Skip to main content

ක්ෂණයකින් රහත්බව ලද භික්ෂූන් අතර අග්‍රස්ථානය ලද දාරුචිරිය මහ රහතන් වහන්සේ …

ක්‍ෂණයකින් ලබනලද රහත් භාවය ඇති භික්ෂුන් අතුරෙහි දාරුචීරිය මහ රහතන් වහන්සේ අගතැන්පත් වූහ. බාහිය රට උපන්

හෙයින් මුන්වහන්සේ ගේ නාමයද බාහිය නම් විය. පසු කාලයක දී දැව කැබලිවලින් සකසා ගත් වස්ත්‍රයක් දරා ගෙන සිටි බැවින් දාරුචීරිය නමින් ප්‍රසිද්ධියට පත් වු සේක. උන්වහන්සේ ගේ පූර්වාපර චරිතාපදානය මෙසේ ය.

මේ දාරුචීරිය තෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්‍ෂයකට පුයෙහි බුදු වු පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි හංසවතී නුවර කුල ගෙයක ඉපිද වැඩිවියට පැමිණ වාසය කරන කල්හි දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට විහාරයට ගියහ. එකල්හි බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක වහා අවබෝධ කරගත් රහත් භාවය ඇති භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය තබනු දැක මම ද අනාගතයෙහි බුදු කෙනෙකුගෙන් මෙ බඳු පදවියක් ලබන්නෙමි යි අධිෂ්ඨාන කොට ගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සත් දවසක් මහ දන් දී අවසානයේ දී තම අභිප්‍රාය සර්වඥයන් වහන්සේට දැන්වීය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා වදාරා එය සඵලවන බව දැන කුල පුත්‍රය මෙයින් කල්ප ලක්‍ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයෙහි ඔබ වහා රහත්භාවය

අවබෝධ කර ගන්නා භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය ලබන්නාහ යි විවරණ දුන් සේක්ක. හෙතෙම බොහෝ පින් දහම් කොට එයින් චුතව සසර සැරි සරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය පිරිහී යමින් පැවති සමයක පැවිදිව දම්බ මල්ල පුත්‍ර තෙරුන් වහන්සේ ගේ චරිත කථාවෙහි දැක් වූ පරිදි පර්වත මුදුනෙහි භාවනා කොට මාර්ගඵල අවබෝධය නොලත් පස්දෙනා අතරින් එක් අයෙක්ව සිට එයින් කළුරිය කොට දිව්‍ය ලෝකයෙහි උපන්නේ ය.

හෙතෙම දිව්‍යලෝකයෙහි බොහෝ කාලයක් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වු කල්හි බාහිය රට කුලගෙයක ඉපිද වැඩි විය පත් කල්හි වෙළදාම පිණිස නැවක නැගී සවර්ණභූමිය කරා යමින් සිටියේ සාගරය මැද දී නැව ගිලී ගියේ ය. බාහිය නම් පුරුෂයා හැර අන් සියල්ලෝම මුහුදු බත් වුහ. හෙතෙම දරකඩක එල්ලී ගෙන පීනන්නේ සුප්පාරක පටුන් ගමට ගොඩ බැස මනුෂ්‍ය වාසයක් බව දැන නග්නව ඇවිදීම නො කළ හැකි බැවින් ශ්‍රී සුඹුලූ රැකොට ඒවා ඇඟ වටා දවටා ගෙන බිඳුණු කබලක් අතින් ගෙන සිඟා කෑමට ගමට ගියේ ය. මිනිස්සු ඔහු දැක මේ නම් මහා රහත් කෙනෙකි යි සිතා ආහාරපානාදියෙන් සංග්‍රහ කරන්නට පටන් ගත්හ. කලක් මෙසේ ගතවන විට තමා ඇත්තටම රහතෙක්ය යි යන අදහස පහළ විය. මේ අතර කාශ්‍යප බුදුන්ගේ කාලයේ පැවිදිව එකට මහණදම් පිරූ සත් දෙනාගෙන් අනාගාමි වු දෙවන තෙරුන් වහන්සේ බඹලොව ඉපිද තමන්ගේ යහළු තෙරවරුන්ට කුමක් වීදැ යි බලන්නේ එක් නමක් රහත්ව පිරිනිවන් පෑ බවත්, අනිත් පස් දෙනා අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී එක් කෙනෙක් පුක්කුසාති නම් රජවද එක් කෙනෙක් කුමාර කස්සප නමින් පැවිදිවද, එක් කෙනෙක් දම්බමල්ල පුත්ත නමින් පැවිදිවද, එක් අයෙක් සභිය නම් පරිබ්‍රාජකවද, පස් වැන්නා දාරුචීරිය නමින්ද උත්පත්තිය ලබා ඇති බව දුටුහ.

අනාගාමී ඵලයට පැමිණ බඹලොව උපන් ඔහුට මේ තමාගේ යහළු දාරුචීරිය තවුසා විසින් කරනු ලබන රහත් නොවී රහත්වීම යි කරන වංචාව දැක බලවත් සංවේගයට පැමීණ මොහුගේ මෙම

මිථ්‍යාදෘෂ්ටිය හරවා සුමගට පමුණවමි” යි සිතා දාරුචීරිය බොරු තවුසා ළඟට පැමිණ මෙසේ කීය. බාහිය , අතීතයේදී මා හා එක්ව පර්වත මුදුනේ සිට හිණිමග පහත හෙළා මහණදම් පුරා එයින් ප්‍රථිඵලයක්

නො ලැබ දැන් රහත් භාවයක් නැතිවම රහතකු ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුලා කිරීම කොතරම් නින්දාවක් ද? බාහිය, තොප රහතෙක්ද නොවේ, රහත් මගට පිළිපන් එකෙක්ද නොවේ මේ වචන ඇසූ බාහිය උඩ බලා ඉමයා දැක බියවී, දේවතාවෙනි මෙලොව රහතුන් කියා කොටසක් ඇද්දැ යි ඇසීය. එවිට මම තෙම කුමක් කියද? බාහිය, සැවත් නුවර ජේතවනාරාමය නම් විහාරයෙහි තිලෝගුරු සර්වඥයන් වහන්සේ වැඩ වසන සේක. උන් වහන්සේ සියලූ කෙළෙසුන් නසා රහත්ව සියලූ ලෝ වැසියන්ට ධර්ම දේශනා කරමින් බොහෝ දෙනකු රහත් භාවයට පත් කරවන සේක. වහා එහි ගොස් බුදුරජානන් වහන්සේ හමුව බණ අසා රහත් මගට යොමු වේව” යි කීය, ඒ ඇසු සැනින්ම දාරුචීරිය තවුසා සාරසිය අසු ගව්වක් මඟ ගෙවා පේවනාරාමයට දෙවියන්ගේ ආනුභාවයෙන් හෝ බුද්ධානුභාවයෙන් පසුදාම පැමිණියේ ය. ඒ මොහොතෙහි බුදුරජාණන් වහන්සේ පිඩුසිඟමින් සිටි සේක. දාරුචීරිය තවුසා පිඩු සිඟා වඩින බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් දෙපාමුල වැටී සවාමීනි මම සාරසිය අසු ගව්වක් ගෙවා ඔබ වහන්සේ හමුවීමට ආමි. මට බණ පදයක් දෙසනු මැනවැ යි යාඥා කෙළේය, බුදුරජාණන් වහන්සේ පළමු වරත්, දෙවන වරටත් එම ඉල්ලීම ප්‍රතිෂ්ප කළ නමුත් තුන්වන වර ඉල්ලීම පරිදි දහම් දෙසු සේක. ඒ ධර්මය ඇසු දාරුචීරිය තවුසාණෝ සව් කෙලෙසුන් නසා රහත් වුහ.

| රහත් භාවයට පත් වූ විට සත් දිනක් ඇතුළත පැවිදි විය යුතුය. නො එසේ නම් පිරිනිවන් පෑ යුතුය. මේ ධර්මතාවය අනුව දාරුචීරිය තවුසාට පැවිදි වීමට අවශ්‍ය පිරිකර සොයා ගත යුතු විය. සසර අටපිරිකර පුජා නො කළ හෙයින් ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා ගැනීමට ද මාර්ගයක් නො තිබිණ. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඔහුට සිවුරු සොයා ගෙන එන ලෙස නියම කළ සේක. හෙතෙම සිවුරු සොයා ඇවිදින ගමනේ දෙනක විසින් අනින ලද්දේ

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.