ඇමරිකාවේ ජනාධිපති තරඟය අවසන් වී වැඩි දිනක් ගත වී නැති බව කවුරුත් දනිති. පක්ෂ දේශපාලනය පවත්නා රටවල කවුරුන් විසිනුත් විෙශ්ෂයෙන් සිංහල රට වැසියන් විසින් දූරදර්ශී වැ ඥානවන්ත වැ සලකා බැලිය යුතු ප්‍රකාශ දෙකක් ඇමෙරිකාවෙන් නිකුත් විය.
පළමු වැන්න මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයත් සමඟ ම පරාජයට පත් වූ හියුබට් හම්ප්‍රි මහතා ගේ ප්‍රකාශය යි. එනම්, “ජයග්‍රාහක රිචඩ් නික්සන්, තරඟයේ ජය ඔබට පවරමි. ඔබේ ජය ගැන මම සතුටු වෙමි. ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය සෑම සහයක් ම ඔබට දීමට මම දිවුරා පොරොන්දු වෙමි” යන්න යි.
ලංකාවට නිදහස ලැබුණාට පසු මහා මැතිවරණ හයක් පවත්වා ඇත. ඉන් එක වාරයෙක දී හෝ පරාජිත පක්ෂය මෙබඳු ප්‍රකාශයක් කළ බවක් මට නම් මතක නැත. ඒ වෙනුවට හැම වාරයෙක ම ආණ්ඩු පක්ෂයට විපක්ෂය විරුද්ධ කම් කළ බව නම් ප්‍රකට ය.