Skip to main content

දෙවියන් දුන් ප්‍රශ්න අසා පැවිදිව භව නිරෝධය කල සභිය මහරහතන් වහන්සේ …

සභිය මහරහතන් වහන්සේ මෙයින් අවුරුදු කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” අනාගත යෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. වෙනත් පින්කම් ද කළ ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් සැරිසරමින් සිට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල ගෙයක උපන්නේ ය. එම කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව පාවහන් සගලක් උන්වහන්සේට පුජා කෙළේ ය. අනතුරුව එයින් චුතව කාශ්‍යප බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි එම බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තවත් කුලපුත්‍රයන් සය දෙනකු හා සමග කැටිව පැවිදිව කර්මස්ථාන රැගෙන වනයෙහි වාසය කරනුයේ මාර්ගඵල අවබෝධයක් ලබා ගත නොහැකි එක්තරා පර්වතයකට නැඟ මහණ දම් රැක්කාහුය.

 එම තෙරවරුන් සත් දෙනාගෙන් එක් නමක් රහත් භාවයට පැමිණ පිරිනිවන් පෑ සේක. තවත් නමක් අනාගාමී ඵලයට පැමිණ පුක්කුසාති රජ නමින්ද, එක් අයෙක් කුමාර කස්සප නමින් ද, එය අයෙක් දාරුචීරිය නමින් ද පස්වන්න සභිය නමින් ද උත්පත්ති ලැබූහ. සභියගේ මව ක්ෂත්‍රිය කුමාරිකාවකි, ඇගේ දෙමව්පියන් ඇයව ශාස්ත්‍ර හැදෑරීම සඳහා එක්තරා පරිබ්‍රාජකයකු වෙත යැවූහ පරිබ්‍රාජකයා ඇය සමග වරදවා හැසීරීමෙන් කුමරිය ගැබිනියක වුවාය. ඇය ගැබිනි වූ බව දුටු මව් පියෝ ඇයව ගෙයින් පන්න දැමූහ. ගෙයින් පිටව ගිය ඇය මගදී දරුවකු වැදුවාය. ඔහු සභික නමින් ප්‍රසිද්ධ විය. හෙතෙම වැඩි වියට පැමිණ පරිබ්‍රාජකයන්ගෙන් පැවිද්ද ලබා නොයෙක් වාද ඉගෙන නුවර දොරටුව ළඟ ආශ්‍රමයක් තනා ගෙන එහි වාසය කරමින් ක්‍ෂත්‍රිය කුමාරවරුන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන් වීමෙහි යෙදී සිටියේ ය. ඔහුගේ හිතවත් එක්තරා දේවතාවෙක් ඔහු වෙතට පැමිණ ප්‍රශ්න විස්සක් කියාදී මේ ප්‍රශ්න විසඳන්නට හැකි අයකු වෙත ගොස් ඔහුගේ ශ්‍රාවකයකු වන්නැයි පැවසිය. .

සභිය පරිබ්‍රාජක තෙමේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙහි නිරත වුයේ පළමු කොට එකල මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි පූරණ කස්ස මක්කලි සෝසාල, අජිත කේක්සකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨි පුත්ත, නිගණ්ඨනාථපුත්ත යන මොවුන් කරා ගොස් එස් ප්‍රශ්න විමසීය. එහෙත් ඒ එක් අයෙකුටවත් ප්‍රශ්න විසදීමට තබා එ අර්ථයවත් ප්‍රකාශ කළ නොහැකි විය. අවසානයේ දී ඔහු අ බුදුරජාණන් වහන්සේ කරා පැමිණ සතුටු සාමීචියෙන් පසු ” සවාමීනී,  ප්‍රශ්න විචාරීම සඳහා පැමිණියෙමි, ඔබ වහන්සේ පිළිතුරු දෙන සේක්ද ” යි විචාලේය, ” සභිය තොප යම් කිසි පැනයක් දැන ගන්නා පිණි පැමිණියේ නම් ඒ ප්‍රශ්න අසව, මම පිළිතුරු දෙමි” යි බුදුරජාණ; වහන්සේ වදාළ සේක. සභිය පරිබ්‍රාජකයා එයින් පසු ප්‍රශ්න ඇසීද බුදුරජාණන් වහන්සේ ඒවා විසඳා වදාළ සේක. ප්‍රශ්න විසඳු කල් සභිය පරිබ්‍රාජකයා ” සවාමීනි, මම බුදුරජාණන් වහන්සේ ද, ධර්මය සංඝයා ද සරණ යමි, ඔබ වහන්සේ ගේ ශ්‍රාවක බවට පැමිණ පැදී වන්නෙමි” යි කී ය. අන්‍යතීර්ථකයකු සසුන් ගත වූයේය. 

විශේෂය සලකා සභිය පරිබ්‍රාජකයාට එහි භික්ෂු භාවයෙන් ද පැවිදි උපසම්පදාව දුන් සේක. එසේ පැවිදි උපසම්පදාව ලැබූ සභිය තෙරුන් වහන්සේ හුදකලාවුයේ කෙලෙස් තවන වීර්ය ඇත්තේ නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූ ස්ත. සභිය මහරහතන් වහන්සේ  අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙහි එක් මහා ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.