Skip to main content

සැබෑ ප්‍රඥාවන්තයා හදුනාගෙන භවය කෙලවර කල භද්‍රාවුධ මහරහතන් වහන්සේ …

භද්‍රාවුධ මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි එක්තරා කුල ගෙයක ඉපිද වැඩි වියට පත් වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පැහැදී ” අනාගතයෙහි රහත් ඵලයට පැමිණ සසර දුක් කෙළවර කරමි” යයි අධිෂ්ඨාන කොට බොහෝ කුසල් රැස් කළහ. හෙතෙම එයින් චුතව දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද භද්‍රාවුධ නමින් ප්‍රසිද්ධව විසීය. එකී භද්‍රාවුධ බමුණා බාවාරි තවුසාගේ ශිෂ්‍යයකු බවට පැමිණ තාපස ජීවිතයක් ගත කරන සමයෙහි බාවාරි තවුසාගේ අනුදැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණි යේ ය. උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නය ද විචාළේ ය.

”  තෘෂ්ණා ආලය අත් හරින, කම්පා නොවන, ඕඝ තරණය කළ කෙලෙසුන්ගෙන් මිදුන තෘෂ්ණා දෘෂ්ටි සිතිවිලි අත් හරින, ඤාණවන්තයා කවරෙක් ද? “

බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මෙසේ වදාළ සේක. 

” භද්‍රාවුධ ය, තදින් අල්ලා ගන්නා වූ, සියලූ තෘෂ්ණාව හික්ම වු සත්ව තෙම උඩ ද යට ද සරස ද, මැද ද, ලෝකයෙහි යමක් යමක් ගනී ද ඔහු සමග මාරයා ලූහු බඳී. එය දැනගත් ශ්‍රමණ තෙම සිහි ඇත්තේ ලෝකයෙහි කිසිවක් නොගෙන ජීවත් වෙයි. ම

 මේ දේශනාව කෙළවර භද්‍රාවුධ තාපසයා ඇතුළු දහසක් පිරිවර තවුසෝ රහත් වුහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලූ දෙන එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළහ. භද්‍රාවුධ තෙරුන් වහන්සේ අසූමහා ශ්‍රාවක පිරිසට ද අයත් වූ ස්ක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.