Skip to main content

කඨින ආනිසංස දේශනා කල නාගිත මහ රහතන් වහන්සේ …

නාගිත මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි වියට පත්වූ කල්හි එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි යි ප්‍රාර්ථනා කළහ. එකල එතුමාගේ නාමය නාරද විය. එම නාරද බ්‍රාහ්මණයා එයින් පසු බුදුරජාණන් වහන්සේට ගාථා තුනකින් ප්‍රශස්ති වර්ණනාවක් ද කළේය. එයින් චුතව දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නගරයෙහි සාක්‍ය කුලයෙහි ඉපිද නාගිත නමින් ප්‍රසිද්ධව වාසය කළේය..

බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවරදී දේශනා කළ මධු පිණ්ඩික සූත්‍ර දේශනාව අසා උපදවන ලද මහත් වු ශ්‍රද්ධා ඇත්තේ බුදු සසුනෙහි පැවිදි විය. නොබෝ කලකින් විදර්ශනා වඩා කෙලෙසුන් නසා රහත් වූ සේක. නාගිත මහරහතන් වහන්සේ තමන් වහන්සේ විසින් ලබන ලද විමුක්ති සුවය ගැන මෙනෙහි කරන්නේ මෙබදු උදානයක් පැවසු සේක.

මේ නිර්වාණගාමී මාර්ගය යම් සේ වේද, එබදු මාර්ගයක් මේ ශාසනයෙන් බැහැර වෙනත් බොරු රහතුන්ගේ ශාසනයන්හි නැත. මේ බව බුදුරජාණන් වහන්සේ මනා කොට දේශනා කොට වදාළ සේක. මෙම නාගිත මහරහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙහි එක්තරා මහරහතන් වහන්සේ නමක් වු සේක. කඨිනානිසංස දක්වන තැන එන නාගිත මහරහතන් වහන්සේ කෙනකු ගැන පොතපතෙහි සඳහන්ව ඇත. එම මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ විපස්සී නම් බුදුරජාණන් වහන්සේට කඨින චීවර දානයක් දී එහි කුසලයෙන් දෙව්ලොව ඉපිද දෙව් සැප විඳි අයුරුත්, චක්‍රවර්ති රජ බවට පැමිණි අයුරුත් කිසිම දිනක නරකාදියෙන් නූපන් බවත් ප්‍රකාශ කළ බව නාගිතාපදානයෙහි එයි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.