Skip to main content

නියත මිත්‍යාදෘෂ්ඨික වීම ආනන්තරිය පාපකර්මයට වඩා බලවත් වේ.

” මහණෙනි, පංචානන්තරිය පාපකර්මයද මහා සාවද්‍යය වෙති. ඒයාටත් වඩා මිත්‍යාදෘෂ්ඨියම මහා සාවද්‍යය වේ. කුමක් නිසාද යත් ආනන්තරිය පාපකර්මයන්ට විපාක දීමට නියමිත කාල සීමාවක් නියමව ඇත. බුද්ධාන්තරයක් නොහොත් අන්තඃගල්පයක් නිරයේ පැසී එයින් අතමිදීමට ආනන්තරිය පාප කර්ම කලවුන්ට නිදහස ඇත. එහෙත් නියත මිත්‍යාදෘෂ්ඨිකයාට වනාහි එබදු කාල නියමයක් නැත්තේය. නියත මිත්‍යාදෘෂ්ඨියම වට්ඨ නම්ලද සසරට මුල්වෙයි. එයින් යුක්තළුුවහුට සසරින් ගොඩඒමක් නැත. ඔවුන්ගෙ වචනය අදහන්නහුටද සසරින් ගොඩ ඒමක් නොවේ. මිසදිටුබවින් යුක්තවූවහුට සුවර්ග, මාර්ග ඵල යන දෙකම අහිමිවූයේ වෙයි. කල්ප විනාශ කාලවලදී සතර අපායෙහි පැසෙන සතුන් බඹලොව උපදනා කල්හිද නියත මිසදිටුවා පිටසක්වලක මැවෙන එක්තරා අපායක පැසෙන්නේය. ”
සාරසංග්‍රහය ග්‍රන්ථයේ 120 වැනි පිටුවේ මෙය සටහන් වී ඇත. පින්වත් යාලුවනේ මෙහි සංශිප්ත අදහස ගත්තොත් මෙන්න මෙහෙමයි. ආනන්තරිය පාපකර්මයක් කල කෙනෙක් බුද්ධාන්තරයක් නැතිනම් බුදුවරු දෙදෙනෙක් උපදින අතර කාලයක් නිරයේ දුක්විදල නිරයෙන් නිදහස් වෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ කාලෙ මවක් හරි පියෙක් හරි මරල අපාගත වෙන කෙනෙක් මෛත්‍රී බදු හිමියන් උපදින තාක්කල් අපායෙ දුක් විදල නිදහස් වෙන්න පුලුවන් කියනව. ඒත් නියත මිත්‍යාදෘෂ්ඨිකය එහෙම නිදහස් වෙන්නෙ නෑලු. කල්ප විනාශය වෙනකොටත් ඒ අය වෙනත් සක්වලක ඇති ආපයකට මාරුවෙලා ආයිත් ඒකෙ පැහෙන්න පටන් ගන්නව. මිසදිටුව විතරක් නෙවෙයි. උන්දැගෙ ගෝලයොයි, ඒ වචන විශ්වාස කරන අයයි ඔක්කොමල. අන්න ඒනිසා මේ ලිපි බලන අන්‍යාගමික මිසදිටු ඇත්තො පොඩ්ඩක් මේ ගැන හිතුවොත් හොදා. මේ තරම් වටින ධර්මයක් ලැබිල මොකටද අපාගාමීවෙන්නෙ.

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.