Skip to main content

දානයේ අනුසස් දැනගන්න …

පින්වත් යාලුවනේ අද මම කියන්න යන්නේ දානයේ අනුසස් ගැන. සියල්ලටම පළමුව කියන්න ඕනි මේ කරුණු උපුටාගත්තේ අති පූජනීය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පාරමිතාප්‍රකරණය පොතින්. රේරුකාණේ හාමුදුරුවන්ගෙ පොත් නොපිලිගන්න මිසදිටුවන් කොටසකුත් ඉන්නව. ඒ ඇත්තො මින් එහාට මේව කියවන්න ඕනි නෑ. අනිත් අයගෙ ශ්‍රද්ධාව විනාශකරල පව්පුරව ගන්නෙ නැතිව ඔහොම්මම හැරිල යන්න.

පින්වත් යාලුවනේ අපිට දානයේ අනුසස් ගැන ගියල දෙන්නෙ මහ උත්තම අසූමහා ශ්‍රවකයන් වහන්සේ කෙනෙක්. ඒ තමයි පිලිවෙල අනුව අසූමහා ශ්‍රවකයන්ගෙන් විසි හත්වන ස්ථානය හිමිවන දෙවියන්ට ප්‍රිය වුවන් අතර අග්‍ර පිලින්දවච්ඡ මහා රහතන්වහන්සේ. උන්වහන්සේගේ කථාව කෙටියෙන් අහගන්නකෝ.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් බුදුන් වහන්සේ ලොව පහළ වූ අවස්ථාවේ උන්වහන්සේගේ පියාවූ ආනන්ද රජ්ජුරුවෝ වෙන කිසිවෙකුට ඉඩප්‍රස්ථා නොදෙමින් ශ්‍රවක සංඝයාට උපස්ථාන කලහ.ඒකාලයේ පිලින්දවච්ඡ මහ රහතන්වහන්සේ හංසවතී නගරයේ බොහෝ ධන සම්පත් ඇතිව ඉපදී ආනන්ද රජුගේ මිත්‍රයෙක්ව ඉපදිනි.
දිනක් එතුමා පදුමුත්තර බුදුහිමියන්ට දානක් දෙනු කැමතිව කුඩ ඇතුලු භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන යම් වස්තුවක් වේද ඒ සෑම දෙයක්ම ලක්ෂය බැගින් රැස් කලේය.

ඉන්පසු ආනන්ද රජු කාරාගොස් බුදුපියාණන් වහන්සේට දානය දීමට ඉල්ලා සිටියේය. රජු “ රාජ්‍යය පමණක් නොව ජීවිතය පවා දෙන්නෙමි. එහෙත් බුදුහිමියන්ට උපස්ථාන කරන්නට දිය නොහැක” යැයි කියූ කල්හි විනිශ්චය සභාවට පවා ගොස් සතියක් දන් දීමට බුදුහිමියන් ඇතුලු මහ සගන ලබාගති. ඉන්පසු කල ආරාධනය බුදුහිමියන් ඉවසා වදාල සේක. ඉන්පසු ඥාතී් රැස්කරවා විශාල මණ්ඩපයක් කරවා සපු, නා, වැටකේ, හෙළ පියුම්, රත්පියුම්, ආදී නානා පුෂ්පයෙන් සරසා ලක්ෂයක් කුඩ නංවා ඒකුඩයට නා නා පුෂ්පිතයෙන් සැරසූ අසුන් ලක්ෂයක් පනවා පූජාව සිදුකලේය. සතියක් පූජා පවත්වා අවසනදී බුදුපියාණන් වහන්සේ “ මෙයින් කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන ගෝතම බුද්ධ සසුනෙහි පිලින්දවච්ච මහ රහතන් වහන්සේ නමින් ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට ප්‍රිය මනාප වූ භික්ෂූන්වහන්සේ අතර අග්‍රස්ථානය ලබන්නේය”යි වදාල සේක.
ඒ අයුරින්ම මහරහත් තත්වයට පත්වූ උන්වහන්සේ පසු අවස්ථාවක දානයෙන් ලද අනුසස් වදාල සේක. පහත දැක්වෙන්නේ ඒ අනුසස්ය.

තුන් රුවනට කුඩ පූජාකිරීමේ ආනිසංශ අටකි

ශීතෝෂ්ණ දෙකින් පීඩා නොලැබීම
ශරීරයේ කුණු නොඇලීම
උපද්‍රව නැතිවීම
අන්ත්‍රාය නැතිවීම
අන්‍යයන්ගේ ගරු බුහුමන් ලැබීම
සියුම් සම ඇත්තේ වීම
සිත පිරිසිදු වීම
සසර සැරීසැරීමේ කුඩ ලක්ෂගණන් දැරීම

තුන් රුවනට වස්ත්‍ර පූජාකිරීමේ ආනිසංශ අටකි.

සිවුරු පමණක් නොව සියලු වස්ත්‍ර
රන්වන් සිරුර ඇත්තේ වෙයි
ශරීරයේ රජස් (දූවිලි) නැත්තේ වෙයි.
රැස් විහිදෙන සිරුරක් ලැබීම
පුතාපවත් සිරුරක් ඇතිවීම
සිනිදු සිරුරක් ලැබීම
සසර පුරා ලක්ෂගණන් නෙක පැහැති වස්ත්‍ර ලැබීම

තුන් රුවනට පාත්‍ර පූජාකිරීමේ ආනිසංශ දහයකි.

රන්,රිදී, මැණික් තලි හැමවිටම පරිභෝජනය කිරීම
උපද්‍රව අකතුරු තොරවීම
ගරුබුහුමන් ලැබීම
ආහාර, වස්ත්‍ර, සයනාසන ලැබීම
භෝග නොනැසී ආරක්ෂා වීම
ස්ථිර සිත් ඇත්තකු වීම
හැමකල්හි ධර්මය කැමැත්තේ වෙයි
මද කෙලෙස් ඇත්තෙමි .
ආශ්‍රව රහිත වෙමි
දෙවි මිනිස්ලොව සැමතැන මේ ආනිශංස ලැබීම

තුන් රුවනට දැලි පිහි පූජාකිරීමේ ආනිසංශ හතකි.

සැම කල්හි සූර වීමි
නොවිසිරුනු සිත් අැත්තේ වීමි
වෛශාරද්‍යයෙහි පරතෙරට පැමැනැයෙමි
ධර්ය ඇත්‍තේ වීමි
වීර්ය ඇත්තේ වීමි
ඔසවා ගත් සිත් ඇත්තේ වීමි
අසම සම ශුද්ධ ඥානයක් ලැබීම

තුන් රුවනට පිහියා පූජාකිරීමේ ආනිසංශ පහකි.

යහපත් සිතක් ලැබීම
වීර්යය ලැබීම
ක්ෂාන්තිය ලැබීම
මෛත්‍රී සිතක් ලැබීම
අසම සම ඥාණයක් ලැබීම

තුන් රුවනට ඉදිකටු පූජාකිරීමේ ආනිසංශ පහකි.

සැක නැත්තෙක් වේ
සැක සිදින්නෙක් වේ
රෑ ඇත්තේ වේ
භෝග ඇත්තේ වේ
භවය පුරා තියුණු නුවණ ඇත්තේ වේ

තුන් රුවනට නිය කැපුම් උපකරණ පූජාකිරීමේ ආනිසංශ පහකි.

බොහො දදැසිදස්සන් ලැබීම
ගව අශ්වාදීන් ලැබීම
ආරක්ෂක මෙහෙකරුවන් ලැබීම
කරණවැමියන් ලැබීම
බත් පිසින්නන් ලැබීම

තුන් රුවනට පවන් අතු පිදීමේ අනුසස් අටකි

ශීත උෂ්ණයෙන් පීඩා නොලබයි
ශරීරයේ දාහය නැත
සිතෙහි දාහය නැත
රාග යෙන්නිවීම ලැබේ
ස්වේශයෙන් නිවීම ලැබේ
මොහයෙන් නිවීම ලැබේ
සන්සුන්ව කෙලෙස්වලින් මිදී වාසය කිරීමට ලැබේ

තුන් රුවනට පෙර අතු පිදීමේ අනුසස් පහකි

සියල්ලන් ඉක්මවා දිව්‍ය ආයුෂ ලබමි
සොරසතුරන්ගෙනි කිසිකලෙක හිංසා නොලබන්නෙක් වේ
ආයුධවලින් හානියක් නැත
විෂයෙන් හානියක් නැත
අතුරු මරණ ඇති නොවේ

තෙල් තබාගන්නා බදුන් පිදීමේ අනුසස් පහකි.

මනා රූ ඇත්තේ වේ
මනා වචන ඇත්තේ වේ
උසස් සිත් ඇත්තේ වේ
අවික්ෂිප්ත සිත් ඇත්තේ වේ
සකලාරක්ෂාවෙන් ආරක්ෂාකාරී වේ

ඉදිකටු ගුලා (කොපු) පිදීමේ අනුසස් තුනකි

චිත්ත සුඛය ඇත්වේ
කාය සුඛය ඇත්වේ
ඉරියව් පැවැත්මේ සුඛය ඇත්වේ

අංසකඩ පිදීමේ අනුසස් තුනකි

පරසිත් දක්නා නුවණ ලැබේ
දෙවන ජාතිය සිහිකිරීමට හැකිවේ
හැමකල්හි මනා සිහි ඇත්තේ වේ

පටි පිදීමේ අනුසස් හයකි

සමාධීන්හි කම්පා නොවීම
සමාධියෙහි හුරුපුරුදු ඇත්තේ වෙයි
නොබිදෙන පිරිස් ඇත්තේ වීම
හැමකල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තේ වීම
එළඹි සිටි සිහියෙන ඇත්තේ වීම
කිසිකල බියක් නැත්තේ වීම

පාත්‍ර ආධාරක පිදීමේ අනුසස්

සිහි නුවණ පුබුදුවන්නා වූ යම් ධර්ම කෙනෙක් ඔහු විසින් අසන ලදද දරන ලදද ඒ ධර්මයෝඔහු කෙරෙහි නොනසන්නාහ. ධර්මයෝ සුවිනිශ්චිතය.

භාජන පිදීමේ අනුසස් තුනකි

රනින්, රිදියෙන්,පලිගුවෙන්, පියුම්රාමිණියෙන් කල භාජන ලබයි
භාර්යාවේ, දාසීහු, ඇත්, අස්,රිය,සේනා,පතිවත් ඇති ස්ත්‍රීන් හැමවිට පරිභොගයට ලැබේ.
විද්‍යා, මන්ත්‍ර ඇතුලු නානා ශිල්ප ඉගෙනීම ලබයි

තලි පිදීමේ අනුසස් තුනකි

රනින්, රිදියෙන්,පලිගුවෙන්, පියුම්රාමිණියෙන් කල තලි ලබයි
බොපත් සටහන් ඇති තලිද

බෙහෙත් පූජාකිරීමේ ආනිසංශ දහයකි.

ආයුෂ ඇත්තේ වෙයි.
බලය ඇත්තේ වෙයි.
වීර්ය ඇත්තේ වෙයි
වර්ණ ඇත්තේ වෙයි.
යසස් ඇත්තේ වෙයි.
සැප ඇත්තේ වෙයි.
උපද්‍රව නැත්තේ වෙයි.
අන්තරාය නැත්තේ වෙයි.
හැමකල්හිම ගරුත්වය ලද්දේ වෙයි.
ප්‍රිය විප්පයෝග නැත්තේ වෙයි.

පාවහන් පූජාකිරීමේ ආනිසංශ තුනකි.

හස්ති යාන, අශ්ව යාන, සිවිකාරතද පිරිවරත්
මැනිකෙන්, කම්බියෙන්, රනින්, රිදියෙන් කල පාදුකාවෝ පය ඔසවන විට පහල වෙත්
තෙරුවනට පාදුකාවන් දී ඍද්ධි පාදුකාවන්වල වාසය කරයි

දියපිස්නා වස්ත්‍ර පූජාකිරීමේ ආනිසංශ හයකි.

රන්වන් පැහැ ඇත්තේ වෙයි
රජස් නැත්තේ වෙයි.
ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තේ වෙයි
ප්‍රතාප ඇත්තේ වෙයි
සිනිදු සිරුර ඇත්තේ වෙයි
සිරුරේ කුණු නොඇලෙයි

සැරයටි වස්ත්‍ර පූජාකිරීමේ ආනිසංශ හයකි.

පුත්‍රයෝ බොහෝ ලබති
තැතිගැනීමක් නැත
හැමකල්හි අනුන් විසින් පීඩා නොකලහැක්කෙක් වේ
සැම විටම සැම පැත්තෙන්ම ආරක්ෂාවේ
වැරදීම් සිදුනොවේ
සිතෙහි පෙලීමක් නැත

බෙහෙත් අදුන් පිදීමේ අනුසස් හයකි

මහත් නෙක් ඇත්තේ වේ
සුදු, කහ, රතු පැහැයෙන් මනාකෝට ඇත්තේ වේ
නොකැඩුන පහන් ඇස් ඇත්තේ වේ
සියලු රෝගයෙන් මිදේ
දිවැස් ලබන්නේ වේ
අන්ත්තර ඥාන ඇස් ලැබේ

යතුරු හා යතුරු කොපු පිදීමේ අනසස්

සගුනට යතුරු පුදා ධර්ම ඥාවය විවෘත කිරීමේ යතුරු ලබයි
යතුරු කොපු පුදා ක්‍රෝදය මද වේ, වෙහෙස නැත්තේ වේ

අයෝගනම් පටි වර්ගය පිදීමේ අනුසස් පහකි

සමාධියේ නොසැලෙමි
සමාධියෙහි වශීභාවය ඇත්තේ වේ
නොබිදෙන පිරිස් ඇත්තේ වේ
හැමකල්හි විශ්වාස කරන කථා ඇත්තේ වේ
භවය පුරා භෝග සම්පත් ලබයි

රෝග පීඩාදිය නැසීමට ඇති දුම්බොන පයිප්ප පිදීමේ අනුසස් තුනකි

සිහිය ඍජුවේ
නහර මනාව සම්බන්ධ වේ
දිව්‍ය නේත්‍ර ලැබේ

පහන් පිදීමේ අනුස් තුන

උසස් කුල ඇත්තේ වේ
අංග සම්පූර්ණ වේ
නුවණැත්තේය

මහ සැලි සහ කරඩු පිදීමේ අනුසස් දහයකි

හැමකල්හිම ආරක්ෂා වේ
සැපයෙන් යුක්ත වේ
මහත් යසස් ඇත්තේ වේ
විපත් නැත්තේ වේ
සියුමැලි වේ
සියලු අන්තරායෙන් මිදුනේ වේ
මහත් ගුණ ඇත්තේ වේ
බිය නැත්තේ වේ
චතුර්වර්ණ මහ සැලි හා කරඩු ලැබේ
හස්ථි අශ්ව රථ ලබමි. වස්තුව නොනැසේ.

අදුන් නළ පිදීමේ අනුසස්

ශරීරය සෑම කල්හි සර්ව ලක්ෂණ වේ
ආයුෂයෙන් ප්‍රඥ‍ාවෙන් යුක්ත වේ
සකලායාසයෙන් මිද්නේ වේ

කුඩා පිහියා සහ ලොම් උදුරන අඩු පිදීමේ අනුසස්
කෙළෙස් දසිදිනා නුවණ වැඩේ
ලොම් උදුරන අඩු පුදා කෙලෙස් උදුරන අඩු ලැබේ
නස්‍යය පිදීමේ අනුසස්
ශ්‍රද්ධාව, ශීලය, හිරිය, ඔතප්පය, ශ්‍රැතය, ත්‍යාගය, ක්ෂානන්ති, ප්‍රඥාව, යන අනුසස් ලැබේ

පුටු පිදීමේ අනුසස් හයකි

උසස් කුලයක උපදී
මහා භෝග ඇත්තේ වේ
සියල්ලො ගරුකරති
කීර්තිය පැන නැගේ
කල්ප ලක්ෂයක් මුලුල්ලේ පුටු හිග නොවේ

මෙට්ට පිදීමේ අනුසස්

සම ශරීර ඇත්තේ වේ
ගරු කරන ලද්දේ වේ
මෘදු ශරීර ඇත්තේ වේ
මන‍ා දැකුම් කලු ශරීර ඇත්තේ වේ
ඥානය හා පිරිවර ලබයි
රන් රිදී මිශ්‍රකරන ලද ආදී නානාවිධ ඇතිරිලි ලබයි
නුවණැති බවට පැමිණි දා පටන් ඥානයෙන් හිස් නොවේ
ධ්‍යාන නැමැති ඇද ඇත්තේ වේ

කොට්ට පිදීමේ අනුසස්

ලොමින්කරන ලදද, පද්මාකාරද, ලෝහිත චන්දනයෙන් කලද කොට්ට ලැබේ
ආර්යෂ්ඨාන්ගික මගෙහිද, සතර ශ්‍රමණ ඵලයෙහිද ධර්මය සිත දරාගෙන සිටී
දීමෙහිද, ඉන්ද්‍රිය දමනයෙහිද, සිත සමාධියෙහිද, අප්‍රමාණ්‍යයෙහිද, රෑපධාන්‍යයෙහිද සැමවිට ඥානය එලවා වෙසේ
වතෙහි, ගුණයෙදහිද, ප්‍රතිපත්තියෙහිද, ආචාර ක්‍රියාවෙහිද ඥානය එලවා වෙසේ
ශීලය, සමාධිය, ප්‍රඥාව අනුත්තර විමුක්තිය යන ධර්මයන්හි ඥාණය එලවා සුවසේ වෙසෙමි

පිදුරු බිසි පිදීමේ අනුසස්

රනින්, මිණියෙන්, දළෙන, හරයෙන් කළාවූ බොහෝ උසස් පර්යන්කයන් ලබයි

පා පුටු දීමේ අනුසස්

බොහෝ යානයන් ලබයි
දාසියෝද, භාර්යාවෝද, තාමගෙන් ජීවත්වන අන්‍යයෝද උවටැන් කරයි

ඇග ගල්වන තෙල් පිදීමේ අනුසස්

නිරෝගීබව
රෑමත්බව
වහා ධර්මය දැනගැනීමට සමත් බව‍
ආහාරපාන ලබන බව
ආයුෂ ලබන බව

තෙල් ගිතෙල් පිදීමේ අනුසස්

බල ඇත්තේ වේ
රූප සම්පත් ඇත්තේ වේ
සතුටු වූ දරුවන් ඇත්තේ වේ
රෝග නැත්තේ වේ

මුව පිරිසිදුකරන දෑ පිදීමේ අනුසස්

පිරිසිදු උගුර ඇත්තේ වේ
මිහිරි හඩ ඇත්තේ වේ
කාශස්වාස නැත්තේ වේ
මුවින් සුගන්ධය පිටවේ

දී ආදිය පිදීමේ අනුසස්

යහපත් මේ දෑ පුදා උතුම් කායගතාසතිය වළදයි
වර්ණ, ගන්ධ, රසැති මී පුදා අනුපම විමුක්ති රසය වළදයි
රස පුදා අනුරෑප සතර ඵලය (චතුරාර්ය සත්‍යය) ලබයි

ආහාර පාන පිදීමේ අනුසස්

ආයුඇත්තේ වේ, බල ඇත්තේ වේ, ධෛර්යය ඇත්තේ වේ, වර්ණ ඇත්තේ , යසස් ඇත්තේ, සුව ඇත්තේ, ආහාරපාන ලබන්නේ, ශූර වන්නේ, නුවණැති වන්නේ , භවය පුරා මේ අනුසස් ලබන්නේ

සුවධ දුම් පිදීමේ අනුසස්

සුවද විහිදෙන සිරුරක් ඇත්තේ වේ
යසස් ඇත්තේ වේ
වහා අවබෝධවන නුවණ ඇත්තේ
කීර්ති ඇත්තේ
තියුණු නුවණ ඇත්තේ
භූතාර්ථය දක්නා නුවණ ඇත්තේ
හාස ප්‍රඥාව ඇත්තේ
ගම්භීර ප්‍රඥාව ඇත්තේ
පැතිරුණ ප්‍රඥා ඇත්තේ
ජවන ප්‍රඥා ඇත්තේ
නිවනට පැමිණෙන්නේ

ඉතින් පින්වත් යාලුවනේ බලන්න අපිට හරිම සරළව කරගන්න පුලුවන් පින්කම් මොනතරම් තියෙනවද? මේවයින් අපිට මේ සසර පුරා සැප ලබන්නත් කෙලවර අමා මහ නිවනට පිවිසෙන්නත් පුලුවන් වෙනව. හැබැයි ඉතින් දන්දිදීම ඉදල හරියන්නෙ නෑ. බණභාවනා ආදිය කරන්නත් ඕනි. ධර්මයේ හැසිරෙන්නත් ඕනි. මේ කිව්වෙ දානයේ අනුසස්. මම මේ සදහන් කලේ බොහොම කෙටියෙන්. ඔයාලට පුලුවන් පහත ලින්ක් එකෙන් අතිපූජනීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පාරමිතාපුකරණය පොත ඇතුලු බොහෝ පොත් අරන් කියවන්න පහත ලින්ක් එකෙන්.

හොදයි එහෙනම් ඔබ සැම මේ ධර්මය ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන සසර ගමන කෙටිකරගෙන අමා මහ නිවනින් සැනසේවා.

මෙපින් බලෙන් අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මේ ලිපිය පලකරන ලදි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.

●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬●

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.