Skip to main content

බුදුපිළිම වහන්සේ දෝවනය ….

බුදුපිලිම වහන්සේ දෝවනය කියන්නෙ අපිටනම් ටිකක් නුහුරු මාතෘකාවක් … අත්තටම කිව්වොත් ඉතින් අපි කවදාකවක් බුදුපිලිම වහන්සේ නමක් දෝවනය කරන්නෙ නැහැනෙ.  නමුත් ලෝකයේ සමහර රටවල මේ පින්කමත් උත්සවශ්‍රීයෙන් සිදුකරන අවස්ථා තියනව. විශේෂයෙන්ම තායිලන්තය වගේ රටවල් ගත්තම බොහෝ විට මේ වගේ පින්කම් සිදුකරන අවස්ථා තියනව.

කොහොම නමුත් බුදුපිලිම වහන්සේ නමක් නිකම්ම වතුරෙන් සේදීමක් කරන්නෙ නැහැ. ඉතාම පිරිසිදුව පෙරාගත් පැන් ඒ සදහා සුදුසුයි. උදය වරුව පිලිම වහන්සේ දෝවනය සදහා වඩාත්ම සුදුසු කාලයයි.

බුදු පිලිම වහන්සේ නමක් දෝවනය කර පවිත්‍ර කරන්නට පෙර අවසර ගැනීමට මෙම ගාථාව යොදා ගත හැක.

“භදන්තා’නන්ද’තේරෝ’ව
සුද්ද’කප්පේන වාරිනා
නහාපයාම’හං සක්යපුංගවං
ලෝක’සොත්ථියා”….

සිංහල තේරුම: ගරුකටයුතු ආනන්ද උතුමන් වහන්සේ විසින්, පිරිසිදු වූ ජලයෙන් භාග්‍යවතුන් වහන්සේ ව ධෝවනය කරනවා මෙන් මම ද මේ උතුමන් වහන්සේ ව උතුම් වූ අභිවෘද්ධියක් වෙනුවෙන් ධෝවනය කරමි.

මේ කටයුත්තේදී වඩාත්ම වැදගත් කරුනු කිහිපයක් පහත දක්වමි.

01.මුලින් කාලය දන්වා ආරාධනා කළයුතුයි..ඉන්පසු අවසර ගතයුතුයි..
02. ඉන්පසු පුදුම අවස්ථාවේදී පෙර බුද්ධ උපස්ථායක ථෙරැන් වහන්සේලා නැහැවූ ආකාරය සිතින් මෙනෙහි කරමින් එබඳු උපස්තාන සිතින්ම නෑවීම කළ යුතුයි.
03. පිසදමන අවස්ථා වලදී පවා ඊට අවසර ඉල්ලමින් ගෞරවය ඇතුව කළ යුතුයි.මේ අතරතුර කාල වලදි බුදුගුණම සිහිපත් කළ යුතුයි.
04.අවසානයේ තැන්පත් කරන විට බුදු හිමි ගන්ධ කුටියට වඩම්වන ආකාරය සිතින් සිතමින් තැන්පත් කළ යුතුයි.ඉන්පසු පර්යංකයේ වාඩිවී මෙතෙක් කළ සියලු ක්රියා නැවත සිතින් මෙනෙහි කරමින් සතුටු සිත් ඉපදවිය යුතුයි.ඒක පත්තානුමෝදන කුසලයයි.
05.ඉන්පසු එම නාවන අවස්ථාවල ඇතිවූ සිත් හෙවත් නාම ධර්ම හා තම කය හි වෙනස් වීම් සිතමින් රෑප ධර්ම වල ඇතිවීම් නැතිවීම් සිහිපත් කළ යුතුයි.එය විපස්සනාවයි.අවසන ඒ සියලු කුසල් නිවන් පිණිස වේවා යන සිතින් නිවන් පැතිය යුතුයි.ඉන්පසු මේ සියලු කුසල් දෙවයන් ඇතුලු සත්වයින්ට අනුමොදන් කළ යුතුයි.මේ හැමදේම තමන්ට තේරෙන සිංහලෙන් සිතීමින් කිරීම සෑහේ..පිනෙහි අඩුවක් නොවේ..

මේ ආකාරයට බුදු පිලිම වහන්සේ කෙරේ ඉතාම භක්තියෙන් සියලු වැඩ කටයුතු සිදුකල යුතු අතර ජීවමාන බුදු පියාණනන් වහන්සේ තමන් ඉදිරියේ සිටිනා බව සිතාගෙන මේ කටයුතු සිදුකල යුතුයි. විශේෂයෙන්ම ඖෂධීය පැන් මේ වෙනුවෙන් යොදාගන්න පුලුවන්නම් එය වඩාත්ම සුදුසුයි.

මේ ආකාරයට බුදු පිලිම වහන්සේ වෙනුවෙන් වතාවත් කර පිලන් රැස්කරගන්නට ඔබටත් අවස්ථාව ඇත.

තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයෙන් ….

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.