Skip to main content

සිරිපා අඩවියේ දිවා ගුහාව සොයා ගිය තරුණයා – සමන් දෙවිඳු මහළු වෙසක් ගෙන පැමිණ තරුණයාට දිවා ගුහාව පෙන්වයි …

ශ්‍රීපාදස්ථානය නැතහොත් සමනළ කන්ද ලොව පුරා බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති පූජනීය ස්ථානයකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කල අවස්ථාවේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩම කර එහි නිල් මාණික්‍යයක් මත ශ්‍රී පතුලේ සටහන තබනු ලැබීය. එදා මෙදා තුර ගිහි පැවදි, අන්‍යාගමිකයන්ගේ මෙන්ම දෙව් බඹුන්ගේ පවා වන්දනා මානයට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානය තවමත් හෙළි නොවූ කරුණු කිහිපයක් ස`ගවා ගෙන ඇති ස්ථානයකි. ශ්‍රීපාදස්ථානය වැඳුම් පිදුම් කරන්නට යන බෞද්ධ බැතිමතුන්ට තවමත් හරි හැටි හඳුනාගත නොහැකි වූ ස්ථානයකි, දිවා ගුහාව. බුදුරජාණන් වහන්සේ සමන්ත කූඨය වෙත වඩිනා අවස්ථාවේ දී දිවා විහරණය සිදු කළ

අතීතයේ සිට දිවා ගුහාව ගැන කියැවුණේ සමනළ අඩවියේ මිනිස් ඇසට නොගැටෙන ඉසව්වක දෙවිවරුන්ගේ පුද සත්කාර ලබමින් ඇති ස්ථානයක් ලෙසයි. එනමුත් පසුගිය සමයේ වර්ථමාන ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය ඛෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් විසින් දිවා ගුහාව යනු සිරිපා මළුවට පහතින් පිහිටි නිශ්ශංක ලෙන බව ප්‍රකාශ කළේය. නමුත් බොහෝ ඉතිහාස ගවේශකයෝ මෙන්ම බෞද්ධ ජනතාවද නිශ්ශංක ලෙන දිවා ගුහාව යැයි පිළිගන්නට මැළි වේ. එයට ද සාධාරණ හේතු පවතී. පළමු කරුණ වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් ඒ පිළිබඳ ව දැක් වූ අදහසයි. එතුමා පවසන්නේ නිශ්ශංක ලෙන දිවා ගුහාව යැයි පැවසීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැති බවයි. එම ලෙන තුල අදටද දක්නට ඇත්තේ නිශ්ශංක මල්ල රජු සමනොළ ගිර තරණය කර උතුම් වූ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගත් බව සඳහන් සෙල් ලිපියක් සහ රජුගේ රුව සහිත ශෛලමය කැටයමක් පමණි.

තව ද සිරිපා මළුව පෙනෙන මානයේ බුදුරජාණන් වහන්සේ විවේක සුවය ගත කළා යැයි සිතන්නටත් අපහසුය. එසේ නම් බුදුන් වහන්සේ දිවා විහරණය කරන ලද සැබෑ දිවා ගුහාව සමනල හිමයේ මිනිස් ඇස නොගැටෙන ලෙස අදටත් සැ`ගවී තිබිය යුතුය. ඇත්තෙන්ම දිවා ගුහාව තියෙන්නේ කොතනද? දිවා ගුහාව දුටු අයෙක් සිටී ද? දිවා ගුහාව පිහිටි ස්ථානය ගැන දන්නා කවරෙක් හෝ නැති ද? මේ ලිපිය ලියන විට මගේ මතකයට නැගුනේ මා කුඩා කල පුවත්පතක දුටු ලිපියකි. එහි සඳහන් වූයේ හැටේ දශකයේ දී, එවකට තරුණ පුද්ගලයෙකු දිවා ගුහාව සියැසින් දුටු කතා පුවතයි. එම ලිපිය කියවා වසර ගණනාවක් ගතව ඇතත් මාගේ මතකයේ ඇති අන්දමට ඒ කතා පුවතත් ඔබ වෙත කියන්න මට සිතුණි.

එම තරුණයා පවුලේ එකම දරුවා විය. නාහෙට නාහන දඩබ්බර ගති පැවතුම් ඇති තරුණයෙකු වුවත් ඔහු දැඩිව ආගම දහමට නැඹුරු පුද්ගලයෙකි. සිරිපා අඩවියේ තවමත් සොයාගත නොහැකි වූ දිවා ගුහාව ගැන කතා පුවත ඇසූ ඔහුගේ සිතට අමුතුම ආකාරයේ අදහසක් පහළ විය. එනම් තමා කෙසේ හෝ දිවා ගුහාව සොයා ගත යුතුය යන්නයි. ඔහුගේ අදහස දැනගත් ඔහුගේ දෙමාපියන් ckick2කෙසේ හෝ තම පුතුගේ අදහස වෙනස් කරවීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදුනි. එම තරුණයාත් තම තීරණයේම සිටියහ. අවසානයේ දෙමාපිය ආශිර්වාදය මත දිවා ගුහාව සොයා යන ගවේශණය ආරම්භ කළේය. සතියක් පමණ කාලයක් පේ වී, ගමේ පන්සලේ හාමුදුරුවන් බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගෙන සමනළ අඩවියේ භාරකාරීත්වය හිමි සුමන සමන් දෙවියන් උදෙසා ප`ඩුරු ගැට ගසා මහත් වූ ශ්‍රද්ධාවෙන් ඔහු තම ගමන තනිවම ආරම්භ කළේය.

තනිව බොහෝ දුර ගමන් කර ඔහු එක ස්ථානයක නතර වී මඳ වේලාවක් ගිමන් හරින්නට සූදානම් විය. තම මව විසින් සාදා දුන් අග්ගලා බෑගයෙන් එකක් ගත් ඔහු එය සෙමින් සෙමින් රස විඳින්නට විය. ඔහුට ඉදිරියේ ප්‍රපාතය දෙසට නැවී තිබුණු රූස්ස ගසකි. එම ගසේ විශාල ඛෙනයක් විය. මෙය දුටුවකුගේ මතකයට නගා ගත හැකි ස්ථානයකි. එයට හේතුව එම ඛෙනය සිංහල හෝඩියේ ‘ද‘ අක්ෂරයේ හැඩය විය. එදෙස බලා සිටි ඔහුට එක වරම දකින්නට ලැබුනේ පුදුම දසුනකි. එනම් ප්‍රපාතය දෙසට ගමන් කරමින් සිටි සම්පූර්ණයෙන් සුදු ඇඳගත් වියපත් මිනිසෙකි. එකවරම නතර වූ එම වයසක තැනැත්තා මෙම තරුණයා දෙස එක එල්ලේ බලා සිටින්නට විය. මුහුණ පුරා වැවුණු සුදු රැවුලක් ඇති, හිසට සුදු රෙදි කඩකින් ජටාවක් බැඳි, ඉතා ශාන්ත පෙනුමක් තිබූ එම වයසක තැනැත්තා තමාට යම් දෙයක් කියන්නට උත්සාහ කරනවා යැයි මෙම තරුණයාට හැ`ගුණි. වහා නැගිට ගත් තරුණයා තම ගමන් මල්ල රැගෙන බලන විට ජටාදර සීයා සෙමෙන් සෙමෙන් ප්‍රපාතය දෙසට ගමන් කරනු දුටුවේය. මෙම තරුණයාත් එම සීයා පසුපස ඇවිද යන්නට විය. කැලේ තුලට බොහෝ දුරක් ගිය ඔවුන් එක වරටම පිවිසියේ පළතුරු වනයක් තුලටය. බලන බලන තැන ඇත්තේ ඉදුණු පළතුරු වලින් බර වූ ගස්ය. තව දුරටත් ඉදිරියට ගිය අතරේ දී එකවරම සීයා නතර විය. ඉදිරියේ තිබුනේ වැල් වලින් ස්වාභාවිකව නිර්මාණය වූ ආවරණයකි. එතනින් ඇතුලට පිවිසි තරුණයා දුටුවේ අසිරිමත් දසුනකි. එය ගල් ලෙනක් විය. විවිධාකාරයේ ආලෝක ධාරාවන් ලෙන තුළින් විහිදේ. ඇතුලත මධුර ස්වරයෙන් ඇසෙන්නේ පිරිත් සජ්ජායනාවකි.

තමා අහම්ඛෙන් හෝ පැමිණ ඇත්තේ තමා සොයමින් සිටි දිවා ගුහාව වෙතට බව එම තරුණයාට අවබෝධ විය. වටපිට බලන විට ඔහු දුටුවේ ලෙනේ පසෙක බුදුන් වඳිනා ජටාදර සීයාය. තමාත් පංචශීලය සමාදන් විය යුතු යැයි සිතූ තරුණයාද පසෙකින් වාඩි වී බුදුන් වැඳ මොහොතක් භාවනාවේ යෙදුනි. දෑස් ඇර බලන විට ඔහු දුටුවේ තමන් සම`ග පැමිණි සීයා ලෙනේ දොරටුව අභියස සිටිනා බවයි. තමා දැන් පිටවී යායුතු බව වටහා ගත් තරුණයා තවත් වරක් ගුහාව ට වැඳ එළියට ආවේය. ඔහුට ඉදිරියෙන් සුදු ඇඳ ගත් ජටාදර සීයා ගමන් කරයි. බොහෝ දුර ගෙවා පැමිණි ඔවුන් එක් ස්ථානයක දී විඩා නිවා ගන්නට මඳක් වාඩි විය. ගමන් මල්ලට අත දැමූ තරුණයා අග්ගලා දෙකක් ගත්තේ එකක් සීයාට ද දෙන බලාපොරොත්තුවෙනි. පුදුමයකි.. සීයා පෙනෙන මානයක නැත. හැම දිශාවක්ම විපරම් කර බැලූ තරුණයාට එම වයස්ගත පුද්ගලයාගේ කිසිදු හෝඩුවාවක් සොයාගන්නට බැරි විය. ඔහු තවත් ඉදිරියට යන විට දුටුවේ තමන් සිටින ස්ථානයට ඉහළින් ‘ද‘ හැඩයේ ඛෙනය ඇති ගස තිඛෙන බවයි. එතනින් සිරිපා ගමන් මාර්ගයට පිවිසි ඔහු ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගෙන නැවතත් තම නිවෙස බලා පහළට කරුණා කරන්නට විය. නිවෙසට පැමිණි ඔහු මේ බැව් තම දෙමාපියන්ට පැවසීය. දැඩි භක්තියකින් හා ආත්ම විශ්වාසයකින් යුතුව පේවී ගමන පිටත් වූ මෙම තරුණයාට හමු වූ සුදු හැඳගත් වයසක තැනැත්තා වෙන කවුරුවත් නොව සමනල අඩවියේ අධිපති සුමන සමන් දෙවියන් බව සැමට අවබෝධ විය.

බොහෝ කළකට පසු නැවතත් අර තරුණයා තම මිතුරන් පිරිසක් සම`ග සිරිපා කරුණා කරන්නට යන අතරතුරේ දී ‘ද‘ හැඩයේ ඛෙනය ඇති ගස ගැන අවධානය යොමු කරන්නට සිතුවේය. අවාසනාවට කාලයත් සම`ග පාරේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගමන් මාර්ගයේ සළකුණු ඉවත් වී තිබුණි. එම ගසද ඉවත් කර තිබුණි. ගස තිබූ ස්ථානය දළ වශයෙන් හෝ හඳුනාගන්නට ද එම තරුණයාට හැකියාවක් ලැබුනේ නැත.

ඒ දිවා ගුහාව සියැසින් දුටු බවට සඳහන් එක් කතා පුවතක් පමණි. මෙවැනි කතා පුවත් රැසක් ජන වහරේ ඇත. මේ කුමන කාරණා මත වුවද තේරුම් ගත හැක්කේ එක් කරුණක් පමණි. වර්ථමානයේ අප දිවාගුහාව ලෙස හඳුනාගෙන ඇත්තේ සැබෑ දිවා ගුහාව නොවේ. සැබෑ දිවා ගුහාව අදටත් අපෙන් වෙන්ව මහ වනයේ කොතැනක හෝ දෙවිවරුන්ගේ පුද පූජා ලබමින් තිඛෙනවා ඇත.

ලිපි රචනය – ක්‍රිෂාන් වීරසිංහ

උපුටාගැනීම විශ්මිත විශ්වය වෙබ් අඩවියෙනි …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.