විද්‍යාව දිනෙන් දින දියුණු වන බව වත්මන් ලෝකය දෙස බැලු විට නිතැතින් ම පෙනී යයි. එහෙත් ආගම අංශයෙන් බැලුවහොත් ඒවායේ පිළිවෙත් හෝ දර්ශනයෙහි හෝ දියුණුවක් ඇති වන බවක් නො පෙනේ. මෙම තත්ත්වය නිසා නවීන විද්‍යාවේ දියුණුව විසින් ආගම් යටපත් වී යා හැකි ද යන ප්රශ්නය ඇතැමෙකුගේ සිතට නිතැතින් ම නැගෙයි.
“ආගම්” යන පොදු වචනයෙන් මේ තත්ත්වය විග්රහ නො කොට බුදු දහම යන්නෙන් විග්රහ කළ හොත් අපට පැහැදිලිව පැවසිය හැක්කේ අදත් බුදු දහම නවීන විද්‍යාව පරදා ඉදිරියට ගොස් ඇති බවය. එපමණක් නොව අනාගතයේ දී ඒ ජයග්‍රහණය තව තවත් පතළ වන ලකුණු නවීන විද්‍යාවේ දියුණුවත් සමග ම පැහැදිලි ව පෙනේ.
“බුද්ධාගම”, “ආගම්” යන ශබ්ද නැගෙන වචනයෙන් හැදින් වුව ද බුදු දහම විද්‍යාවක් බව නිසැක ව ම කිව හැකි ය. එමෙන් ම නවීන විද්‍යාවත් “විද්‍යාවකි.” බුදු දහම අභ්‍යන්තර ලෝකය පිළිබඳ විද්‍යාව වන අතර නවීන විද්‍යාව බාහිර ලෝකය පිළිබද විද්‍යාව ලෙස හැදින්විය හැකි ය. අදට අවුරුදු 2558 කට පෙර බුදුන් වහන්සේ අභ්‍යන්තර ලෝකය පිළිබඳව දත් යුතු සියල්ල දැන තමා ලත් ඒ දැනුම ලෝකයාට ප්‍රකාශ කළේත් “විජ්ජා උදපාදි” (විද්‍යාව පහළ විය) යනුවෙනි.
ලෝකයේ පළමු වරට ගැඹුරු අර්ථයක් දක්වනු සදහා “විද්‍යා” යන වචනය යෙදුවේ බුදුන් වහන්සේ ය. බුදුන් වහන්සේ ගේ මත හා ප්‍රකාශයන් අද බොහෝමයක් නවීන විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ.