“උතුරේ පවතින ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩපවත්වා සාමය රැකීම පිණිස රජය දිනකට රු. දස ලක්ෂයක් පමණ වැය කරනවා. උතුරේ සාමය උතුරේ ජනතාව විසින් ම රැකගෙන සිටිනවා නම් ඒ වෙනුවෙන් වැය කරන කෝටි ගණනක් මුදල රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සංවර්ධනය වෙනුවෙන් වැය කරන්න පුළුවනි.”
ස්වදේශාරක්ෂක සේවා පුහුණු පාඨමාලාව ඇහැළියගොඩ මැතිවරණ කොට්ඨාසයේ ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන් ආරම්භ කළ අවස්ථාවෙහිදී පැවැති උත්සව සභාව ඇමැතූ රාජ්‍ය අාරක්ෂක නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ මර්වින් කුලරත්න මහතා ඉහත අදහස් පළ කළේ ය.
ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු නිකම් ආවාට ගියාට කතා කරන්නේ නෑ නොවැ? නියෝජ්‍ය ඇමැතිතුමා ගේ දිනකට දස ලක්ෂයේ ගණන අනුව ගණන වැඩි කළ විට මසකට රු. කෝටි තුනයි. අවුරුද්දකට කෝටි තිස් හයයි. ගත වූ අවුරුදු පහට කෝටි එකසිය අසූවයි. උතුරට ඇමැතිවරුන් ගිය දිනයන්හි, විශේෂයෙන් ශ්‍රීමත් ජනාධිපතිතුමා ගිය දිනයන්හි ආරක්ෂක විධි විධාන සඳහා කොපමණ වියදම් වන්නට ඇද්ද? අතිරේක වියදම් දිනකට දස ලක්ෂය ගණනේ තැබුවොත් තවත් රු. කෝටියක් පමණ විය හැකි ය.