Skip to main content

වැලන්ටයින් ‍ශෝකාන්තය …

එක් එක් ආගම්වලට සුවිශේෂ දිනයන් පවති එම දිනයන් ඔවුන් විවිධ උත්සවයන් සංවිධාන කරති .එයට හේතුව එම දිනයහි යම් ආගමික විශේෂ සිද්ධින් සිදුවී තිබීමයි . එලෙසම සතියේ යම් යම් දිනයන් ද එක් එක් සමාජය සදහා උත්සව සිරියක් ගනී පොහොය දිනය බොදු ජවතාවටදථ ක්‍රිස්තියානි සමාජය ඉරිදා දිනය මුස්ලිම් සමාජයට සිකුරාද දිනය ද සුවිශේෂය . අප එනම් ලංකික සමාජය ඉරිදා දිනයන් හි මුහුදු වෙරල උද්යානය ජනයා ගැවසන ඉස්ථානයන් හට එක් රොක්වී ප්‍රිතිවෙති එම අව්ස්ථාවහි ඔවුන් නීතියට පටහැනි දෙවල්ද කරති .

මෙලෙසමයි එක් එක් ආගමික දිනයන්හිද සමරති .උදාහරණයක් ලෙස බෞද්ධ ජනතාවගේ වෙසක් , පොස, යන දිනයන් බුදුන් වහන්සේගේ උපත , බුද්ධත්වය ලැබීම , පිරිනිවන් පෑම යනාදියද .ක්‍රිස්තියානි බැතිමතුන්ගේ නත්තල් දිනය ක්‍රිස්තුන්වහන්සේ උපත ,හින්දු ජනතාවගේ පොංගල් , දීපාවලි .මුස්ලිම්වරුන්ගේ හජ්ජි, ආගමික විශේෂ දිනයන් ලෙස හැදින්විය හැකි .මෙම දිනයන් අප සමරන්නෙත් සිහිකරන්නෙත් එම ආගමික නායකයන් කල කැපකිරිම සිහිකිරිම උදෙසය .එලෙසම රටක් වශයෙන් අප සිහිකල යුතු දිනයනම් එය අපගේ නිදහස දිනයයි මන්ද එම වීරයන කල කැපකිරීම සිහිකිරීම උදෙසය .


අප ජිවත්වන ලොකය තුළ හොඳ දේ වගේම නරක දේවල්ද පවති .අලෝකය ,අන්ධකාරය , උගත් නුගත් යනාදී දේවල් ද පවති . මෙය අප දින දර්ශනයට ද පැමිණ ඇත එලෙස පැමිණි නරක කාරණයක් නම් වැලන්ටයින්ස් ඩේ එනම් ආදරවන්තයන්ගේ දිනය . අප ලෙස පවසන විට තාරුණ්‍ය වියේ පසුවන උදවිය අපව පසුගාමිකයන් ලෙස හැදින්විය හැකි මන්ද ඔවුන් මෙය ආගමික කටයුතකට වඩා අගය කරති . ඔවුන් අප මෙම සියවසට ඔබින් නැති කොටසක් ලෙස හැදින්වීමට පුළුවන් .මෙම ලිපියට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන් එනම් යම් කෙනකු මෙම දිනයට පක්ෂයි නම් මෙම ප්‍රශ්නයන් සදහා පිළිතුරු ලබාදෙන්න .
මෙම දවසහි ඇති වැදගත් කම කුමක්ද ?
මෙම දිනය අපට උගන්වන පාඩම කුමක්ද ?එවෙනි යම් වැදගත්කම තිබේද?
මෙම දියට යම් වටිනාකමක් තිබේද ?
මෙම ප්‍රශ්නයන් සදහා පිළිතුරු මෙයයි .
රෝම අධිරාජ්‍ය සමයේ රෝමන් භ්ටයන්ට විවාහ වීමට තහනම් ය . එවකට ජිවත්වූ” වැලන්ටයින් ” නමැති සාන්තුවරයෙක් විසින් රෝමන් භටයන්ට රහසිගතව විවාහ සිදුකළේය . මෙය සාමන්‍ය සිදුවීමකි . මෙය සැමරීමට තරම් දෙයක් නැත .එම සාන්තුවරය උදව් කළේ රෝමන් භටයන්ය.එම සිද්ධිය විශේෂ වන්නේ එවකට ජිවත් වූ රෝමන් භටයන්ට පමණි .මෙය විශ්වයේ දිනයක් හෝ අනිවාර්යෙන්ම සැමරිය යුතු දෙයක් නොවන බව සාමන්‍ය මිනිසෙකුට පවා අවබෝධ කරගත හැක . විශාල සමාජ පෙරළියක් ඇති කළ ,නවීන සොය ගැනීම් සිදුකළ මිනිසුන් අතරින් මෙම වැලන්ටයින් නමැති සාන්තුවරයාව සමීප කිරිමට පවා නොහැක .
කොහෙම වෙතත් සෞදි අරාබිය” පකිස්තානය” ඉරානය වගේ රටල ආදරවන්තයින්ගේ දිනය සැමරීම තහනම් කරල තියෙනව’ ඒකට ප්‍රධාන තර්කය හැටියට පේන්න තියෙන්නෙ වැලන්ටයින් දිනය නිසා සංස්කෘතියට හානියක් සිදු වෙනවයි කියන එක’ මේ මතය අද වෙන කොට ලංකාව ඇතුළෙත් පේන්න තියෙනව’ අපිට බොහෝ විට පේන්න තියෙන දෙයක් තමයි මේ ආදරවන්තයින්ගේ දිනය තාමත් නගරයට පමණක් සිමා වුණ දෙයක් කියල’ ලංකාවෙ තියෙන සංස්කෘතියෙන් එහාට ගිය පිරිසක් පමණක් මේ ආදරවන්තයින්ගේ දිනය සැමරීම නිසා සහ ඔවුන්ගේ විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව වැලන්ටයින් දිනය දැඩි ලෙස විවේචනය කරන බවක් පේන්න තියෙනව’ වැඩිහිටි අය කියන දෙයක් තමයි වැලන්ටයින් දිනය කියල කරන දේවල් මහ බොළඳ වැඩ කියල කිසිම ප්‍රයොජනයක් නැති දෙයක් කියල’

ඒ වගේම තවත් කාරණයක් තමයි ආදරවන්තයින්ගේ දිනය අද වෙනකොට වාණිජකරණයට ලක්වීම’ උසස් යැයි සැලකෙන සමාජ පන්ති වල තරුණ තරුණියන් ඉලක්ක කරගෙන තමන්ගේ වාණිජ පරමාර්ථ ඉෂ්ට කර ගැන්න විවිධ වැඩසටහන් සමාජය තුළ දියත්වන ආකාරයක් පෙනෙන්නට තිඛෙනවා’ විශාල වශයෙන් රාත්‍රී සමාජශාලා නාගරික පරිසරය තුළ ව්‍යාප්ත වීමත්” ඒ වටා උසස් යයි සැලකෙන සමාජ පන්ති වල තරුණ තරුණියන් ඒකරාශී වීමත්” සමාජශාලා අයිතිකරුවන්ට වැලන්ටයින් දිනය තම වාණිජ කටයුතු ස`දහා යොදා ගැනීමට රුකුලක් වී තිඛෙනවා’

90 දශකයෙ තමයි ලංකාවෙ වැලන්ටයින් දිනය සමරන එක ආරම්භ වෙන්නෙ’ විශේෂයෙන් මේ වැලන්ටයින් දින සැමරුම සිරස නාලිකාව ගෙනාපු විෂබීීජයක් කියලත් වැඩිහිටියො කියනව’ ඒකටත් හේතුවක් තියෙනව’ ඔබට මතක ඇති.

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් —රත්තරන් වැස්ස˜ වැනි වැඩසටහන් අප රට තුළ ක්‍රියාත්මක වුණා’ මේක කළේ සිරසෙන් ලංකාව ඇතුලෙ විවිධ දේවල් වාණිජකරණය කරන්න අපේ භෂාවෙන්ම කියනවනම් මාකට් කරන්න සිරසට හැකියාවක් තිබුණ ඒකට ප්‍රධාන හේතුවක් තමයි සිරස වටා ජනතාව ඒකරාශී වීම’ මේ ඇතිවෙච්ච ජනතා ප්‍රතිචාරත් එක්ක සිරසට පුලූවන් වුණා කවදාවත් ලංකාවෙ අය හිතපු නැති විදිහට වැලන්ටයින් දිනය මාකට් කරන්න’ සිරස මේකට පාවිච්ච් කළා එහෙමත් නැත්තම් ඩැහැගත්ත ඒ වෙද්දි තාරුණ්‍ය හා වෙලූණු චරිතයක් ඒ උපුල් ශාන්ත සන්නස්ගල’ සිරස හිතුව තරුණ පරපුරේ සිත් දිනාගෙන හිටපු මේ පුද්ගලයව මේ කාරණයට ඉත්තෙක් කරගත්තම ලොකු ප්‍රචාරයක් සමාජය තුළින් ලබාගන්න පුලූවන් කියල’ ඒ ක්‍රියාදාමය සාර්ථක වුනා’ උපුල් ශාන්ත සන්නස්ගල මේකෙ හවුල් කාරයෙක් වෙනවත් එක්කම විශාල තරුණ පිරිසක් මේකට එකතු වෙනව’ මේ රත්තරන් වැස්ස වැඩසටහන ස`දහා සහභාගී වෙන්න අවස්ථාව ලැඛෙන්නෙ පෙම්වතුන්ට පමණයි ඒකියන්නෙ ප්‍රේමයෙන් වෙලූනු ජෝඩු වලට පමණයි’ කොහොමහරි අදාල දවසෙ විශාල පිරිසක් රත්තරන් වැස්සේ අශ්වාදය වි`දින්න මහරගම තරුණ සේවා සභාවට එනව අන්තිමට සංවිධායකයන්ට මේ පිරිස පාලනය කරගන්න බැරිවෙලා මහා ගැටුමක් බවට මේක පත්වෙනව’ අවසානයේ ආදරවන්තයින් යැයි කියාගන්නා පිරිස සමස්ත සමාජය ඉදිරියේ අශීලාචාර පිරිසක් බවට හංවඩු ගැහෙනව’ මේ රත්තරන් වැස්ස නමින් ඇති කරන්න හැදුවෙ අශීලාචාර තරුණ පරපුරක් කියල හිතපු සමාජය මීට වඩා හරවත් විදිහට සමාජය දිහා බලන්න” ආදරය දිහා බලන්න තරුණ

පරපුර හුරු කරන්න හිතාගෙන විවිධ ආගමික වැඩසටහන් පටන් ගන්නව’ මේකෙදි රත්තරන් වැස්ස ඉලක්ක කරගෙන කරපු වැඩසටහන තමා අමා වැස්ස’ මෙන්න මේ ආකාරයෙන් ආදරවන්තයින්ගේ දිනය විවිධ වැඩසටහන් දියත් වෙනව වගේම විවිධ අර්ථ කථනත් එකතු වෙනව’

විවිධ මාධ්‍ය ආයතන වලින් අදත් මෙවැනි වැඩසටහන් සමාජය තුළ ක්‍රියාත්මක වෙනව’ සංවිධාන මගින් විවිධ උත්සව සංවිධානය කරනකොට අර කලින් ස`දහන් කළා වගේ සංස්කෘතික සහ සමාජ ගැටළු මුල් කරගෙන සමාජය තුළ විවේචන එල්ලවෙනව වගේම මෙම ක්‍රියාකාරකම් වලට එරෙහිව —අමාවැස්ස˜ වගේ වැඩසටහන් බිහි වෙනව’

ආගමික දිනයක් හෝ නිදහස් දිනයක් නම් එහි සුවිශේෂ වූ සැමරීමට යම් මුලීක හේතුවක් තිබේ . එනම් වැලන්ටයින් දිනය මෙතරම් සුවිශේෂ දිනයක් ලෙස ලොව හඳුන්වන්නේ ඇයි ?
මෙම දිනයේ දුරාචාරය ,අශෝභන ,අවිනීත ,සල්ලාලකම පතුරුවන්නේ ඇයි?
තරුණ තරුණියනි සිතා බලන්න . මෙහි කුමක් හෝ වෙනත් පටු අරමුණක් ක්‍රියාත්මක වන බව අපට පෙනී යයි. යෞවන අවදිය පවිත්‍ර, මිල කළ නොහැකි අවධියකි . නමුත් මෙම දිනයේ යෞවන යෞවනියන් පවිත්‍රකමේ බාධක බිඳ දමා තම තමන්ගේ කාමුක හැඟීම් උච්ච ස්ථානට ගෙන තරු පහේ හෝටල්වල , රාත්‍රි සමාජ ශාලවල නටති . තිරිසනුන් ලෙස හැසිරති .මෙම ක්‍රමය අතීතයේ නොතිබුණත් අද බටහිර ලෝකය මෙය සාධාරණීයකරණය කර ඇත. කිසිම අර්ථයක් නොමැති මෙම දිනයට සුවිශේෂ වූ ස්ථානයක් බටහිර ලෝකය විසින් ලබා දී තිබීම විහිළුසහගතය . මෙම දිනයට අපහට නියම අර්ථයක් ලබාදිය හැක එනම් “කාමශාව , රාගය සහ අසංවර බව උත්සන්න කරන දිනය ” යනුවෙනි.

අසරණ දෙමාපියන් දරුවන් ලොකු මහත් කරන්නේ සමාජයට යහපත් පුරවැසියන් බිහිකිරීමටයි. ඔවුන් හෝටල් කාමරවල පිරිමින් ඉදිරියේ නිරුවත් වේනම්, සිය පිරිසිදු බව සල්ලාලයන්ට පූජා කරයිනම් තිරිසනුන් නොවේද? හෙට දිනය තුල ලංකාවේ හොටල් කාමර කීයක් තරුණ තරුණියන්ගෙනි පිරී යයිද? කී දෙනෙක තම කන්‍යාභාවය විනාශ කරගනීද? මෙයද සැබෑ ආදරය.
අප මෙම දිනය වෛරකිරිමට හේතුවක් ඇත .එය මිනිසාගේ සිත වහල්භාවයට පත්කරන නිසාය . මෙය වහල්කම සැමරීමකි .අප මෙසේ පවසන්නේ බුද්ධිය යනු මිනිසාට ලැබූ ඉමහත් දායාදයකි . මිනිසාව විද්‍යාවෙන් ,තාක්ෂණයෙන් ,කලාවෙන් , සංස්කෘතිකයෙන් ,ගෘහ නිර්මාණ ශිල්පයෙන් මිනිසාව දියුණු කළේ එයයි . නිසි බුද්ධියක් තිබෙන වැලන්ටයින් ඩේ පිළිබඳව අවබෝධයක් තිබෙන කෙනෙක් තමන්ට මෙම දිනය සැමරිය යුතු යැයි නොපවසයි . එසේ පවසන කෙනෙක් සිටිනවානම් ඔහු තමන්ගේ රාගයට හා කාමාශාවට මුල් තැන දෙන්නකි .තමන්ගේ මතයට යටත් වූවෙකි . තමන්ගේ මනසට යටත් වී හැසිරෙන්නේ සතුන් ,සිව්පාවුන්ය .බුද්ධිමත් ,විනීත පුද්ගලයකු තුළ සතුන් සිව්පාවුන්ගේ ලක්ෂණ තිබිය නොහැක . මිනිසා යනු බුද්ධිමත් ඥානාවන්ත ජිවියකි .බේබද්දෙකු මත් පැනට දැඩි ලෙස ඇබ්බහි වූවෙකුට යෙදෙන නමකි .
අප නම් තමන්ගේ රාගයට කාමාශාවට දැඩි ලෙස ඇබ්බහි වූවෙකුව ද සදහන් කලයුත්තේ පෙර කී නාමයෙන්ය.
අප ඔබට යම් කරුණක් මතක් කිරිමට කැමත්තෙමු ,අප ආදරයට, ප්‍රෙමයට,අනුමත ලිංගික සම්භන්දතාවයන්ට විරුද්ධ අය නොවෙමු. මෙය සෑම මිනිසෙකුට අවශ්‍යම සතුවිය යුතු කාරණයකි මෙය ගැහණු පිරිමි දෙපර්ශවයටම පොදුය . එහෙත් තමන්ගේ ආදරය හා ප්‍රෙමය ප්‍රකාශ කිරිමට එක් දිනයක් හෝ සමාජ ශාලාවක් හෝ තරු පහේ හෝටලයක් අවශ්‍ය නැත. එයට හොදම , අහිංසක, එලදායි ,ඉතා පරිශුද්ධ, නිවැරදි ක්‍රමය නම් විවාහයයි .මෙම ක්‍රමය උපයොගි කරගන්නා මිනිසා බුද්ධිමත් ,ඥානවන්ත බවෙන් සපිරුණු කෙනෙකි .නිසි වයසේදි විවාහ කරගතහොත් ඔබට නිසි තෘප්තියක් සතුටක් විඳිය හැක . බොදානාවන් වෙනුවෙන් අප කරතබාගත යුත්තේ ශාන්තුවරයන් නොව බෝධිසත්ව චරිතයයි. බලන්න සද කිදුරු ජාතකය. මීට වඩා උත්තම ආදර කථාවක් මේ විශ්වයේ කොහින්නම් සොයාගන්නද? අපි කිතුණු ආගමිකයන්ගේ පලක් නැති සැමරුම් පසු පස යාමෙන් ඇති ඵලය කුමක්ද?

මෙම වැලන්ටයින් ඩේ පළිබඳව අපට අවධානය යොමුකලේ බටහිර ලොකයයි .මෙම දිනය පිළිබඳව අද සෑම තරුණ තරුණියක්ම දන්න අතර මෙහි සෑබෑ අර්ථය කිසිවෙකු නොදනී . හිතවත් සහොදර සහෝදරියනි ,ඇයි ඔබ හිතන්නේ නැත්තේ මෙය සැලසුම් සහගතව ,සංවිධානත්මකව බටහිර සංස්කෘතිය පැතිරවීමට ගන්නා උත්සාහයක් බව . අද අපගේ තරුණ තරුණියන් ආදරය කරන්නේ සංස්කෘතියටයි .අතීතයේ පිරිමියෙක් ගැහැණු කෙනෙක්ව තවත් කෙනෙකු හඳුන්වා දුන්නේ මේ මගේ සහෝදරිය නැතිනම් මේ මගේ බිරිඳ යනුවෙන් . නමුත් අද එම සදාචාරත්මක සමාජය ගැහණු කෙනෙක්ව හඳුන්වා දෙන්නේ මේ මගේ ගර්ල් ෆෙරන්ඩ්” වැලන්ටයිනි ලෙසය .ලොකය පුරාම බටහිර සංකල්පය පතුරවාලීමට මෙම වැලන්ටයින් ඩේ කදිම ආයුධයකි .
එය හරියකාරව අපගේ තරුණ පරපුරට අවබෝධ කර නොදුන්නේ නම් අනාගතයේ දී අපගේ රට විශාල සදාචාර පිරිහීමකට ගොදුරුවීම නිසැකය . තවත් කරුණක් මෙහි තිබේ එනම් එය වි‍ය්‍යාපාරික අරමුණයි එනම් අද පවතින වෙළදුන් සමාජය කෙලෙස ගියත් කමක් නැත් තමන්ගේ අත මිට සරුවුනානම් ඇතියි යන පහත් අරමුණක් තිබේ ඉස්ලාම් මෙවනි වෙළදාමකට අනුමතිය ලබා නොදෙයි මන්ද මෙය සමාජ පරිහානියට පත්කරන නිසාය.
එනම් තරුණ තරුණියනි වැලන්ටයින් ඩේ වලට එරෙහි වෙමු .සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගමු.

අන්තර්ජාල ලිපි ඇසුරින් සකස් කෙරුනි.

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.