Skip to main content

351 චර්ණරෝග ජාතකය

තවද ආදිච්චබන්ධු යන නම් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සැරියුත් මුගලන් දෑගසව්වන් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්

සැරියුත් මුගලන් දෑගසව්වන් වහන්සේ පිටිසර ගමකට ගොස් වසනසේක. එක්තරා පුරුෂයෙක් මේ දෙන්නා වහන්සේගේ මිත්‍රධර්මය දැක දෙදෙනා වහන්සේ උනුඋනුන් හස්වා බිඳූවාපියන්ට උවමැනවයි සිතා සැරියුත් ස්වාමින් කරා ගොස් කියන්නේ ස්වාමිනි මුගලන් ස්වාමින් කරා එක් දවසකින් මම ගියෙමි. මා ගිය ගමනේ කියනසේක් මා හා සමාන ජාතිවංශයවත් ඉර්ධි ප්‍රාතිහාර්යය වත් නැතිසේක. උන් වහන්සේ කින්දැයි කියා නින්දා සැටියේ බස් කීසේක. උන් වහන්සේ එසේ කියේ නුඹ වහන්සේ කෙරේ කනස්සළුව වේදැයි කීය. උන්වහන්සේ අසා සිනාසී එසේ කීසේක් ද යහපත තොපි පලායවයි උන් එතනින් යවුසේක. එක් දවසක් මුගලන් සාමින් කරා ගොස් එම පුරුෂයා මෙම නියාවට කියා උන්වහන්සේත් අසා සිනාසී එසේ කීසේක්ද?. යහපත තොපි යවයි කියා යවා එක් දවසක් මුගලන් සාමින් සැරියුත් සාමින් කරාගොස් අසවල් පුරුෂයා මෙතනට ආද එකියන තැනැත්තේ කීයේ කින්දැයි විචාළ සේක. උන් කී සැටි වදාළසේක.මටත් මෙසැටි කිය යි උන් වහන්සේත් කියා මෙතන උවමනා එකෙක් නොවෙයි කියා එතනින් යවා තුන්මස එතන රදා වස්වැස සර්වඥයන් වහන්සේ කරාගොස් සර්වඥයන් වහන්සේ දැක තමන් දෙදෙනාවහන්සේ ගස්වා බිඳින්ට පුරුෂයා කී කළදෙය වදාළසේක. සර්වඥයන් වහන්සේ අසා වදාරා දෑගසව්වෙනි දැන්මතු නොවෙයි පළමුත් එකියන පුරුෂයා තොප දෙදෙනා ගස්වා බිඳින්ට උත්සාහ කළ ගමනෙත් තොපි දෙදෙනා ඒ අසා අදහා නොගෙණ උනුන් හා කනස්සළු නුවුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වෘක්‍ෂදේවතාව උපන්සේක. එසමයෙහි සුදාඨ නම් සිංහ රජ්ජුරුකෙණෙකුන් හා සුබාහු නම් ව්‍යාඝ්‍රයකු හා දෙන්න උනුන් හා බලවත්වූ හිතමිත්‍රව වාසය කරන්නාහ. එසමයෙහි එක් කැණහිලෙක් සිංහයා හා ව්‍යාඝ්‍රයා ලඟටගොස් නොයෙක් සතාසතුන් කෑතැන ඇට මංශ කා මහත්වූ ශරීර ඇතිව ස්ථුලව සිතන්නේ කවර සතුන්ගෙත් මාංශ හා මහත්වූ ශරීර ඇතිව ස්ථුලව සිතන්නේ කවර සතුන්ගෙන් මාංශ කැමි සිංහමස් හා ව්‍යාඝ්‍රමස් කෑවිරූ නැත. දෙන්නා උනුන් හා ගස්වා මරවමියි සිතා සිංහ රජ්ජුරුවන් සමිපයට කැණහිල් ගොස් කියන්නේ ව්‍යාඝ්‍රයානන් දැකලා හිත විස්වාස කම් කිම්දැයි කීය. සිංහයා කියන්නේ හිතකමට අමුතු කිම්ද බලවත් හිතයම්හයි කීහ. නුඹ වහන්සේ කියන පමණක් විනා එක් දවසක් මම ව්‍යඝ්‍රයානන් උන් තැනට ගිය ගමනේ නුඹ වහන්සේගේ නුගුණ විනා ගූනයක් නොකීවෝය. මාසේ ජාතිවන්ත ගුණවත් වික්‍රමවත් රූපයක්වත් උන්ට නැත. උන් කිම්දැයි කීසේක. සිංහයානෝ අසා එසේ කිවුදැයි සිනාසී මෙතනින් තොපි යවයි කියා යවුහ. එක් දවසක් කැණහිල් ව්‍යාඝ්‍රයානන් උන්තෙනට ගොස් ව්‍යාඝ්‍රයානන් දැකලා නුඹ දෙදෙනාගේ හිත මිත්‍ර කම් කිම්දැයි විචාළේය. මිත්‍රකමට අමුතු කිම්දැයි කියන්නා නුඹ වහන්සේ එසේ කියන පමණක්ව විනා එක් දවසක් මා එතනට ගිය ගමනේ නුඹ වහන්සේගේ නුගුණ විනා ගුණයක් කීයේ නැතැයි පළමු කීවාසේම ව්‍යාඝ්‍රයාට කිය. ව්‍යාඝ්‍රයා සිනාසී එසේ කීවිට තොපි මෙතනින් පළමු කීවාසේම ව්‍යාඝ්‍රයාට කිය. ව්‍යාඝ්‍රයා සිනාසී එසේ කිවිට තොපි මෙතනින් පලායවයි කියා සුදාඨ නම් සිංහරජ්ජුරුවන් කරා ගොසින් සුබාහු නම් ව්‍යාඝ්‍රයා කියන්නේ සිංහරජ්ජුරුවෙනි, සිඟාලයා මා කරා අවුත් කියන්නේ නුඹ වහන්සේ මට නොයෙක්දෑ බොහෝව කිවයි කියා මට අවුත් කිය සැබෑද නුඹ වහන්සේ මට එසේ කීයේදැයි විචාළේය. සිංහ රජ්ජුරුවෝත් එවිට කියන්නේ තොපත් මට නොයෙක්දෑ කිවයි කියා ඇවිත් කිය. මම අදහා නොගතිමි තොපගේ අඥාන කමෙක විවර් මාගේ තත්වය දැන මෙසේවූ දෙයක් කියති කියන්නක් මෙතෙක් කාලයක් එකතැන ඉඳ නොදත් නියාද තොපගේ අඥාන කමෙකැයි කියා දෙන්නම උනුන් හා කථා කොට මේ නීච තැනැත්තහූ ලංවිමෙන් වේද මෙසේවූ සැකයක් වුයේ යයි කියා ඌ මෙතන ඉඳ නොහැක්කා යි මෙතනින් පහකොට ව්‍යඝ්‍ර රජ්ජුරුවන් ක්‍ෂමා කරවා ගෙණ තමාගේ වාසස්ථානයට ගොස් සැපසේ වාසය කළහයි වදාරා මේ චර්ණ රෝග ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සිඟාලව උපන්නේ මෙකියන පුරුෂයාය. එසමයෙහි සිංහව උපන්නේ ශාරීපුත්ත ස්ථවිරයන්. ව්‍යාඝ්‍රව උපන්නේ මුගලන් මහා ස්ථවිරය. එසමයෙහි වෘක්‍ෂදේවතාව ඉපිද මේ කාරණය දුටුයෙමි බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.