Skip to main content

සතර පටිසම්භිදාවහි දක්‍ෂ භාවය ඇති භික්ෂුන් අතුරෙහි අග්‍ර වූ මහා කොට්ඨිත මහරහතන් වහන්සේ

අත්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදායන සතර පටිසම්භිදාවහි දක්‍ෂ භාවය ඇති භික්ෂුන් අතුරෙහි මහා කොට්ඨිත මහරහතන් වහන්සේ අග්‍ර බවට පැමිණි සේක. අනිකුත් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේලා ගෙන් මෙන් ම බුදුරජාණන් වහන්සේන්ගෙන් ද පටිසම්භිදා ධර්මයන් ගැනම කරුණු විචාරණ හෙයින් මුන් වහන්සේ පටිසම්භිදාවට පැමිණි භික්ෂුන් අතුරෙහි අග්‍ර යයි දක්වනු ලැබේ. මහා කොට්ඨිත තෙරුන් වහන්සේ ගේ පූර්වාපර චරිතාපදානය යට දක්වනු ලැබේ.

මෙයින් කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර මහත් සම්පත් ඇති කුලයක උපන් කොට්ඨිත තෙරුන් වහන්සේ එකල බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසන අවස්ථාවක එක්තරා භික්ෂුවක සිව්පිළිසිඹියාවට පැමිණි භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානයක තබනු දැක තමා ද අනාගතයෙහි බුදුකෙනෙකුගෙන් එම පදවිය ලබන අදහස ඇති විය.

හෙතෙම සන්දිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහදන් පවත්වා අවසානයේ දී තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේ දන්වා සිටියේ ය. සර්වඥයන් වහන්සේ අනාගතය බලා එය සඵල වනු බව දැන කුල පුත්‍රය තොපගේ ප්‍රාර්ථනාව මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේන්ගේ ශාසනයෙහි සඵල වන්නේය, යි විවරණ දුන් සේක, හෙතෙම අප්‍රමාණ පිංකොට සසර සැරිසරා දෙව් මිනිස් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වු කල්හි සැවැත් නුවර බමුණු කුලයක ඉපිද කොට්ඨිත මාණවක නමින් ප්‍රසිද්ධව විසීය. ත්‍රිවේදය ඉගෙන එහි පරතෙරට ගොස් වාසය කරන කල්හි එක්තරා දිනක පේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා පසුව පැවිදි විය. පැවිදි භාවයට පත්වූ මහා කොට්ඨිත තෙරණුවෝ නොබෝ කලකින් සිව් පිළිසිඹියා රහත්භාවයට පැමිණ නිතරම සතර ප්‍රතිසභිදා ගැනීම ප්‍රශ්න කෙරෙමින් එහි මනා පටුත්වයක් ලබා ගත් සේක.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපර භාගයේදී මහා බෝධීත මහරහතන් වහන්සේ විසින් වදාරන ලද අති ගම්භීර මහා වේදල්ල සුත්‍රය අරමුණු කොට ගෙන භික්ෂු සංඝයා මධ්‍යයෙහි මහා කොට්ඨිත තෙරුන් අමතා එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං පටිසම්භිදාපත්තානං යදිදං මහා කොට්ඨිත යනුවෙන් වදාරා ප්‍රතිසම්භිදා ප්‍රාප්ත භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය දුන් ස්ක

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.