Skip to main content

සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ අසිරිමත් සිදුවීම

2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.

එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය.

ගෞතම බුදුරදුන්ගේ කාලයේ විශාලා මහ නුවර තුන් බියක් ඇති වූයේ එකල මිනිසුන් සිල්වත්ව නොහැසිරුනු නිසා ය.එදා කැළණිතිස්ස රජ සමයේද මුහුද ගොඩ ගැලීමක් සිදු වූයේ රජතුමා,කැළණිතිස්ස මහ රහතන් වහන්සේට කළ අපරාදය නිසා දෙවියන් කෝප වූ නිසාය.මේ කතාන්දරය කැළණි විහාරයේ හරි අපූරුවට සිත්තම් කරලා තියෙනවා. එදා සිංහල දේශයෙන් 11/12 ක්ම මුහුදට යට වුණි. තොටුපලවල් ලක්ෂයක් විනාශ වුණි. මිනිස් ජීවිත විශාල ගණනක් නැති වුණා. එකල අප රටට අයත් වී තිබුණ දූපත් 11ම මුහුදට යට වුණි. ගම්මාන 1450ක් මුහුදට යට වී ඇති බව පොත් පත් වල දැක්වේ.

165338_483806746389_1781876_n

කැළණිතිස්ස රජු විසින් මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

148271_483808706389_7117303_n

කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම

 

63488_483809251389_3830294_n

වම්පස ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිලිම වහන්සේ ය. දකුනු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් පෙර කී පරිදි වතුර ගලා ඒම නැවැත් වීමට සල පිලිම වහන්සේ නමක් තැන්පත් කරන අයුරුයි.

163991_483809841389_7156245_n

කැළණිතිස්ස රජු මගුල් ඇතු පිට ගමන් කරන විට ඇතු සමගම මුහුදට ගිල ගන්නා අයුරු

2004 සුනාමියත් එම නිසාම සිදු වූ බවටද අනුමාන කළ හැක.

 

මේ දහම් දිවයිනේ දහස් ගණන් සතුන් මරනවා.මිනිසුන්ගේ ලේ වලින් පොළව තෙත් වෙනවා.මිනිසුන් ධර්මයේ හැසිරෙන්නේ නෑ. බුදුරදුන්ගේ ආශිර්වාදය, සම්‍යක් දෘෂ්ඨික දෙව්වරුන්ගේ ආරක්ෂාව තිබුනත් එය ගගට ඉනි කැපුවාක් මෙන් විය.මනස විකුර්ති කරන සන්ගීත,නැටුම සන්දර්ශන වල කෙලවරක් නෑ.සුරාව,සූදුව,අසාධාරණය රජ කරන කාලයක් විය.ඇතමුන් සල්ලි වලට රැවටෙනවා.

දැන් අපි කතා මාතෘකාව දෙසට හැරෙමු….

එදා මහ මුහුද හැමෝටම කරදර කළා.නමුත් එදා අප රටේ තිබූ කිසිම බුදු පිලිමයකට හානියක්,අතුරුආන්තරාවක් සිදු වී නොතිබුනි.අප රටේ සෑම තැනකම බුදු පිලිම ඇත.පන්සල් ඇරුනු කොට අප රටේ හන්දියක් හන්දියක් ගානේ,සෑම බෝ ගහක් යටම බුද්ධ ප්‍රතිමා ඇත.මහ මුහුද ළග සිටි කිසිදු බුදු පිළිමයක් එදා සෙල වුනේ නැත.මුහුදු රැල්ලට විහාර ගෙයි වැඩ සිටි ධාතු කරඩු තල්ලු කරන්න බැරි වුණා.මොනතරම් අසිරියක් ද? මොන තරම් පුදුමයක් ද? බුදුරදුන්ගේ ආශ්චර්යමත් බව එදා හැමෝටම පෙනුණා. එදා පැරෑලියේදී කෝච්චියේ ගමන් කළ සින්හල,දෙමල,මුස්ලිම් සහෝදර පිරිස් කෝච්චි පෙට්ටි සමගම මුහුදට පෙරලුනා.කිසිම කෙනෙකුට හෙල්ලීමටවත් නොහැකි කෝච්චි රේල් පීලි පවා ඇබරී ගොස තිබුනා. එත් හන්දි වල ඇති හැමෝටම එහා මෙහා ගෙන යා හැකි,ඉතාමත් සැහැල්ලු ,සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයකටත් වඩා කුඩා, වීදුරු පෙට්ටි තුළ තැන්පත් කර ඇති කිසිදු බුද්ධ ප්‍රතිමාවකට හානියක් වී තිබුණේ නැත.

 

අඩි 50ක් තරම් උසට ආ මහා මුහුදු රළ පරාජය කරමින් එදා මුහුද අසල තිබූ සියලූම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහා කරුණාවෙන් වැඩ සිටියා.මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරදුන්ගේ ආශිර්වාදය අප රටට ඇති බවයි.උන්වහන්සේගේ අධිෂඨාන,ආශිර්වාද සියල්ලක්ම මුලු විශ්වය පුරාවටම පැතිරී තිබෙනවා.

බුදු දහම යනු විශ්වීය ආගමක් බව මෙම වීඩියෝ දර්ශන වලින් මනාව පැහැදිලි වේ.

 

එම වීඩියෝ දර්ශන වල සාරාන්ශය මෙසේය;-

“පිට සක්වළ ජීවිහු අතර “දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු “තත්ථාගහ්” (Thaththaggah) සහ “නීදෝක්” (Needhok) යන නාමයන්ගෙන් අමතති…”

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය “විශ්ව බෞද්ධ” ප්‍රජාවක් ගැන නොවේද?……( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි “ආගමික” රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු “පෘථිවි” ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාලයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාලයකි…”චාතුර් මහා රාජික” ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!… මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි…!!!! එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය “ඒලියන්” උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් “ඒලියන්” සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් “හබල්” දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට “නමෝ බුද්ධාය!” කියනවා විය යුතුය….

 

එදා ගාල්ල නගරය මුලුමනින්ම විනාශ වූවත් නගරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා 2න් 1 ප්‍රතිමාවකට හෝ හානියක් වූයේ නැත.ඒ ප්‍රතිමා 2කට පින් සිදු වන්නට ඒ අසල සිටි බොහෝ දෙනා බේරුණා.ආරුගම්බේ අසල බුදු පිලිමයද සමාධි සුවයෙන් වැඩ සිටියා.මෙය පුදුමයක් නොවේ ද?

බුදු ගුණ අනන්තයි.අප්‍රමාණයි……

සාධු සාධු සාධු

පහත දැක්වෙන්නේ මහ මුහුද ජය ගත් බුදු පිලිම කිහිපයකි……

33798_483819961389_3209530_n 163913_483820051389_7061785_n 166465_483820131389_2184582_n 165683_483820166389_8108700_n 162653_483820206389_5453682_n 157082_483820356389_6970286_n 163196_483820736389_1758459_n  35619_483820831389_4758543_n 69697_483820916389_6537585_n 163816_483821061389_2129471_n 164148_483821186389_5575579_n  65822_483821316389_3994776_n 74686_483821411389_2894543_n 157084_483821446389_2555934_n

 

65839_483830581389_4250158_n

 

අන්තර්ජාලයේන් උපුටාගන්නා ලද ලිපියකි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.