Skip to main content

අපායේ දොරටුව දුටුවාද ?

අපායේ දොරටුව පිහිටා ඇත්තේ අසල්වැසි ඇෆ්ගනිස්ථානයට හා ඉරානයට ඉහළින් පිහිටි තුර්ක්මෙනිස්ථාන් ‘කරකුම් කාන්තාරයේ’. එනම් එරට අගනුවර (Ashgabat) ඉඳලා කිලෝමීටර් 260 ක් දුරින්. ඒ අවට සැතපුම් ගණනාවක් දුරින් පිහිටි ගම්මානවලට පවා මෙයින් නිකුත් වන රත් පැහැති ගිනිදැල් දර්ශනය වන බව පැවසෙනවා. මේ නිසා ජනවහරේ මෙය ‘අපායේ දොරටුව‘ (The Door to hell) ලෙස හැඳින්වෙනවා.

මීට අවුරුදු 42කට පෙර ( 1971 ) මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා. ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.


එදා සිට අද දක්වාම මෙය අඛණ්ඩව දැවෙමින් පවතිනවා. අවුරුදු පනහක් (50) තිස්සේ විශාල ලෙස ගිනිගෙන දැවෙන මේ විවරය නරඹා 2010 අප්‍රේල් මස ජනපති ගර් බැන්ගුලි බර්ඩිමුහැමෙඩොව් මහතා වහාම එය වසා දැමීමට තීරණය කළත් තවම ඒක සාර්ථක වෙලා නැහැ. තාම එය නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කක් නොවෙයි. මේ කාන්තාරය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට නැගෙනහිරින්.

ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමු දර්යා ගංගාව හා කිසිල් කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා.

මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා. මේ ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.

කෙසේවෙතත් මෙය තාම අභිරහසක්. මේ රහස කිසිවෙකු විසදන්න සමත්වෙලා නෑ.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ..

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.