Skip to main content

ජීවිතයට අසිරිමත් වෙනසක් … … …

යහලුවනේ මම දාපු නොයෙක් ලිපි වලින් ඔයාලට තේරෙනව ඇති බුදු දහමින් මොනතරම් ප්‍රායෝගික ප්‍රයෝජන ගන්න පුලුවන්ද කියල. මේ ලිපිය අලුතින් කියවන අය මගෙ ගිණුමට ගිහින් අනිත් ලිපි ටිකත් බලන්න. යහලුවනේ මම මේ ලිපි දාන්නෙ කවුරුත් කියපු දේවල් නෙවෙයි. කවුරුහරි කීවම මම ඒව ප්‍රායෝගිකව අත්හදා බලල හරිනම් තමයි ඔයාලට දෙන්නෙ. මොකද මම ඒව නොකර ‍බොරුවට කලා කියල වැදිබණ කියල වැඩක් නෑ. යම් දෙයක් එහෙම කියනවනම් මම පැහැදිලිව කියල ඇති මේව මම කලේ නෑ. ඔයාල කැමතිනම් කරල බලන්න කියල.

හොදයි, අදත් මම ඔයාලට මේ කියන්න යන්නෙ ඉතාම වැදගත් ගාථාවක්. ඒ ගාථාව ඉහලින් දාල තියෙනව තේරුමත් එක්ක. මේ ගාථාව කියන්න ඕනි පාලියෙන්. සිංහල තේරුම පාලි ගාථාව කියවනකොට මතකයට ගන්න. මේවගෙ තියෙන්නෙ සත්‍ය ක්‍රියාවක් පමණයි කියල හෝ වෙන මොනම හේතුවක් නිසාවත් මේක සිංහලෙන් කියලනම් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. මොකද බුද්ධ භාෂිතයට අනුව නිවැරදි ඝන පිහිටුවලයි මේ ගාථා හදල තියෙන්නෙ.
මේ ගාථාව දුටුගැමුණු මහ රජතුමා නිතර භාවිතා කරපු ගාථාවක්. එතුමාට ජීවිතයේ විපුල ඵල ලබන්න මේ ගාථාව හේතු උනා. නොයෙක් තැන්වල සදහන්වෙනව “ විභාග, රැකී රක්ෂා, සුභ කටයුතු වලින් ජය ලැබීමට මේ ගාථාව තෙවරක් සජ්ඣායනා කරන්න ” කියල. ඔන්න ඒකනම් මම කරල නෑ. කොහොමත් විභාග පාස්වෙන්න මේව කිය කිය ඉදල හරියන්නෙ නෑ. පාඩම් කරන්න ඕනි.
ඒත් මේ ගාථාව උදේ හවස භාවිතා කරන්න. මම ප්‍රායෝගිකව අත්වින්ද දෙයක් තමයි හිතේ සතුට ඇතිවෙනව මේ ගාථාව භාවිත කරද්දි. පුදුම සැනසීමක් උදාවෙනව. කරන කියන වැඩ කටයුතුවල තියෙන අවුල් මග හැරිල යනව. සිතේ තියෙන කලහකාරී නැතිනම් කලබල ගතිය මගඇරිල යනව. ආගමට දහමට සිත කවත් ලංවෙනව. හතුරන්ගේ හතුරු ගතිය අඩුවෙලා මිතුරු ස්වභාවයක් පෙන්වනව. යාලුවනේ මම ගාථාව භාවිතා කරන්න පටන් අරන් තව දවස් තුන හතරයි. ඒ ටිකටයි මේ ඵල ලැබුනෙ. ඉතින් නිතර මා සමග ඉන්න වගේම මට ඇණුම් බැනුම්වලින් සංග්‍රහ කරන හැමොගෙම යහපත උදෙසායි මේ බව සදහන් කලේ.

හැමදාම බුදුන් වදිනකොට මේ ගාථාවත් හත්වරක් විතර කියන්න. මමනම් නිතරම මේ ගාථාව මුමුණනව. ඔයාලත් නිකන් ඉන්න වෙලාවට නමස්කාරය කියල මේ ගාථාව මුමුණන්න පුලුවන්නම් ප්‍රතිඵල ලේසියෙන්ම ලබාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. රෑට පිරිත් කියන වෙලාවට මම මේ ගාථාව 108 වරක් සජ්ජායනය කරනව. විනාඩි පහලොවක් වගේ වෙලාවක් යන්නෙ. නිතර නිතර හැමවිටම මේ ගාථාව කියන්න පුරුදු වෙන්න. ජීවිතයට පුදුම සැනසිල්ලක් දැනටත් මට දැනෙනව දවස් කිහිපයට.

මම හිතන්නෙ විභාග රැකී රක්ෂා ආදිය ජයගන්න මේකෙන් බැරිවෙන එකක් නෑ. පුදුම ආශිර්වාදයක් තියෙන්නෙ. යාලුවනේ සර්ව ජන වශී ගැන තියෙන මන්තර පොතකත් මේ ගාථාව තිබුන මම දැක්ක. දැන් කෑගහන්න එපා ඒය මිත්‍යාදෘෂ්ඨිකයි කියල. මම කියන්නෙ ඒව අතරට පවා මේ ගාථාව යන්න පුදුම බලයක් මේ ගාථාවට ඇති කියල.

ඔයාලත් මේ ගාථාව නිතර භාවිතයට අරන් ඒ අනන්ත බුදුගුණ බලයේ මහිමය දැකගන්න. හැබැයි ඉතින් පස්පව් කර කර, කුණු මස්මාලු ගිලදාන ගමන් මේ ගාථාව 108ක් නෙවෙයි. ලක්ෂ වාරයක් කලත් වැඩක් වෙයිද කියලනම් මම දන්නෙ නෑ. ඔබට ජය.

ිනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.