Skip to main content

බුදුබණ සනාත කල විද්‍යාත්මක පර්යේෂණ …

පින්වත් යාලුවනේ බුදුබණ විද්‍යාවත් එක්ක සසදන්න යනඑකට වඩා ලොකු විහිලුවක් තියෙනවද කියල මමනම් දන්නෙ නෑ. ඒත් සමහර දේවවාදී අනුවණ මිනිස්සු තමන්ගෙ ශාස්තෘවරය උතුම් කියල පෙන්වන්න එක එක විකාර කියවනව. මැවුම්වාදය පට්ටපල් බොරුවක් කියල අද විද්‍යාව පැහැදිලිව කියල තියෙනව. ඒක බුදුහාමුදුරුවො කිව්වෙ අවුරුදු 2600කට කලින් ඉදලනෙ. ඇසි ඉිදිරිපිට පෙනෙන පට්ටපල් බොරු ඇත්ත කියල මනෝ විකාර ගහගෙන මෙයාල සංසා‍ර ගමනම විනාශ කරගන්නව. ඉතින් මේවගේ මානසික රෝගීන්ට ඒ ඇත්තන්ගෙ උදවිය සොයාගත්ත කියන විද්‍යාවෙන්ම බුදුදහමේ සතයය පෙන්වන එක අපි කාලයක් තිස්සෙම කලා. කොයිපැත්තෙන් ගත්තත් බුදුදහම කියන්නෙ විද්‍යාව කියන සංකල්පයන්ට ගව් ගණනක් ඉහලින් තියෙන කිසිකලෙක වෙනස් නොවන සනාථන දහමක්.

පින්වත් යාලුවනේ ඔයාල සත්තිගුම්භ ජාතකය අහල ඇති. ඒකෙන් කියන්නෙ හොද මිනිස්සු ලගට මෙන්ම නරක මිනිස්සු ලගට වැටුන එකම අම්මගෙ ගිරා පැටව් දෙන්නෙක් ඒ ඒ මිනිස්සුන්ගෙ චර්යා රටා අනුව වෙනස්උන බවයි. ඒ ජාතකය කියවල නැති අය පහත දක්වල තියෙන ලින්ක් එකෙන් ඒ ජාතකය කියවන්න.

ඉතින් අද විද්‍යාඥයො මේ කථාව සනාථ කරල තියෙන බව දිවයින පුවත්පතේ සදහන් වෙනව. ඒබව දිවයින පුවත්පතේ සටහන් වෙන්නෙ මෙන්න මේ අයුරින්.

උපුටාගැනීම.
කෙනකුගේ පෞරුෂත්වය තීරණය වන්නේ ඔහුට හෝ ඇයට දෙමාපියන්ගෙන් ලැබෙන ජාන උරුමය නිසාද නැත්නම් පිටස්‌තරයන්ගෙන් ලැබෙන මානසික පෝෂණය නිසාද යන්න ගැන කෙරුණු පර්යේෂණයක්‌. ජර්මනියේ හැම්බර්ග් නගරයේ Exter විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක්‌ පසුගියදා Zebra නමැති කුරුලු විශේෂයක්‌ යොදාගෙන පරීක්‍ෂණයක්‌ කළා. මේ සඳහා ඉහත සඳහන් කුරුලු වර්ගයෙන් ජෝඩු දෙකක්‌ තෝරාගත් පර්යේෂකයන් පිරිස ඒ ජෝඩු දෙකේ බුද්ධි මට්‌ටම වෙන වෙනම පරීක්‍ෂණයට ලක්‌ කර වඩාත් බුද්ධිමත් කුරුලු යුවළ වෙන්කර ගත්තා. ඉන්පසු බුද්ධියෙන් අඩු කුරුලු යුවළගෙන් ලබාගත් බිත්තර බුද්ධියෙන් වැඩි කුරුලු යුවළට රැකීමට දුන්නා. ඉන් ලැබුණ පැටවුන් බුද්ධිමත් කුරුලු යුවළ සමග උස්‌ මහත් වෙන්නට ඉඩ හැරියා. ඒ පැටවුන් ලොකුවන විට පර්යේෂකයන්ට පෙනී ගියේ ඔවුන් ඔවුන්ගේ සැබෑ මාපියනට වඩා බුද්ධියෙන් වැඩි බවයි. ඒ බුද්ධිය ඔවුන් බිත්තරවලින් එළියට ගෙන උස්‌ මහත් කළ බුද්ධිමත් කුරුලු ජෝඩුවේ සමාජ දැනුමට සහ බුද්ධිමත් භාවයට සමාන බවයි. මේ සොයා ගැනීම හා සමාන සොයා ගැනීමක්‌ වසර දෙදහස්‌ පන්සියයකටත් වඩා පැරැණි ජාතක කතා පොතේ එනවා. සත්තිකුම්භ ජාතකය නමැති මෙහි පුෂ්පක සහ සන්තිකුම්භ යනුවෙන් ගිරා පැටවුන් දෙදෙනකු ගැන සඳහන් වෙනවා. මේ දෙදෙනාගෙන් එක්‌ පැටවෙක්‌ හැදෙන්නේ සොරමුළක්‌ සමගයි. අනෙකා තාපසාරාමයක හැදෙනවා. සොරුන් සමග සිටින පැටවා ලොකු මහත් වන විට ගහපිය, මරපිය, කොටපිය යනාදී වශයෙන් පරුෂ වචන කියන අතර තාපසාරාමයේ සිටින ගිරවා මෛත්‍රී සහගත කාරුණික වචනවලින් කතා කරනවා. එහි තේරුම සමාජ ආශ්‍රය නිසා පෙර කී ගිරවා පරුෂ වචන කීමට පුරුදු වූ බවයි. Exter විශ්වවිද්‍යාලයේ ඇදුරන්, පන්සිය පනස්‌ ජාතක පොත ගැන නොදන්නවා විය හැකියි. ඔවුන් කළ පර්යේෂණයේ ප්‍රතිඵල Biology Letters නමැති සුප්‍රකට විද්‍යා සඟරාවේ අලුත්ම කලාපයේ සඳහන් වුණා.

උපුටාගැනීම අවසන්.

ඉතින් පින්වත් යාලුවනේ ඔබට පැහැදිලි වෙනව නේද බුදුදහම සත්‍යබව විද්‍යාවෙන්ම ඔප්පුවන බව. ඒ විතරක් නෙවෙයි චිත්ත තරංග මගින් යම් යම් දේ කරන්න පුලුවන් බව පුදු දහම පුරාවටම සටහන් වෙනව. ඒවට කියන්නෙ ඍද්ධි ප්‍රාතිහාර්යයන්. චිත්ත තැංග මගින් හෙලිකොප්ටරයක් පාලනය කල ආකාරයත් මේ පුවත් පතේ සටහන් උනා. සියලු විස්තර පහත ලින්ක් එකෙන් බලන්න පුලුවන්. කොහොම නමුත් විද්‍යාවෙන්ම සත්‍යය ඔප්පුවීම පිලිබද අපි හැමෝම අහිංසක සතුටක් විදින්න ඕනි.

අනන්ත බුදුගුණ බලෙන් තුන්නොවම සැනසේවා.

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා … … …

සත්තිගුම්භ ජාතකය
http://www.sithmalyaya.com/?page=5&id=1&aid=3

පුවත්පතේ ලින්ක් එක
http://www.divaina.com/2013/06/16/diyaga04.html

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.