Skip to main content

හැම අතින් ම පැහැදීම් ගෙනදෙන භික්ෂූන් අතර අගතැන්පත් උපසේන මහරහතන් වහන්සේ …

වග්ගන්ත පුත්‍ර උපසේන මහරහතන් වහන්සේ හැම අතින් ම පැහැදීම් ගෙනදෙන භික්ෂූන් අතර අගතැන්පත් වූ සේක. තමා පමණක් නොව තමාගේ පිරිස ද එබඳු පැහැදීම් ගෙනදෙන ගති පැවතුම් ඇති හෙයින් ඒ පදිංචියට සුදුසු කම් ඇති භික්ෂුවක් වූ සේක. උන්වහන්සේගේ පූර්වාපර චරිතාපදානය පහතින් දැක්වේ.

කල්ප ලක්ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ සියලු සතුන් සසරින් එතෙර කරවනු පිණිස ධර්ම දේශනා කරන සමයෙහි මේ උපසේන තෙරුන් වහන්සේ හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනු පිණිස විහරස්ථානයට ගිය. එකල්හි බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක් “හැම අතින්ම පැහැදීම ගෙනදෙන භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය“ ලබනු දැක මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ අධිෂ්ඨාන කොට සත් දවසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් පවත්වා අවසානයේ දී තම අපේක්ෂාව බුදු බුදුරජාණන් වහන්සේට සැලකර සිටියේය. බුදුරජාණන් වහන්සේ  අනාගතය බලා ඔහුගේ  ප්‍රාර්ථනාවන් සඵල වනු දැක “ කුල පුත්‍රය, තොප ගේ අභිප්‍රාය මෙයින් කල්ප ලක්ෂයකටයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිද්ධ වන්නේ යැ“ යි නියත විවරණ දුන් සේක.

හෙතෙම ජීවිතාන්තය දක්වා කුසල් රැස් කොට එයින් චුතව දෙව්ලොව මිනිස් ලොව සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි නාලක නම් බමුණුගම සාරි නම් බැමිණියගේ  පුත්ව උපන්නේය. ඒ පුත්‍රයාට “ උපසේන “ යයි නම් තැබුවාහුය.

උපසේන මානවක තෙමේ වැඩිවියට පැමිණි බණ අසා පැහැදී බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිවිය.  උපසේන තෙරුන් වහන්සේ උපසම්පදා වීමෙන් අනතුරුව වසක් ගත වූ කල්හි තවත් කුල දරුවකු මහණ කොට උපසම්පදා කරවීය. එකල උපසේන තෙරුන්ට වස් දෙකක් පමණ විය. උන්වහන්සේ තමන් පැවිදි උපසම්පදාව ශිෂ්‍ය තරුණ තෙරුන් වහන්සේ ද කැටුව දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ සිටි සේක. එකල බුදුරජාණන් වහන්සේ තෙරුන් අමතා “මහණෙනි, ඔබ කොතෙක් වස් ඇද්දැ“යි විචාරා දෙවසකැයි යි කී “ කල්හි තොපගේ ශිෂ්‍යා කොතෙක් වත් දැ“ යි විචාරා උපසේන තෙරණුවෝ පිළිතුරු දෙමින් එකකැයි කී විට බුදුරජාණන් වහන්සේ උපසේන තෙරුන් අමතා “ හිස් පුරුෂය ඔබ ඉක්මනින් මහන් තත්වයට පැමිණේ යැ“ යි වදාරා නොයෙක් ආකාරයෙන් ගර්භා කළ හෙයින් බලවත් සේ කලකිරුණු උපසේන තෙරණුවෝ “ කවදා හෝ මා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ප්‍රශංසා ලබන්නෙමි“ යි අධිෂ්ඨාන කොට එදිනම විවේක ස්ථානයකට ගොස් විදර්ශනා වඩා රහත් වූ සේක්.

උපසේන තෙරුන් වහන්සේ ධර්ම ධර්මකථික භික්ෂුව මෙන් හැම තැනම ප්‍රසිද්ධ වීම නිසා බොහෝ කුලපුත්‍රයෝ උන්වහන්සේගේ ළඟ පැවිදි වෙති. තෙරුන් වහන්සේ විචාරණ සේක් “ මම ආරණ්‍යක යමි. කෙපිද  එසේ වන්නට කැමති නම් පමණක් පැවිදි වවු“ යනුවෙන් වදාරන සේක්.  ඔවුහු ද “ අපි එසේ වන්නට කැමැත්තෙමු “ යි පිළිතුරු දෙති. මේ අන්දමින් කෙළෙස් ධුතාංග ම කිරීමට කැමති අය පමනක් පැවිදි කරවුහ. උපසේන තෙරුන් වහන්සේ දසවස්  වූ කල්හි විනය ප්‍රගුණ කොට සියලු ශිෂ්‍ය භික්ෂූන් සමඟ ජේතවනාරාමයට වැඩිසේක. එකල බුදුරජාණන් වහන්සේගේ එක් ශිෂ්‍ය භික්ෂුනක් අමතා “ මහණ, පංශුකුලිකාංගය සිත් ගන්නේ දැ“යි විචාළසේ ක; “ වහන්සේ මට  පංශුකුලිකාංගය ප්‍රිය නැත,

එහෙත් මාගේ ආචාර්යයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අංගය සමාදන් වෙමි“යි උන් වහන්සේ  පිළිතුරු දුන් සේක. “ සාදු සාදු උපදේනය, ඔබ හොඳින් ශිෂ්‍යයන් ප්‍රගුණ කොට ඇතැ“යි බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කළ සේක . මෑත භාගයේදී සර්වඥයන් වහන්සේ උපසේන තෙරුන් අමතා “ එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං සමන්තපාසාදිකා නං යදිදං උපසේනො වන්ගන්තං පුත්තො“ යනුවෙන් වදාරා අග්‍රස්ථානය ලැබූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.