වාද කරන. ඒ ආශීර්වාදය වන්නේ මින් මතු ආත්මභවයන්හි ස්ත්රියකට අවේනික දුක් නොවිඳ පිරිමි ආත්ම භාවයක් ලබන්න යනුවෙනුයි. ඒ ආශීර්වාදය සඵල වන්නේ ඔහුගේ පුන්යවන්තභාවය නිසා නොව ඔබගේ දසපාරිමිතා ගුණය ඒ කාලයේදී ඉස්මතු වීමෙන්.

සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ යුතු වනවා. ඒ සියල්ලටම මුල්වන අධිෂ්ඨාන පාරමිතා සහ වීර්ය පාරමිතාවන් සසර පුරා වඩා සිටි ඒ බෝසත් චරිතයට එය අභියෝගයක් වුනේ නැහැ කොහොමටවත්.

ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේට පසඟ පිහිටුවා වැන්දා. ඊට පස්සේ දීපංකර තවුසාණන් හටත් වැන්දා. ඒ සුකුමාල පාද පෙරට තියා නැගී සිටින විට මුළු පෘතුවි තලයම සෙලවී යන්න ඇති. ඒ තරම් ම අදිස්ඨාන ශක්තියක් ඒ ඉදිරියට තිබු පියවරේ ගැබ්වෙලා තිබුනා. මෙය කියවන ඔබත් ගැහැණියක් විය හැකයි. අදිෂ්ඨානය ප්රබලම නම් ස්ත්රීභාවය බුද්ධත්වයට පැමිණීමට පවා බාධාවක් වන්නේ නැහැ.

මතු සම්බන්දයි – තුසිත රාජපක්ෂ මහතා  ප්‍රංශයේ සිට ලියයි …

තුන්වැනි කොටස – https://wp.me/p4UHR6-3DX

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.