Skip to main content

ඔබේ සමීපතමයන් නිතර ලෙඩ වෙනවනම් මේ පිළියම කරල බලන්න.

යාලුවනේ අපේ සමහර යහලුවො, දෙමව්පියො ඉන්නව නිරන්තරයෙන් ලෙඩදුක් වලින් පෙලෙන අය. වැඩිහිටි අම්මල තාත්තල හරි ආච්චි අම්මල හරි, සීය තාත්තල හරි කමක් නෑ කියමුකො වයස නිසා කියල. අපේ තරුණ අය්යල අක්කල, නංගිල මල්ලිල වගේම පුංචි දුවල පුතාලත් නිතර ලෙඩදුක් වලින් පෙලෙනව. අනේ මේ පුංචි මල් කැකුලු පවා ඇයි මේ ලෙඩින් දුකින් පෙලෙන්නෙ.
පිංවත් යාලුවනේ අපේ මහාකාරුණිකයන් වහන්සේ අපේ ජීවිතය වරක් ගහක හඅදෙන ඵලවලට උපමා කලා. ගස්වල ගෙඩි හැදෙන්න ඉස්සරල මල් පොහොට්ටු කාලෙදිත් පරවෙලා බිමට වැටෙනව. මල පිපිනමත්වැටෙනව, යන්තම් ළදරු කාලෙදිත් වැටෙනව, නෑඹුල් කාලෙදිත් වටෙනව, තරුණ කාලෙදිත් වැටෙනව, පැහිල ඉදෙන්න ඉස්සරත් වැටෙනව, හොදින් පැහිල ඉදිලත් වැටෙනව. අන්න ඒවගේම අපේ ජීවිතත් ළදරු කාලෙ, ළමා කාලෙ, තරුණ ක‍ාලෙ, මැදි වයසෙදි වගේම වයස ගිහිල්ලත් මැරිල යනව. ඔහොම තමයි සංසාරෙ හැටි.
යාලුවනේ ඔයාල දන්නවද පින හා ආයුෂ කියන්නෙදෙකක්. හරියට පහණක තෙලුයි වැටියයි වගේ. පහණක තෙලුයි වැටියයි දෙකම ඉවර වෙලා පහන නිවෙන්න පුලුවන්, තෙල් විතරක් ඉවර වෙලා නිවෙන්නත් පුලුවන්, වැටිය විතරක් ඉවර නිවෙන්නත් පුලුවන්, ඔය දෙකම තියෙද්දිත් ( සුලං පහරකින් ) පහණ නිවෙන්නත් පුලුවන්. අන්න ඒවගේම දයාබර යාලුවනේ අපේ ජීවිතත් පින ඉවරවෙලා හරි, ආහුෂ ඉවර වෙලා හරි, ඔය දෙකම තියද්දි හරි, දෙකම ඉවර වෙලා හරි විනාශවෙලා යන්න පුල්වන්. ඒනිසා පින පව හැදින ජීවත්වෙන්න උත්සාහ කරන්න. වයසට ගිහින් පින්කම් කරන්න බලන් ඉන්න එපා. නොදැනුවත්වම අපාගාමී වෙන්න පුලුවන්. අනිත් කාරනේ බුදුහාමුදුරුවො කියනව අපි වැඩ ඇරිල හරි ගමනක් ගිහින් හරි හවසට ගෙදර එනව වගේ පෘතග්ජනයට සතර අපාය ගෙදර වගේ කියල. ඒ නිසා පින් දහම් කරන්නත් ඕනි වගේම ධර්මාවබෝධය කරගන්න නිතර උත්සාහ කරන්න. මොකද අනිත් දේවල් වගේ නෙවෙයිත පින, පව, වගේම අපේ ධර්මාවබෝධයත්, භාවනාවලින් ලැබෙන පුරුදුත් ( සමාධිය වගේ ) සසරින් සසරට යන්න පුලුවන්. ඒ නිසා ඔයාල ඉගෙනගන්න දේවල් සසර පුරා ඔයාලත් එක්ක එන්න පුලුවන්.

හරි, දැන් අපි කථාවට බහිමු. නිතර ලෙඩවෙන අයට පුංචි කෙමක් මේක. නිරන්තරයෙන් බෙහෙත් වලින්ම ජීවත්වෙන, විවිධ නිධන්ගත රෝග තියෙන අයට මේක හොද පිලියමක්. නිතර ලෙඩවෙන අයට විතරක් නෙවෙයි යාලුවනේ අපි හැමෝටම ඉතාම වැදගත් කෙ‍මක් මේක. ඔබට නිරෝගී බව අවශ්‍යයි නම් මේ පිලියම කරන්න. අනිවාරයෙන් ඔබේ සිරුරේ සියලු රෝග පීඩා දුරුවෙනව, සිරුර නිරොගී වෙනව, ඔබ සුවපත් වෙනව, මානසික ගැටලු දුරුවෙනව, සුවකල නොහැකි රෝග තියෙන අයට සහනය ලැබෙනව, රෝග යටගැහෙනව. සමහර විට සම්පූර්ණ සුවය ලැබෙනව, සිරුර පැහැපත් වෙනව, කාන්තිමත් වෙනව, අන් අයගේ ආකර්ෂණය ඇතිවෙනව‍. සිරිර රන්පැහැවෙනව. දහදිය ආදී දුගද නැතිවෙනව … … … මේකෙ වටිනාකම කියල ඉවර කරන්න බෑ. හොදයි මොකක්ද පිලියම.
පින්වත් යහලුවනේ ඕනිම පුද්ගලයෙකුට තමන්ගෙ අතින් බත්පිඩු අටක් බඩ පිරෙන්න ප්‍රමාණවත් කියල බුදුහාමුදුරුවො කියල තියෙනව කියල මම අහල තියෙනව. දැන් අහන්න එපා තුන් පිටකයෙ කොතනද ඕක තියෙන්නෙ කියල. මට ඕක කෙනෙක් කියපු දෙයක්. හොදයි අපි බත්කටවල් නවයක් කමුකො. කොහොමද කන්නෙ.

ඊට ඉස්සර කියන්න ඕනි මේක. මේ පිලියම හරියන්නෙ තෙරුවන් සරණ ගිය බුදුහිමියන් පිලිබද ශ්‍රද්ධාව තියෙන අයටයි. මොකද මේක සිතත් එක්ක බුදුගුණ සම්බන්ධ කරල කරල ගනුදෙනුවක්. ඒකට ඔබේ ශ්‍රද්ධාව අනිවාර්යෙන්ම ඉහලම මට්ටමක තියෙන්න ඕනි. අන්‍යාගම්වල අයට මේක කරන්න බැරි එයාලට බුදුගුණ පිලිබද ශ්‍රද්ධාවක් නැති නිසා. අනික පූර්ණ විශ්වාසයත් හරිම වැදගත්. දෙබිඩි හිතින් කරන්න එපා. හරියන්නෙ නෑමයි. අනික මස්මාලු කන අයටත් මේකෙනි පිහිටක් ලැබෙයි කියල හිතන්න බෑ. මොකද හෝදල ආයිත් මඩේදාල නම් කිසිම ඵලක් නෑ. ඔය මස්මාලු කන්න කියන සමහර අයට මේකත් හොද උත්තරයක් වේවි.
හරි, මේ පිලිවෙත් ටිකට ඔබ සූදානම් නම් ඊලගට කරන්න ඕනි බුදුගුණ ටික පාඩම් කරගන්න. බුදුගුණ නොදන්න අයට මෙන්න පාඩම් කරගන්න බුදුග්ණ ටික මම ලියනව.

පළමු බුදු ගුණය – භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ කෙලෙසුන් දුරලූ සේක! කෙලෙස් සතුරන් නැතිකල සේක! සංසාර චක්‍රය සේක! රහසින්වත පව් සේක! සිව්ලසයෙන් කෙරෙන පූජායන්ට ඉතා සුදුසු වන සේක! එසේ හෙයින් අරහං නම් වන සේක!

දෙවන බුදු ගුණය – කිසිවෙකුගේ පිහිටකින් තොරව තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!

තුන්වන බුදුගුණය – විද්‍යා නම් ඥනෙ අටකින්ද පසළොස් චරණ ගුනයෙන්ද යුක්ත වන හෙයින් විද්‍යාචරණ සම්පන්න නම් වන සේක!

හතරවන බුදුගුණය – සෝභන වූ නිවන් මගෙහි ගමන් කරමින් සුන්දර වූ නිවනට පැමිණි හෙයින්ද දෙසිය යුතු දහම් කරුණු සුදුසු අවස්ථාවේ දෙසූ හෙයින්ද සුගතෝ නම් වන සේක!

පස්වන බුදුගුණය – ලෝකය පිලිබදවත් සෙසු ලෝක ධාතුව පිලිබදවත් දතයුතු සියල්ල මැනවින් දැන වදාල හෙයිනඋන්වහන්සේ ලෝකවිදූ නම් වන සේක!

හයවන බුදුගුණය – උන්වහන්සේ දරුණු වූද විෂම වූද පුද්ගලයන් දමනය කල හෙයින් අන්න්ත්තර පුරිසධම්මසාරථි නම් වන සේක. !

හත්වන බුදුගුණය – උන්වහන්සේ දරුණු වූද විෂම වූද පුද්ගලයන් දමනය කල නිසා අනුත්තරෝ පුරිසධම්මසාරථි නම් වන සේක.!

අටවන බුදුගුණය – උන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් අන් අයටද දේශනා කල නිසා බුද්ධෝ නම් වන සේක.

නවවන බුදුගුණය – භාග්‍යයෙන් යුක්ත වූ හෙයින්ද සියලු කෙලෙසුන් දුරලූ හෙයින්ද භගවා නම් වන‍සේක.

හරි. ඔය ටික පාඩම් කරගන්න.

යාලුවනේ බත් එකක් අතට ගත්තම බත්එක අතේ තියාගෙන උයල දුන්න අම්මටත්, අපිට බත්දුන්න තාත්තටත් එතැන් ඉදල ඒ බත්ටික මාලු ටික අපේ බත්පතට එන්න මහන්සි උන ගොයියගෙ ඉදල වාරිමාර්ග කරපු රජ පරපුරවල දක්වා පින්දෙන එක මගෙනම් සිරිතක්. ඔයාලත් කරන්න ඒක. මහ පින්කම් වගේම යුතුකමක්.
ඊගලට පළවෙනි බත්කට මමනම් දානයක් විදිහට අයින් කරනව. ඒක මේ විශ්වයේ කොතනක හරි ජීවත්වන යම් ආර්හ පුද්ගලයෙක් මේ මොහොතෙ දන් වළදන්න සූදානම් වෙනවනම් උන්වහන්සේට පූජා වෙන්න කියල. ඔයාල කීයට කෑවත් ඒක අයින් කරන්න. මොකද අපිට දවල් දෙක තුන වෙද්දි ලෝකෙ තව තැනක ආර්යයන් වහන්සේල පිණ්ඩපාතෙ යන වෙලාව වෙන්න පුලුවන් නිසා. ඒක හදවතින්ම ඉස්බත නැත්නම් නොයිදුල් කොටස විදිහට අයින් කරන්න. මතක තියාගන්න. ඔබේ බත්පතේ නොයිදුල් කොටස ගැනයි මම කථා කරන්නෙ. සමහර විට අනිත් අය කෑවට පස්සෙ අනිතිම බත්ටික කනකෙනෙක් වන්නැති ඔබ. ඉදුල් මාලුපිනි කන්න වෙනව වෙන්නත් පුලුවන්. ඒත් ගැටලුවක් නෑ. දැන් එක් බත්පිඩකට එක් බුදුගුණය බැගින් සිහිකරමින් බුදුගුණ නවයට බත් කටවල් නමය කන්න. මුල් කාලෙදි මදිවගේනම් ආයිත් මුල ඉදන් පටන් ගන්න.
හෝව් .. .. .. පොඩ්ඩක් ඉන්න. අන්තිම බත්කට ඉතුරුකලොත් නම් හොදයි. මොකටද දන්නවද? අසරණ තිරිසන් සත්තුන්ට ඔබේ බත්කටෙන් වේලක් ජීවත්වෙන්න පුලුවන්. අනේ ඒ අසරණයන්ට පුංචි චානයක් දෙමු. අන්තිම බත්කට ඒ ඇත්තන්ට අයින් කරන්න. දැන් පළවෙනි බත්කටත් ඉතුරුයිනෙ. දෙකම අසරණ සත්තුන්ට ආහාරයක් වේවා. බත්ඇටයක් ඇගට වැටිලවත් කිසිම සතෙකුට හානියක් නොවේවා කියල පැතීම ඇතිව බත්කට සතුන්ට කන්න දෙන්න. දැන් අත හෝදන වෙලාවනෙ. ඒ ඉදුල් ටිකත් අසරණ කූඹියෙකුට හරි මක් නෑ ආහාරයක් වෙන්න කියල හිකාගෙන අත හෝදන්න.

ඔය ටික පුලුවන් හැම වෙලාවෙම කරන්න. ඔබට පුදුම සහනයක් ලැබෙයි. හැබැයි කලින් කීව වගේ හිතේ අප්‍රමාණ ශ්‍රද්ධාව ඇතිව, මස්මාලු නැති එලවලු ආහාර විතරක් ඇතිව මේ පිලිටවත් කරගන්න. හිතේ විශ්වාසයෙන් දිගටම කරල බලන්නකො. ඔයාල නොදැනුවත්වම දිනපතා බොන බේත් වේල නවත්තන්න පුලුවන් වෙයි. මේක සත්‍ය ක්‍රියාවක් බව අමතක කරන්න එපා. කාටවත් පේන්න, කාගෙන්වත් ලකුණු දාගන්න කරන්නත් එපා. මෙය හොදින් කරගැනීම ඔබේ කාර්යයක්.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා.

සියලු කුසලානුභාවයෙන් උතුම් සද්ධර්මය අවබෝධ වේවා!

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.