Skip to main content

බුද්ධත්වයෙන් පසුද බුදුහිමියන් විදි පූර්ව කර්ම හා ඊට හේතු …

යහලුවනේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ” යන පදය අපිට හොදට හුරු පුරුදුයි නේද? චේතනාව කර්මයට මුල වෙනව කියල. අපි කරන සුලු කර්මය පවා සංසාරයේ මහත් ඵල ලබාදෙනව. එය හොද හෝ නරක කර්මයක් වෙන්න පුලුවන්. ගරත්ත පන්සියයක් නවත්තන්න පුලුවන් හෙවනක් ඇති නුග ගසක බීජය කොතරම් කුඩාද බලන්න. අන්න ඒවගේ අපි කරන දේ අපිට පඩිසන් දෙනකොට හරි විශාල වෙන බව අමතක කරන්න එපා.
මේ දැක්වෙන්නෙ ලොව්තුරු බුදුහිමියන් බුදුඋනාට පස්සෙ වින්ද කර්ම විපාක හා ඒවට හේතු. බලන්න. සමහර දේවල් මහා ලොකු දේවල් නොවෙයි. ඒත් යාලුවනේ බුදුවෙලත් ඒ විපාක විදින්න සිදු උනානම් අපි කරන දේවල් තව කල්ප කීයක් නම් විදවන්න වෙයිද? බලන්න මේ සංසාරයේ භයානක ‍කම කොතරම්ද කියල ? දැන් මේව බලල බල පණ්ඩික උදවිය සෙල්ලිපි ලියන්න පටන් ගනී. ඒ ඇත්තො ඕනි දෙයක් කරගත්තිවෙ. ඔබට කාගෙවත් කමෙන්ට් වලින් නිවන් දකින්න ලැබෙන්නෙ නෑ. සිත පහදවාගන්න ඕනි ඔබ. සසර බිය දැනගන්න ඕනි ඔබ. ඒ නිසා ඒ කර්තව්‍යය ඔබට බාරයි. මෙන්න බුදුහිමියන් විදපු කර්ම ප්‍රතිඵල හා ඊට හේතු.

01 සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාරස්ථානයට යන එන ගමන හේතුවෙන් ලද අපවාදය
පෙර මුනලධුර්තකව සිටියදී සරභ නම් පසේ බුදුරජුන්ට කළ දෝෂාරෝපණය මෙයට හේතු විය

02 බඩදරු වෙස්ගත් චින්චි මානවිකාව නිසා අපවාද විදීම
පෙර ලොව පහළ වූ සම්භාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම් ශාවකයන් වහන්සේට කාම භෝගිකයා ලෙසින් දොස් නැගීම නිසා සසර බොහෝ දුකට පත්වී සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර කරන ලද කර්මය බුදුවන භවයේදීත් විපාක දුන්න.
03 සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කොට මරා දැමීයැයි කියූ අභූත චෝදනා අපවාදය
පෙර භීම නම් නම් ඍෂින්වහන්සේට බැණ වැදීමෙන් දින හතක් තිස්සේ මේ අපහාසය වින්දා

04 දෙව්දත් තෙරණුවන් ගලක් පෙරලීම
පෙර කලෙක වස්තු ලෝභයෙන්තම සොහොයුරා ගන්දකින් පල්ලට පෙරළා මරා දැමීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.

05 දෙව්දත් දුනුවායන් යෙදවීම
පෙර භවයක කුඩා දරුවෙකුව සිටියදී පසේ බුදුවරයෙකු දැක ගලකින් ගැසීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.

06 බුදුහිමියන් මරා දැමීමට නාලාගිරි ඇතු මැපිණීම
පෙර භවයක ඇත්ගොව්වකුව සිටි බෝසතුන් පසේ බුදුකෙනෙකු වඩිනවා දැක දූෂිත සිතින් මරා දැමීමට ඇතු මෙහෙයවූවා. උන්වහන්සේ ඍද්ධියෙන් වැඩියා. පහත් සිතින් කල ක්‍රියාව නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න

07 දෙව්දතුන් පෙරලූ ගලෙන් කොටසක් ශ්‍රී පතුලේ වැදී ලේ කැටි ගැසී සිරිපතුල පලා ලේ අස්කිරීම
පෙර භවයක පෘතුවීශ්වර නම් රජව ඉපිද මිනිසකු මරවන ලද පව නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න

08 සුව නොවන හිස රැදාවක් පැවතීම
පෙර කෙවුල් පවුලක ඉපදී ඥාතීන් බොහෝ මාලුන් ගොඩ දමා දගලමින් සිටිනවා දැක සිනා පහල කල පාපය නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න. සියලු ඥාතීන් බුදුවන භවයේද ඥාතීන් ලෙස ඉපිද විඩුඪහ කුමරු අතින් ඝාතනය උනා.

09 දොළොස්වන වස්කාලයේ බත් ඇටයක්වත් නොලැබ යවහාල් නම් අශ්ව ආහාරය වැලදීමට සිදුවීම
පෙර ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබවහන්සේ මේ ප්‍රණීත ඇල් හාල් වළදනවාට වඩා යවහාල් වැලදුවානම් හොදයි” කියා දොස් නැගූ පාපය නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.

10 සුව නොවන කොන්ද අමාරුවකි තිබීම
පෙර මල්ලව පොර අල්ලන යෝධයෙකුව සිට විරුද්ධවාදියාගේ කොන්ද කැඩූ පවි නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න.

11 ලේ අතීසාරය වැලදීම
පෙර භවයක වෛද්‍යවරයෙකුව සිටියදී සිටිවරයෙකුට සිටුවරයෙකුට බෙහෙත්කර නියමිත මුදල නොගෙවූ නිසා විරේක බේත් දුන්න. සිටුවරයාට ලේත් සමග විරේක උනා. පසුව නියමිත මුදල දුන් නිසා නැවත සනීප කලා. ඒ කර්මය නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්න

12 බුදුවීමට සය වසරක් දුෂ්කර ක්‍රියා සිදුකිරීමට සිදුවීම
පෙර ජෝතිපාලනම් මානවයෙකුව සිට ඝටීකාර නම් බමුණා සමග කාශ්‍යප බුදුපියාණන් වහන්සේට දොස් නැගීම නිසා සසර බොහෝ දුක් විද බුදුවන භවයේදීත් විපාක දුන්නා.

මේ කරුණු සමච්චලයට ලක්කරමින් මේවාට අපහාස කරමින් ඔබේ නුවණ මද ගතිය පෙන්වන්න එපා. එමගින් ඔබේ මනස පමණක් නොවෙයි බලන්නන්ගෙ පවා මනස දූෂණය වීමේ විපාකයන් විදින්නට වෙන්නෙත් ඔබටමයි. ආශ්චරයයන් විද්‍යාවට හසු නොවන නිසා ඒවා පැහැර හරිමින් බුදු බලයට අපහාස වෙන්න දෙන්න එපා.
බුදුවරයෙක් හටත් කර්මයන් විපාක දෙනවානම් සාමාන්‍ය අපට ලැබෙන විපාක ගැන අහන්න දෙයක් නෑනෙ. ඒ නිසා ඒව පිලිබද නිතර අවබෝධයෙන් විශේෂයෙන්ම සිත කය වචනය යනු තිදොර සංවැ කරගැනීමට උත්සාහ ගන්න. විහිලුවෙන්වත් ඔබේ තුන්දොර අසංවර වෙන්න ඉඩ දෙන්න එපා. එය ඔබේ සංසාර දිවියම අදුරට වැටේවි.

(රිදියගම සුධම්මාභිවංශ හිමියන්ගෙ කර්මය කෘතිය ඇසුරිනි )
Downlode link :- https://groups.google.com/forum/?fromgroups#!msg/amadamgagula/fF4bn4wkeDY/nhikCBVXLFgJ

මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.