Skip to main content

අවබෝධයෙන් කථාකරන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලද  වංගීස මහරහතන් වහන්සේ …

අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය වංගීස මහරහතන් වහන්සේට හිමි වෙයි. උන්වහන්සේ  නිතරම බුදුගුණ වර්ණනා කරයි.  විසිතුරු උපමා අලංකාර වචන භාවිත කරමින් නොයෙක් පද සිය දහස් ගණනින් බුදුගුණ වර්ණනා කරමින් සර්වඥයන් වහන්සේ කරා එළඹෙයි. එහෙයින් අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ සේක උන් වහන්සේගේ පූර්වාපර චරිතාපදානය මෙසේය.

මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහල වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ හංසවතී නුවර මහා සම්පත් ඇති කුලයක කුලපුත්‍රයෙක් ව උපන්නේය. හෙතෙම වැඩිවියට පත්ව දිනක් පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතර අග්‍රස්ථානය තබනු දැක් “මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි“යි  අධිෂ්ඨාන කොට ගත්තේය ඒ කුල පුත්‍ර තෙම සත් දිනක් මුළුල්ලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් පවත්වා අවසානයේ දී තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට දැන්වීය.  බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එම ප්‍රාර්ථනාව සඵල වනු දැක “ කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තොප  අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබන්නේ යැ“ යි නියත වූ විවරණ දුන් සේක.

හෙතෙම ජීවිතාන්තය දක්වා පින් දහම් කොට දෙව් මිනිස් සැප විඳිමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු ගේක උපන්නේය. ඔහුට “වංගීස“ යයි නම්ක් ඇත්තේය වංගීස මානවක තෙමේ ත්‍රිවේදය ඉගෙන ආචාර්යවරුන්ගෙන් “වර්ෂ“ නම් මන්ත්‍රයෙන් ද උගත්තේය. මළ මිනී හිස් කබලට නිය පිටින් ගසා ඔහු උපන් තැන කීමට මේ මන්ත්‍රයෙන් හැකිවිය. වංගීසගේ දෙමවුපියෝ ඔහුට රතු රෙද්දක් අන්දවා රතු රෙද්දක් පොරවා වට තිර අදවා ගමින් ගමට ජනපදයෙන් ජනපදයට ගොස් තමන්ගේ මළ නෑයන් උපන් තැන දැන ගැනීමට බොහෝ මිනිසුන් කරා පැමිණි තම තමන්ගේ නෑයන්ගේ හිස්කබල් ඔහුට දී ඔවුන් උපන් තැන් විචාර කල්හි වන්ගීස මානවකයා එම හිස් කබල්ට නිය පිටින් ගසා ඔහු දෙව්ලොව උපන්නේය මොහු උපන්නේ මේ තෙමේ මිනිස් ලොව උපන්නේ ය ආදී වශයෙන් උපන් තැන් ප්‍රකාශ කොට දහස් ගණන් වස්තු ලැබී ය.

දිනක් වන්ගීස ඇතුළු වී පිරිස් සැවැත්නුවර ජේතවනාරාමය අසලට පැමිණියහ. එකල්හි බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන්නට විහාරස්ථානයට යන මිනිසුන් දුටු වංගීසගේ පිරිස් ඔවුන් අමතා “ තොපට බන ඇසීමෙන් කවර ප්‍රයෝජනයක්ද? මෙම වංගීස මල මිනිසුන්ගේ උපන් තැන් කියන්නට දක්ෂ පුද්ගලයා හමුවූ තොප තොපගේ නෑයන් උපන් තැන් විචාර ගනුව“යි කීහ. එකල්හි බණ අසන්නට යන පිරිස් “තොපගේ වංගීසයෝ නෑදෑයන් උපන් තැන් පමණක් දනිති’ අපගේ  භාග්‍යවතුන් වහන්සේ මළ මිනිසුන් උපන් තැන් පමණක් නොව එසේ ඉපදීමට හේතු වූ කර්ම ශක්තීන් ද දනිති”යි කීවාහුය. වඩා උසස් බුදුරජාණන් වහන්සේ ද නැතහොත් වංගීස දැයි වාදයක් හටගත්තේ ය. අවසානයේදී බුදුරජාණන් වහන්සේ හමුවීමට දෙපක්ෂයම කැමැත්ත පළ කළ බැවින් ඔවුහු බුදුන් කරා ගියහ. බුදුන් වහන්සේ ඔවුන් තමා කරා එන බව දිවැසින් දැක නරකය තිරිසන් ලෝකයේ මිනිස් ලොව දෙව් ලොව උපන් සහ රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් දැයි හිස්කබල් පහක් ගෙවා තැබූ සේක. වංගීස මානවකයා පැමිණ බුදු රජාණන් වහන්සේ හමු වූ විට උන් වහන්සේ පිළිවෙලින් මුලින් කී හිස් කබල් සතර ඔහුට දැක්වීය. වංගීස නිවැරදිවම  පුද්ගලයා උපන් තැන් කීසේක. පස්වෙනුව රහතන් වහන්සේගේ හිස්කබල දැක් වූ විට ඔහු ඒ අය උපන් තැනක් කීමට නොහැකි විය. බුදුරජාණන් වහන්සේ ද “ වංගීස හිස ඇත්තවුන් උපන් තැන දන්නේ දැයි විචාරා “ නො දනිමි “යි කී කල්හි “එය මම දනිමි“ යි වදාළ සේක. “ ස්වාමීනි එම මන්ත්‍රය මටත් දෙනු මැනවැ“යි වංගීස බමුණා කී කල්හි බුදුරජාණන් වහන්සේ “ එම මන්ත්‍රය දිව දිය හැක්කේ පැවිදි වුවහොත් පමණිකැ“යි පැවසූ සේක. වංගීස මන්ත්‍රය ලබා ගැනීමේ ආශාවෙන් පැවිදි වී නොබෝ කලකින් විදර්ශනා වඩා රහත් වූහ.

වංගීස මහරහතන් වහන්සේ රහත් භාවයට පත්වූ බව නොදත් අනිත් භික්ෂූහු බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් “වහන්ස. මේ වංගීස භික්ෂුව රහත් නොවී තමා රහතකු බව හඟවයි “ යැයි සැල සැළ කළහ. එකල්හි බුදුරජාණන් වහන්සේසේ “මහණෙනි , දැන් මාගේ පුත්‍රය වංගීස තෙමේ චුති ප්‍රතිසන්ධි දන්නා කෙනෙක්“ යැයි වදාරා  ඔහු රහත් වූ බව ප්‍රකාශ කළේය. වංගීස තෙරුන් වහන්සේ ද යම් වෙලාවක් බුදුරජාණන් වහන්සේ හමුවීම්ට පැමිණෙන්නේ ද බුදු ගුණ ප්‍රකාශිත ගාථා කියමින් ම එයි එහෙයින් උන්වහන්සේ මේ සාසනයෙහි “අවබෝධයෙන් යුතුව කතා කරන භික්ෂුන් අතරින් අග්‍ර ය“යි දක්වමින් බුදුරජාණන්වහන්සේ “ එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං පටිභාන වන්තානං යදිදං වංගීසෝ යනුවෙන් වදාළ  සේක.

Join the discussion One Comment

  • Charitha prasade says:

    Among other all buddhist web page IFBC net is great due to several reasons which you’ll experience when use it.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.