Skip to main content

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක …

චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය.

තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය ගණනට ගත්තේ නැත. එහෙත් හැං පෙරළා දෙවියන්ගෙන් ‘ඒ මොකද’ කියා ප්‍රශ්න කෙළේය.

‘ඒක මෙන්න මෙහෙමයි’ දෙවිතුමා පිළිතුරු දෙමින් කාරණය විස්තරාත්මකව කීමට පටන් ගත්තේ්ය. ‘ඔබේ ගෞරවණීය සීයා හැං යුචියන් බොහොම දුප්පත් කෙනෙක්. තම පවුලේ දෛනික වියදම් පවා පියවා ගැනීමට ඔහුට ආර්ථික ශක්තියක් නො වීය. නමුත් ඔහු ජීවත්වන සතුන්ට දැඩි අනුකම්පාවක් හා ආදරයක් දැක්වීය. සෑම දිනකම ඉර පෑවූ පසුව ඔහුගේ ගේ සමීපයෙන් ගලා බසින ගංගාවේ වැලිතලාවට ඉදලක් ද රැගෙන යන ඔහු රාත්‍රී කාලයේ ගඟෙන් ගොඩබිම කරා පැමිණ ඉවුරේ අතරමංව සිටින සිංහ ගොළු බෙල්ලන් අතු ගා ගලා බසින ගඟට යොමු කිරීම ඔහු මහත් ආශ්වාදයක් ගෙනදුනි. එවිට එම ගොළු බෙල්ලන්ට විපතක් සිදුනොවී ජීවිතය ආරක්ෂා වන්නේ ය. වැලිතලාවේ සිටින විට අත්වැරදීමකින් හෝ කාටහරි මේ ගොළු බෙල්ලකු පෑගුනහොත් මිය යන්නේ්ය. එමගින් හැං ගොළු බෙල්ලන් දහස් සංඛ්‍යාත සංඛ්‍යාවක ජීවිත අනතුරෙන් බේරා දී ඇත. සමහර දිනවල ඔහුට ආහාර පවා නැතිව සාගින්නේ උග්‍ර වූ විට ඒ ගින්න අමතක කිරීම පිණිස ගං ඉවුරේ වැලි තලාව සැතපුම් ගණනක් දුරට ඔහු අමදින්නේය. මේ ක්‍රියාවෙන් ඔහු සත්වානුකම්පාව නිසාම දහස් ගණනින් වූ සිංහ ගොළුබෙල්ලන්ගේ් ජීවිත අනතුරෙන් බේරා තිබේ.

සමහර අවස්ථාවල ඔහුට මිනිස්සු සිනාසුනාහ. ‘ඔබට ඔබේ කාලය ඔයිට වඩා වැදගත්, ප්‍රයෝජනවත් දේකට යොදවන්න බැරිද?’ සමහරු ඔහුගෙන් ප්‍රශ්න කළහ. ඔබට හුඟක්ම බඩගිනි වෙනකෙට ඔය ගොළුබෙල්ලො ඔබට කන්න බැරිද? ඇයි හැමෝම කියනවනේ ගොළු බෙල්ලො හරි රහයි කියලා’ බොහෝ අය ඔහු දෙස අවඥා සහගත ලෙස බැලූහ. ඔහුට මෝඩයා යි නමක්ද පට බැන්දේය. තමාට හරියයි කියා හිතෙන දෙය තමා අතනොහැර කරගෙන ගියේය. මිනිසුන් ඔහු වෙනුවෙන් කර ඇති ප්‍රකාශ ඔහු කිසිවක් ගණනට ගත්තේ නැත. නොකඩවාම ඔහු ගං ඉවුරේ ඉබා ගාතේ ඇවිදින ගොළු බෙල්ලන් දියට යොමු කිරීමේ ක්‍රියාව කරගෙන යාමෙන් මහත් ආශ්වාදයක් හා ආත්ම තෘප්තියක් ලැබුවේය. ඒ වින්දනය ඔහුට කොපමණ විශාල මුදලක් වැය කළත් මුදලට ලබාගත නොහැකිය. ඔහුගේ් සීයා මේ සද්ක්‍රියාව දැනට හතළිස් වර්ෂයකටත් වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව කරගෙන එන්නේ ය. ඒ තුළින් ඔහු අති විශාල සංඛ්‍යාවක් සත්ව ජීවිත මරණයෙන් මුදා ගෙන තිබේ. ඒ උදාර ව්‍යායාමයෙන් ඔහු මහත් සේ කුසල් රැස්කර ගෙන තිබේ. ඒ මහා කුසල්වල ප්‍රතිපලය භුක්ති විඳීමට ඇත්තේ් ඔහුට පමණක් නොවේ. ඔහුගේ් පරම්පරාවේ වර්තමාන දූ දරුවන් පමණක් නොව අනාගත මුණුපුරු මිණිපිරියන්ටද ඒවායේ මහත්ඵල මහානිසංශ ලැබෙන්නේ ය. දැන් වරප්‍රසාද ලැබීමේ ඔබේ අවස්ථාවද පැමිණ ඇත්තේ ය.

සිහිනය නිමා විය. හැං ෂිං ෂිංග් නැවත ස්වකීය කටයුතු සඳහා ගියේය. සත්‍ය වශයෙන්ම ඉතා කෙටි කාලයකදී රාජ්‍ය සේවාවේ පියවරෙන් පියවර ශීීඝ්‍ර ලෙස උසස්වීම් වලට ලක්විය. අවසානයේදී චීන දේශයේ ඉහළම රාජ්‍ය සේවා පදවියට ඔහු පත්කර ගන්නා ලදී. එපමණක් නොව ඔහු කොරියාවේ පැවැති රාජ්‍ය සම්මන්ත්‍රණ වලට චීන නියෝජිතයා හැටියටද පිටත්කර හරින ලදී. චීන අධිරාජ්‍යය තුළ ඔහු හා ඔහුගේ පරම්පරාව විශිෂ්ඨ ලෙස පිළිගනු ලැබීය. ඔහුගේ් සීයා විසින් සිදුකරන ලද පුන්‍ය කර්මයේ ප්‍රතිඵල ඔහු උපයා ගත්තේ තමාට පමණක් නොව තමාගේ් දරුවන්ටත් දරුවන්ගේ් දරුවන්ටත් ආදී වශයෙන් මුලු පරම්පරාවට ම ඵලදායී වීම පිණිසය.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.