Skip to main content

හැලියේ දැමූ ආඳ මත්සයෝ …

චීනයේ මිං අධිරාජ්‍ය සමයේ වන්ලි යුගය නිමාවූයේ ක්‍රි.ව. 1573 සිට 1620 දක්වා කාලයේදීය. ඇමරිකාවේ මසාතුසෙට්ස් (MASSACHUSETTS)දක්වා වන්දනා ගමන් කෙරුණේද මේ කාලයේය. ඒ සමයේ චීනයේ හැංකව්  (HANCHOU) ඉතාම අලංකාර පුරවරය ලෙස නම් දරා තිබුණේය. රටවල් සොයාගත් වීර පුරුෂයින්ගෙන් අයෙක් වන මාර්කෝපෝලෝ මේ නගරය “ කින්සායි” (KINSAI) යනුවෙන් නම්කරමින් එය ලෝකයේ ලස්සනම නගරය යයි ද එහි පාරාදීසයකට අයත් සියලුම අංග ඇතැයි ද සඳහන් කර තිබුණේය. එවකට මේ නගරයේ ඉතා ප්‍රසිද්ධ යූ නමැති මහා ප්‍රභූවරයෙක්මෙන්ම මහා ධනවතෙක්ද වාසය කළේය. යූ මහත්මයා සෑම විටම යහපත් දෙයක් කිරීමෙන් සතුටු වූ මහා දානපතියෙක්ද වූයේය. කවර හේතුවක් සඳහාවත් කිසිම සතකුගේ ප්‍රාණය හානි නොකිරීම යූ මහතාගේ ප්‍රතිපත්තිය වූ අතර, එය තම නිවසේ සියලුම සේවකයින්ට ද, පුහුණු කරවා තිබුණි. සේවක පිරිසද තම ස්වාමියාගේ ඒ උදාර ප්‍රතිපත්තිය අකුරටම පිළිපැද්දෝය.

මේ අපේ කතාවට සම්බන්ධ සමයේ යූ මහතාගේ සමිප තම අසල් වැසියාගේ නිවසට කඩා වැදුණු මංපහරණ පිරිසක් නිවසේ තිබුණ සියලුම දේ රැගෙන යාම නිසා ඔහු අසරණභාවයට පත්විය. මේ අසල් වැසියාට වු මහා අසහනයට පිළියම් වශයෙන් යූ මහතා නැවත ඔහුට දෙපයින් නැගී සිටීමට හැකි වන අන්දමට විශාල ලෙස ධනය පරිත්‍යාග කළේය. මේ මහා පුන්‍යකර්මය ගැන යූ මහතාට ඔවුන්ගේ ඉමහත් ගෞරවය හා ප්‍රසංශාවද හිමි විය. මෙම අසල්වැසි මහතාගේ බිරිඳ මෙම උදාර දානමය පින්කම නිසා යූ මහතාට මහත් ගෞරවයක් හා ලෙන්ගතුකමක් දැක්වූවාය.

එක්දිනක් මෙම අසල්වැසි මහතාගේ බිරිඳට ආඳ මත්ස්‍යයින් දහ දෙනෙක් ත්‍යාගයක් වශයෙන් ලැබුණි. ආඳ මාලු චීන ජාතිකයින්ට ඉතා ජනපි‍්‍රය ඉතා පෝෂ්‍යදායක සුඛෝපභෝගී ආහාරයකි. වයස්ගතව සිටින යූ මහතාගේ මවට මේ මත්ස්‍ය ආහාරය ඇයගේ පෝෂණයට උපකාර වෙතියි සිතූ අසල්වැසි කාන්තාව එම මත්ස්‍යයින් දහදෙනා ත්‍යාගයක් ලෙස යු මහතාගේ නිවසට යැව්වාය. යමකු ත්‍යාගයක් වශයෙන් සතුටින් දෙන දීමනාව ප්‍රතික්‍ෂේප කිරීම චීන සාරධර්ම වලට පටහැනිය. ඒ නිසා තම නිවස තුළ කිසිම ප්‍රාණඝාතයක් නොකරන මුත් ත්‍යාගය පිළිගත්තේ එම ප්‍රාණය සහිත සතුන් දසදෙනා ජලාශයට මුදාහැරීමට සිතා ගෙනය.

ගෙදර තිබුණ විශාල මැටි භාජනයක (හැලියක) දමා පියනෙන් වසා තිබුණ මේ ආඳ මසුන් දහ දෙනා ගැන එම සේවකයින්ට ක්‍රමයෙන් අමතක වී ගියේය. ටික දිනකට පසුව යු මහත්මයාගේ වයස්ගත මව අද්භූත සිහිනයක් දුටුවාය. අමුතු පුදුම උපදවන ඇඳුම් ආයිත්තම් වලින් සැරසුන හිස වසා මුදුන් තුඩ සහිත හිස් වැසුම් පැළඳ ගත් දස දෙනකුගේ් කණ්ඩායමක් ඇඳ කරා පැමිණ ඇඳ අසල බිම දන ගසා හිඳගෙන ඇයට මෙසේ කීහ.

“ අපි ඔබතුමියගේ අනුකම්පාව ඉල්ලා සිටිමු. කරුණාකර අපේ ජීවිත මුදාහැර අපට ජීවිත දානය දෙන්න” මහළු යූ මව මේ සිහිනය නිසා තැතිගෙන නින්දෙන් පිබිදී කල්පනා කළාය. එතුමිය විශාල ගැටළුවකට මැදි වී සිටී. “ කාගේ ජීවිත බේරා ගැනීමටද මගේ සහාය පතන්නේ මා බේරාගත යුත්තේ කව්රුන්ද? “ මේ ආදි නොයෙක් ප්‍රශ්න වලින් අසහනයට පත්වූ එතුමිය පසුව දා උදෑසනම මේ සඳහා උපදෙස් ලබාගන්ට පේන කියන්නා සොයා ගියාය. ඒ අති දක්ෂ පේනකරුවා තම පේන කීමේ මුගුර සොලවා , එතුමියගේ අතද බලා වේලාව දැනගෙන මෙසේ කීවේය.

“ මහත්මාවෙනි- ඔබතුමියගේ ශ්‍රේෂ්ඨ හිසට බරක් කර නොගන්න. මෙය අසුභ හීනයක් නොවේ. සුභ හීනයකි. ඔබතුමියට මේ ගැන බැහැර යාමක් අවශ්‍ය නැත. ඔබතුමියගේ ශ්‍රේෂ්ඨ නිවසේම කොතැනක හෝ හිරවී සිටින ප්‍රාණීන් දහයක් සිටිති” මේ ප්‍රකාශය ඇසු වහාම යූ මැතිණිය ගෙදර අවුත් සියලුම වසා ඇති දේවල් විවෘත කර ඒවායේ පණ ඇති කවුරුන් හෝ සිටීදැයි බලන ලෙස නියම කළාය. මේ ඇසූ විට එදා ත්‍යාගයට ලැබුණ ආඳ මත්ස්‍යයින් දහ දෙනා ගැන මතක් වී එම වැසූ භාජනයේ වූ ආඳ මත්ස්‍යයින් දහය අසල තිබුණ වැවට මුදාහරින ලදී. එය කිරීමට දන්වන අතරම එතුමිය මෙසේද කීවාය.

“ අපි බැරිවීමකින් අතපසුවීමකින් ප්‍රාණ දහයක් හිරකරගත සිටියෙමු. මෙම හීනය මට අවබෝධ කරන ලද්දේ ඒ ආඳ මත්ස්‍යයින් ගේ ආත්මය (SPIRIT)විසින් වන්ට ඇත. වහාම ඒ මත්ස්‍යයින් අසල ඇති වැවට මුදා හරින්න”

වැවට මුදාහරින ලද මත්සයින් දහදෙනා දීර්ඝ කාලයක් සුවසේ කෙළිදෙළෙන් යුතුව ජීවත්වන්නට ඇත. යු මහතාට බොහෝ විශාල ලෙස ධනය ලැබෙන්ට පටන් ගත්තේය. බොහෝ ප්‍රසාද ද ලබන්නට ඇත.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.