Skip to main content

ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර ලියන
විශේෂ ලිපි පෙලග

කෝට්‌ටේ රාජ්‍ය යුගයේ තොටගමුවේ සිරි රහල් සංඝරාජයන් විසින් ඉටුකළ අතිශය විශිෂ්ට සාහිත්‍ය සේවය ශ්‍රී ලාංකිකයන් කිසි කලෙකත් අමතක නොකරනු ඇත. විශිෂ්ට ගණයේ කවියෙක්‌වූ උන්වහන්සේ සැලලිහිණි සහ පරෙවි යන සංදේශ දෙකද, කාව්‍යශේඛරය නම් වූ මහා කාව්‍යයද ප්‍රබන්ධ කළහ. තවද උන්වහන්සේ විසින් රචිත වියරණ කෘතියක්‌ වූ පඤaචිකා ප්‍රදීපයද, බුද්ධප්පසාදිනියට ලියූ ටීකාවද රාහුල හිමිගේ විසල් බුද්ධිය මනාව පිළිබිඹු කරයි.

එසේම ත්‍රිපිටක වාගීශ්වර, සකල කලා සර්වඥ ෂඩ්භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාම ලද උන්වහන්සේ ආයුර්වේද විද්‍යාවේත්, නක්‍ෂත්‍රයේත්, අමනුෂ්‍යයන් පලවා හැරීමේ ඥනයෙනුත් හෙබි අතර දේව කතා, අද්භූත කථා යනාදිය ගැනද උසස්‌ අවබෝධයක්‌ තිබිණි.


හය වන පරාක්‍රමබාහු (15 වන සියවස) විසින් කුඩා කල හදා වඩා ගන්නා ලද රාහුල හිමි සෑම විටම රජුට කෘතවේදීව කල් ගෙවීය. සපුමල් කුමරු 6 වන පරාක්‍රමබාහු රජුගේ මුණුපුරාවූ ජයබාහු කුමරා මරා බුවනෙකබාහු නමින් රජවූ පසු රාහුල හිමි දකුණේ අම්බෙන නම් ලෙනෙහි හුදකලාව ජීවත් වූ බව ජනප්‍රවාදයේ දැක්‌වේ. දක්‍ෂ වෛද්‍යවරයකු වූ උන්වහන්සේ අපවත් වීමට මොහොතකට පෙර “සිදුහත් රසය” නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද ඒ හේතුවෙන් එම මෘත දේහය දින දශලක්‍ෂයක්‌ තබා ගැනීමට හැකි යෑයිද විශ්වාස කරනු ලැබේ.

දැනට ඉන්දියාවේ ගෝවේ නුවර තබා ඇති ශාන්ත සේවියර් පියතුමාගේ මෘත ශරීරය එතුමාගේ නොව සිරි රහල් හිමිගේය යන්න සිංහල ජනයා අතර පවතින මතයයි. ජනප්‍රවාදයට අනුව පෘතුගීසීහු සොලොස්‌වන සියවසේදී රාහුල හිමිගේ දේහය ඉන්දියාවේ ගෝවේට ගෙන ගොස්‌ ඇති අතර ඒ පිළිබඳව සූක්‍ෂම විග්‍රහයක යෙදෙන විට අනාවරණය වන්නේ රටේ එකල පැවැති දේශපාලන වාතාවරණයද එවැනි සිදුවීමකට හිතකරව පැවැති බවය. එම දේහය පිළිබඳව පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන්ද එම දේහයේ අයිතිකරු පිළිබඳව යම් නිගමනයකට ඒමට උදව් කරයි.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින් රචිත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ යන පර්යේෂණ කෘතියේ අද ගෝවේ තිබෙන සාන්ත සේවියර්තුමාගේ යෑයි කියන දේහය රහල් හිමිගේ දේහය බවට සනාථ කරන කරුණු හොඳින් දක්‌වා ඇත.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාද, දැනට ගෝවේ තිබෙන එම මිනී පෙට්‌ටියේ මිනුම්ද, එකල පැවැති දේශපාලන තත්ත්වයද, සිරුර ගෙනගිය සිද්ධිය ආශ්‍රිත සිංහල ජනකවිද, දේහය රාහුල හිමිගේ යයි සිංහලයන් විසින් ඉදිරිපත්කර ඇති සාධකද අඩංගු ලිපි මාලාවක්‌ මනි් ඉදිරියට කියවන්න …

දිවයින ඇසුරිනි …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.