Skip to main content

ආලවක දමනය …

බුදුන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය පෙන්වීම සඳහා බොහෝ දෙනා ආලවක දමනය දක්වති…….එහෙත් බුදුන් වහන්සේ ආලවක දමනය කළේ කෙසේදැයි ඇසුවේ නම් ඔවුහු නිරුත්තරය.

උන් වහන්සේ ආයුධ තබා ඉඳි කටුවක් වත් භාවිත කළේ නැත. දරුණු බවේ ප්‍රතිමූර්තියක් බදු වූ ආලවක යක්ෂයා බුදුන් වහන්සේ විසින් නිරායුධව දමනය කළ සේක. එය කළේ කෙසේදැයි අප නොදන්නේ නම් “දමනය” යන වදන නිසා වැරදි චිත්ත රූප සිත් තුල ඇති විය හැකිය. එනිසාවෙන් අලවු යක් දමනයේ කථාව අප දැන සිටිය යුතුමය.

දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.
“මහණ නිකම යව” බුදුන්ට අණ දුන්නේය.

“මැනවැයි ඇවති” බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.

“මහණ මෙහි එව”

බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී

“නැත ඇවැත……….නික්ම නොයමි…..කල හැක්කක් කරන්නැ ” යි වදාළ සේක.

“මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්…. ළය පලන්නෙමි…….සිත පෙලන්නෙමි…..දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි” යි යක්ෂයා ගුගුලේය.

“ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය….. එහෙත් කැමැත්තක් අසන්න.” බුදුන් වහන්සේ වදාළ සේක.

මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය. ඒවත් ලැබුණු පිළිතුරුත් ආලවක සූත්‍රයේ මෙසේ දැක්වේ.

ලොවෙහි පුර්ෂයාට කවර ධනයක් ශ්‍රේෂ්ඨද?
ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨතම ධනයයි

කවරක් සුව දේද?
ධර්මය පුරුදු කර කල්හි සුව දේ

රසයන් අතුරෙන් කුමක් මියුරු වේද?
රසයන් අතුරෙන් සත්‍ය මියුරු වේ

කෙසේ ජීවත් වන්නවුන් ශ්‍රේෂ්ඨද?
ප්‍රඥාවෙන් ජීවත් වන්නවුන් ශ්‍රේෂ්ඨය.

කවර ලෙස ඕඝයන් තරණය කෙරේද?
ශ්‍රද්ධාව කරණ කොට සසර සැඩ පහරින් එතෙර වෙයි.

කවර ලෙස සංසාර සාගරයෙන් එතෙර වේද?
අප්‍රමාදය සංසාර සාගරයෙන් එතෙර කරයි.

කවර ලෙස සසර දුක් දුරු කෙරේද?
වීර්ය කරණ කොට ගෙන දුක දුරු කෙරෙයි.

කවර ලෙස පිරිසිදු වේද?
ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.

කෙසේ ප්‍රඥාව ලබයිද?
කුසල් අකුසල් විපාක දන්නා අප්‍රමාද පුද්ගලයා නිවනට යනු පිණිස බණ අසා ඇදහීම් ඇත්තෙක්ව ප්‍රඥාව ලබයි.

කෙසේ වස්තුව ලබයිද?
අනාගාමී පිණිස උපාය ඇති, නොපසු බස්නා වීර්ය ඇති, පටන් ගත් වීර්ය ඇති තෙමේ ලෞකික හා ලෝකෝත්තර ධනය ලබයි.

කෙසේ කීර්තියට පැමිණේද?
සත්‍ය වචනයෙන් කීර්තියට පැමිණෙයි.

කෙසේ මිතුරන් පිහිටයිද?
දානය පුහුණු කළ තැනැත්තා මිතුරන් ලබයි.

මෙලොවින් පරලොව ගොස් කෙසේ ශෝක නොකරයිද?
යමෙක් සත්‍ය, ධර්මය, ධෛර්ය්‍යය, පරිත්‍යාගය යන සතර ධර්මයෙන් පුහුණු කලේ නම් හේ පරලොව ශෝක නොකරයි.

සත්‍ය, ඉන්ද්‍රිය දමනය, පරිත්‍යාගය, ඉවසීම යන ධර්මයට වඩා උසස් වූ කිසිම ධර්මයක් ලොව නැත්තේය. එසේ වේ නම් විමසන්නැයි (සොයාබලන්නැයි) බුදුන් වහන්සේ දේශනා කළ සේක.

“ස්වාමීනි පරලොවට විපාක දෙන්නා වූ යමක් වේ නම් මම එය අර්ථ වශයෙන්ම දැන ගතිමි.” තවත් කුමට විචාරන්නදැයි අලවු යකු පැවසුවේය.

ආලවක යක්ෂයාට විසදිය නොහැකි ගැටළු ලෙස පරම්පරාවෙන් ලැබී තිබූ ප්‍රශ්න වලට බුදුන් වහන්සේ ලබා දුන් පිළිතුරු ගැන අලවු යකු ඉමහත් පැහැදීමට පත් විය.

“ස්වාමීනි යටිකුරු කර භාජනයක් උඩුකුරු කර සේ, යටපත් වූ නිධානයක් විවෘත කරන්නා සේ…..මං මුලාවූ වකුට මග කියන්නාක් මෙන්….ඇස් ඇත්තෝ රූප දකිත්වා යැයි අන්ධකාරයෙහි පහනක් දල්වන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළහ” මම බුදුන්, දහම්, සඟුන් සරණ යමි’යි ආලවක යක්ෂ තෙමේ තෙරුවන් සරණ ගියේය.

බුදුන් වහන්සේ ආලවක යක්ෂයා දමනය කළේ එසේය. නැතිව පොලු මුගුරු ගෙන හෝ බැණ වැදී හෝ වාද විවාද කර නොවේ…….
‍එළෙසින්ම පිනවත් යාලුවනේ ආලවක දමනය තුලින් ඉතාම වැදගතපාඩම් රාශියක් අපිට ලබාදෙවනවා. මොනවද ඒ? බලන්න බුදුහිමියන් ආලවක දමනයට යෙදූ උපක්‍රමය මොනවගේද කියල. තුන්ලොයක් සනහාලූ, මේ විශ්වයටම අධිපත් වූ සර්වඥයන් මහන්සේ අමනුස්සයෙක් ඉදිරියේ මුලින්ම යටත්උනානේද? ඔහු කියන කියන අයුරින් මුල් අවස්ථාවේ වැඩකලා නේද? ඇයිමේ පුංචි දරැවෙක් වගේ යක්ෂයාගේ අණට යටත් උනේ.යක්ෂයාගේ සිතේ කේන්තිය අඩුකරන්න. ඊටපස්සෙ කේන්තිය අඩුඋනාම මොක කලේ ?
“නැත ඇවැත……….නික්ම නොයමි…..තට කල හැක්කක් කරව “යි වධලෙ සේක.
උන්වහන්සේ තවදුරටත් ආලවකයාට යටත් වූයේ නොවේ. ඇයි? දැන් යක්ෂයාගේ කේන්තිය අඩුවීම මෙන්ම මින් ඉදිරියට යටහත් පහත් ලෙස හැසිරුනොත් යක්ෂයා තමන් වහන්සේ ගැන නිවට සිතිවිලි ඇතිකර ගන්නා බැවිනි. පින්වත් යාලුවනේ මේ කරුන අද සමාජයට කෙතරම් වැදගත්ද? බොහෝ ම්ලේඡයන් සිතන් සිටින්නේ බොදුනුවා යනු නිවටයෙකු බවයි. එහෙත් සත්‍ය වශයෙන් බොදුනුවා යනු අභිමානවත් පුල්ගලයෙකු බව ඔවුන් දැනගත යුතුය. ශීලය යනු නිවට කම නොවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක. ඒ අනුව අප නිරන්තරයෙන් බොනුකම රැකගන්න‍ා සේම අපේ උරුවමයන් රැකගැනීමට උත්සාහ කල යුතුය.
අන්‍යජාතීන්ගේ බලපෑම් හමුවේ මුනිවත රැකීම නොව අපේ උරුමයන් රැකගැනීමට උත්සුක විය යුතුය. ඒ සදහා ඔබට අනනත් ශක්තිය ධෛර්ය ලැබේවා … … …

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

(අන්තර්ජාලයේ පලවූ ලිපියක් ඇසුරිනි)

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.