Skip to main content

බුදුහිමියන් පිටසක්වල යානාවල ක්‍රියාකාරිත්වය පහදයි…

මේ දවස්වල ලෝක විනාශය කියන කථාවත් එක්ක පිටසක්වල ජීවීන් ගැන විශේෂයෙන් කියවුනා. බුදු පියාණන් වහන්සේ මේ පිලිබද විශේෂයෙන් දේශනා කලා. පිටසක්වල යානාවල ගමන් කරන ආකාරය හා ක්‍රියාකාරිත්වය පිලිබද. හොදයි අපි ඉස්සරල මේ පිටසක්වල යානා පිලිබද අදහසක් ලබාගනිමු.

මිනිසා මෙලොව බිහිවූ දින පටන් තමාට කුතුහලයක් ඇතිවූ විට එය දැන ගන්නා තුරුම එය පසුපස හඹා ගියේය.එනමුදු මිනිසා බිහිවූ දින පටන් ඔහුට සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට නොහැකිවූ ස්ථානයක් වෙයි.එනම් තෙරක් නොමැති විශ්වයයි.තාක්ෂණික ඥාණය අතින් දියුණු නූතන මිනිසා මේ වන විට විශ්වයේ විශ්මය ජනක සිද්ධීන් බොහොමයක් අනාවරනය කරගෙන ඇතත් මෙතෙක් අනාවරනය නොවූ දේ ද බොහෝ ය.

සාමාන්‍ය ව්‍යවහාරයේ පියාඹන පීරිසි නම් වස්තූන් සඳහා එම නම ලැබී ඇත්තේ කෙනත් ආර්නෝල්ඩ් නම් ගුවන් නියමුවා ඒ සඳහා යොදාගත් වචනය නිසාය.ඇත්තෙන්ම දැන් මේවා හඳුන්වන්නේ “හඳුනා නොගත් පියාඹන වස්තූන්”(unidentified Flying Object-UFO)ලෙසයි.මෙම විශය ධාරාව පිලිබඳව විවිධ ආයතන වලින් නොයෙක් පර්යේෂණ සිදුකර තිබේ.මේ අතර ඇමරිකාවේ ගුවන් හමුදාව විසින් දියත් කළ ව්‍යාපෘති තුනක් වැදගත්වේ. එනම් සයින් ව්‍යාපෘතිය(project SIGN),ග්රජ් ව්‍යාපෘතිය (project GRUDGE)සහ නිල් පොත් ව්‍යාපෘතිය (project Blue Book)යි. නිල් පොත් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක වූ මහාචාර්ය ඇලන් හයිනෙක් (Allen Hynek ) හඳුනා නොගත් පියාඹන වස්තූන් මෙලෙස නිර්වචනය කරයි.”සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් , ආලෝකයක් ,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාඹන වස්තූවකි.”


ඇමරිකාවේ සැන්ටන් ෆ්‍රයිමන් රේමන්,ඊ.ෆ්ලවර් හා බ්‍රිතාන්‍යයේ නේමන් ඔලිවර්,ජෙනී රැන්ඩල් යානා පිරිස පුර්ණ කාලීනව හඳුනා නොගත් පියාඹන වස්තු පිලිබඳ පරීක්ෂණ වල යෙදේ.ඔවුන්ගේ පරීක්ෂණ අනුව පෘථිවියේ සාමාන්‍ය සිදුවීමක් නොවන සිදුවීම් 50,000ක් පමණ වාර්තා කර ඇත.මෙසේ වසර ගණනාවක් තිස්සේ රැස් කල වාර්තා සියුම් නිරීක්ෂණයේදී මේ අද්භූත පියාඹන වස්තූන්ට පොදු වූ කරුනු කිහිපයක් ඉදිරිපත් කරයි.

එනම් මෙවැනි වස්තූන් හෙවත් යානා පීරිසියක,සුරුට්ටුවක හෝ බිත්තරයක හැඩයෙන් යුක්තය.මේවා බොහෝ විට දීප්තිය විහිදන හිසක් සහිත වන අතර ගමනේ යෙදෙන විට පෘථිවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන සංඥා එලි නිකුත් කරයි.ඒවායේ වේගය ශබ්දයේ වේගය ඉක්මවන ගුවන් යානා (උදා:සුපර් සොනික් යානා)වලටත් වඩා වැඩි නමුත් ශබ්දයේ වේගය ඉක්මවිමේදී සාමාන්‍ය වශයෙන් නිකුත් වන ශබ්දය තබා යානයක් මගින් නිකුත් වන ශබ්දය වත් නොඇසේ.මේවා ක්ෂණිකවම ගමන් කරන දිශාව වෙනස් කරයි.ගුවන් යානයකට මෙසේ ගමන් කරන දිශාව පහසුවෙන් වෙනස් කල නොහැකි වන්නේ ගුරුත්වය නිසාය.ක්ෂණිකවම දිශා වෙනස් කරන බැවින් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බල රේඛා කැපෙන විට නිදහස් වන ශක්තියෙන් මෙවැනි යානා එයට අවශ්‍ය ශක්තිය උත්පාදනය කර ගන්නවා ඇතැයි යන සැකය හඳුනා නොගත් පියාඹන වස්තු විශේෂඥයන් අතර වේ.

අප දන්නා තාක්ෂණය අනුව පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම්

1) දුර සීමාව

බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවිය‍ට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය.

2) ආයු සීමාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.

3)ඉන්ධන සීමාව

විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා ක්රීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්ති‍ය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු , චන්ද්‍රයා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.

ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.

අපි විශ්වාස කරන්නේ ඈත විශ්වයේ සිට මේ පිටසක්වල ජීවීන් එන බවටයි. අපි ක්ෂීර පථයක් ගලස හදුන්වන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණියටයි. තවත් මන්දාකිණි බිලියන ගණනාවක් විශ්වයේ තියෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. අපේ චක‍්‍රාවාටය කෙතරම් විශාල ද යත් ඒ හරහා යන්නට ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් ආලෝක වර්ෂ අවුරුදු ලක්ෂයක් පමණ ගත වෙනවා. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වසරක් තිස්සේ ගමන් කරන දුරයි. ඒ දුර කිලෝ මීටර 9.4607 *1012 කි. (එනම් දළ වශයෙන් සැතැපුම් මිලියන මිලියන හයකි.) මෙය අති විශාල ප‍්‍රදේශයක් නිසා ඒ පුරා විසිරී පිහිටා ඇති ග‍්‍රහයන්, උපග‍්‍රහයන් හා චන්ද්‍රයන්ගේ විවිධාකාරයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කෙරෙනවා. ඒ ගැන ගවේෂණය කරමින් දැනට ඈත විශ්වයේ ගමනේ යෙදෙන ගවේෂණ යානා 4 ක් තියෙනවා. ඒවා තමයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගත කර ඇති පයනියර් 10 සහ 11 යානාත්, වොයේජර් 1 සහ 2 යන යානා. මෙම යානාවල පෘෂ්ඨයේ රූප සටහන් ඇඳ තිබෙනවා. එහි අරමුණ පෘථිවියේ වාසය කරන බුද්ධිමත් ජීවීන් වන අප ගැන විස්තර අප හා සමාන බුද්ධියක් හෝ අපට වඩා බුද්ධි මට්ටමකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක් ඇත්නම් ඒ ඔවුන්ගේ දැනගැනීම පිණිසයි.

පියාඹන වස්තු පිලිබදව සමීප සිදුවීම් ලෙස අර්ථ දක්වා ඇත්තේ සමීපව දර්ශනය වී අතුරුදහන් ස්වල්ප කාලය ඇතුලත අමුතු ආකාරයේ ජීවින් දර්ශනය කරමින් ඔවුන් හා කතා බහ කරමින් සිට,යානා පිටත් වූ පසුව පරීක්ෂණ වලට බඳුන් කල හැකි සේ පොලොව මත පිළිස්සුම්,ආවාට,විකිරණ වැනි සාධක ඉතිරි කරන සිදුවීම්ය.එසේම පිටසක්වල ජීවින් විසින් කරන ලද පැහැර ගැනීම් හා ඔවුන් විසින් පෘථිවි වැසියන් භාජනය කරන ලද නොයෙක් පර්යේෂණ ඇතුලත් සිදුවීම්ද අයත්ය.
දුරස්ථ සිදුවීම් ලෙස පැහැදිලි හැඩයක් නොමැතිව දිස්වන ආලෝකයන් හා පැහැදිලි හැඩයක් සහිතව දිස්වන ආලෝකයන්ය.මෙවැනි සිදුවීම් රේඩාර්,වීඩියෝ පට හා කැමරා මගින් ග්‍රහණය කර ගත හැකිවේ.

හඳුනා නොගත් පියාඹන වස්තු කවර ස්ථානයක සිට එන්නේද?යන්න විශාල ගැටළුවකි.වෙනත් චක්‍රාවාටයක තරුවක් ආශ්‍රිත ජීවත් වන ජීවින් මෙවැනි යානයකින් එන්නේ නම් එම ගමන සඳහා විශාල කාලයක් ගතවේ.උදාහරණයක් ලෙස පෘථිවියේ සතු ලොකුම රොකට්ටුවෙන් ළඟම ඇති තරුව වන “ප්‍රොක්සිමා සෙන්චුරි”වෙත යාමට ගත වන කාලය අවුරුදු 185,000පමණ වේ.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි නම් ඒ සඳහා අවම වශයෙන් ගත වන්නේ අවුරුදු 4කි.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි කිසිවෙකු නොවන බව නවීන විද්‍යාවේ මතයයි.එහෙත් විටෙක ඇල්බට් අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා ප්‍රකාශ කලේ ස්කන්ධය හමුවේ ආලෝකය වක්‍ර ව පැමිණෙන්නක් බවය.එවිට විශ්වයේ ඈතින් පිහිටි තරුවකට ඇති සැබෑ දුර ,ආලෝකය ගමන් කරන දුරට වඩා කුඩා වේ.මෙලෙසින් ගත් කල පිටසක්වල ජීවින් ඔවුනගේ ග්‍රහලොවේ සිට පෘථිවියට පැමිණීම සඳහා ඇති කෙටිම දුර තෝරා ගන්නේ නම් ඔවුනට ගෙවා දැමීමට ඇති දුර හා කාලය අප හිතන තරම් විශාල නොවේ.
විවිධ ආගම් හා දර්ශනයන්ට අනුව සමහර කරුණු වලින් මෙවැනි ජීවින් සම්බන්ධ කරුණු විවාදයට ලක් කර ඇත.

බටහිර ලෝකයේ ප්‍රසිද්ධ හා සිත් ගන්නා සුළු මතයක් වන්නේ පිටසක්වල ජීවින් පෘථිවියේ සිටම පැමිණෙන බවය.අප ජිවත් වන්නේ දිග,පළල,හා උස යානා සාධක තුන මත යැපෙන්නාවූ ත්‍රිමාණ ලෝකයකය.මෙහි අපට “කාලය”යන සාධකය පාලනය කල නොහැකී නමුත් එසේ කල හැකි සිව් මාන,පංච මාන වැනි ලෝකද පැවතිය හැකිය.මෙම කරුණු පෙන්වමින් බහු මාන විශ්වයක පැවැත්ම පිලිබඳ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සාකච්ජා කළේය.මොහු පෙන්වා දෙන පරිදි මාන(dimension)වෙනස් ලෝක දෙකක් මත එක මත එක වෙලී පැවතිය හැකිය.එහෙත් එක් මානයක සිටින අයට අනෙක් මානයේ ඇති ලොව නොපෙනේ.නමුත් දියුණු තත්වයට පැමිණි ජීවි කොට්ඨාශයකට මේ මාන නම් බාධකය මැඩ ගෙන එක් ලොවකින් තවත් ලොවකට පිවිසීමට හැකිය.

බෞද්ධ සාහිතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බඹලොවට,දෙව්ලොවට වැඩිය බව සඳහන් වේ.බුදුරජාණන් වහන්සේ වැනි මානසික ශක්තියෙන් ඉහලම තලයකට පැමිණි අයෙකුට මෙම “මාන”නම් බාධකය ජය ගත හැක.

බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)

මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)

බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.

පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.

පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.

වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි

ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්‍ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්‍රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලෝකධාතුව යනුද මෙයයි.

ඉතින් මේ අනුව පිටසක්වල ජීවීන් පෘථිවිය තුලින් එන බවට කියන විශ්වාසය අපිට බැහැර කරන්නත් බැහැ. මොකද පෘථිවිය තුල තව ලෝකයක් ඇති බවටත් මේ මෑතකදි තොරතුරු වාර්තා උනා. ඒ තොරතුරු අන්තර්ජාලයේ චියෙනව‍.

හොදයි දැන් ඔබ ආසාවෙන් බලා සිටි මාතෘකිවට අපි යනව. යහලුවනේ බුදුහිමියන් දේශනා කරල තියෙනව පියාඹන පීරිසි තාක්ෂණය. මෙය ඉන්ධන වර්ගයක් භාවිතයෙන් අපි රොකට් ගමන් කරවන ආකාරයේ ප්‍රාථමික ක්‍රම අුගමනයක කිරීමක් නෙවෙයි. අධික වේගය භාවිත කරමින් සිදුකරන ගමන් කිරීමක්. මම මෙය විස්තර කරන්නම්. භව්තිකවිද්‍යාව දන්න යාලුවො මේකට හරියට කටමන්ට් දාන්න. මොකද මම භවුතික විද්‍යාව කරල නැති නිසා.

සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී. ඉතින් මෙතනදි අදාල වෙන්නෙ මේ නියමය නේද?

මමනම් මේ ගන වැඩි විස්තර දන්නෙ නෑ. දන්න කෙනෙක් මේකට කොමෙන්ට් කරන්න.

හරි දැන් බුදු හාමුදුරුවො කොහොමද මේ කරුණ පැහැදිලි කරන්නෙ. මෙන්න මේ විදිහටයි. යම් දුනු හී දරන්නෙක් සිය දුන්නෙන් හීයක් විදීද, ඒ හීය කොතරම් වේගයෙන් ගමන් කරයිද අසුපිට ගමන්ගන්නා විටදී යම් හීයක් විදීද ඒ හීය පළමු හීයට වඩා කෙතරම් වේගයෙන් ගමන් කරයිද ඒ අයුරින් මේ විමාන ක්‍රියාත්මක වන බව දහමෙහි දක්වල තියෙනව. ඒක හරියටම කලින් කිව්ව වගේ. ඔබ සිතන්න අශ්වයාගේ ගමන් කරන වේගය 3v කියල .ඉන්පසු සිතන්න මිනිසෙකු ඊ තලයක් මිනිසෙකු විදින වේගය 4v කියල. දැන් ඉතාම සරලෙන් මුළු ඊ තලයේ වේගය 7v වෙනවානේ. හැබැයි මෙහි අන්තර්ගතය මීට වඩා ගොඩක් සංකීර්ණ වෙන්න පුලුවන්. නමුත් ඒ තරම් තේරුම් ගන්න ඔබ හො මා හෝ බුද්ධිමත් නොවන්න පුලුවන්.

මේක පිලිබද මම කියෙව්වෙ මීට වසර හතකට පමළණ පෙර. ඒ කියන්නෙ 2005 මැයි මාසෙට ඉස්සරල පලවූ පුවත් පතකින්. මට මතක හැටියට මහායාන සූත්රයකයි මේ ගැන සටහන් වෙන්නෙත කරුණා කරල මේ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් අපිට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනව. අපේ බොහෝ සූත්‍ර ථේරවාද දහමින් සැගවුනා. මම හිතන්නෙ නිවනම අරමුණු කල නිසා මහ රහතන් වහන්සේලා අනෙක් සත්‍ර ඉවත් කලා කියලයි. උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා. ඊලගට විමාන හා දඩුමොණර ගැන කියවෙන ලංකාවතාර සූත්‍රයේ පැහැදිලිව සටහන් වෙනව. ඉතින් ඔයාල මේ තොරතුරු දන්නවනම් ලබාදෙන්න කියල නැවතත් ඉල්ලා සිටිනව.

අනන්ත බුදුගුණ බලයෙන් තුන්ලොවම සැනසේවා

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.