Skip to main content

ජාති, ජරා, මරණයන්ගෙන් වෙන්වන මාර්ගය අසා භවය කෙලවර කල කප්ප මහරහතන් වහන්සේ .

කප්ප මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද ඒ බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා රහත් බව ප්‍රාර්ථනා කළහ. හෙතෙම බොහෝ කාලයක් සසර සැරිසරා කුසල් දහම් රැස් කොට අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බමුණු කුලයක ඉපිද කලක් ගිය විට බාවාරි නම් තාපසතුමා ළග තාපස පැවිද්ද ලැබීය. නමින් කප්ප තාපස නම් විය. පසුව බාවාරි තාපසතුමාගේ නියෝගය පරිදි අනිකුත් නායක තාපස. පැවිද්දන් පසළොස් දෙනා සමග බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීම පිණිස ගොස් බුදුරජාණන් වහන්සේන්ගෙන් මෙසේ ඇසීය.

” ස්වාමීනි, සසර ඇවිදිනාවූ, ජරාමරණ දෙකින් මඩනා ලද, ජාත්‍යාදී භය හා කාම ප්‍රවාහය ඇති, අයකුට එයින් වැළකී සිටීමට ඇති මාර්ගය කුමක් ද? “

ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “කප්ප මාණවකය, එවැනි බාධකවලින් වැළකී සිටීමට මාර්ගය තොපට කියමි. රාගාදී කෙලෙස් නැති, තෘෂ්ණාවෙන් දුරු වූ, ජරා මරණ නැති, ඒ මාර්ගය නිවන වෙයි. එබදු නිවනට පැමිණි රහත් වු මාර වසඟයට නොයති. ” ඉක්බිති ධර්ම දේශනාව ඇසු කප්ප තවුසා පිරිවර තවුසන් දහස සමග රහත් ඵලයට පැමිණ එහි භික්ෂු භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබීය. බුදුරජාණන් වහන්සේගේ අසු මහා ශ්‍රාවකයන්ගෙන් කෙනකු බවට ද පත් වූ සේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.