Skip to main content

සිදුහත් කුමාරයාණෝ සැබැවින්ම පැන ගියාද ?

පිංවත් යාලුවනේ අපිට පුංචි කාලෙ ඉදලම අහන්න ලැබුණෙ සිදුහත් කුමාරයාණෝ යශෝධරා බිරිද හා රහල් පුංචි පුතා අතැර හොරෙන් පලා ගිය බව නේද? ඒ වෙනුවෙන් කවි සිංදු පවා නිර්මාණය වෙලා තියෙනව නේද? වසන්තා සදනායක මහත්මිය ගායනා කල ” නොගියාම එදා අසළ මසේ සද ඇති පායා ” ගීයෙනුත් කියැවෙන්නේ ඒ විකාර කථාවමයි නේද? මේකට සමහරු ඒක එක අර්ථ කථන දෙනව. සමහරු කියනව දැනගත්තනම් යන්න දෙන්නෙ නැතිලු. ඒකලු හොරාටම ගියෙ. සමහරු කියනව පවුල් ප්‍රශ්නයක්ලු. තවත් සමහරු කියනව බරපතල වැඩ ඇතිව අවුරුදු පනහක් සිරගත කරන්න පුලුවන් දඩුවමක්ලු. අනේ මේව කියන අසරණයන්ට කවදානම් සංසාරෙන් ගොඩ එන්නද?
හොදයි යාලුවනේ අපි පොඩ්ඩක් බලමුද මොකක්ද මේ කථාවෙ ඇත්ත නැත්ත කියල. මජ්ඣිම නිනිකායේ (1),397 පිටුවෙහි එන අරිය පර්යේෂණ සූත්රයේ කියැවෙන තොරතුරු වලින් පැහැදිලිවම ඔප්පු වෙනව මේ කථාව පට්ටපල් බොරුවක් කියල. බුදු මුවින්ම දේශනා කරල තියෙන කොහොමවත් මෙහෙම හොරෙන් පැනල ගිය නැති බව. ඉතින් ඊටත් වඩා පණ්ඩිත ඇත්තො තමයි මෙහෙම හොරෙන් පැනල ගියා කියල කියන්නෙ. මේ තරම් ධර්මය පැතිරිල යන කාලයක ඇයි අපි මේ විකාර බොරු ඔලුවෙ තියාගෙන ඉන්නෙ. මේ ලිපිය හැකිතරම් මිකුරන් අතර බෙදල මේ මිත්‍යාව බොරු කරමු. මේ බලන්න අරියපරියේෂණ සූත්‍රයේ පැහැදිලිවම මෙන්න මෙහෙම දේශනාකරල තියෙනව.
“ මහණෙනි, මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තෙමි. කලු වූ හිසකෙස් ඇත්තෙමි. පළමුවෙනි වහසෙහි යහපත් යොවුන්බවින් යුක්ත වූයේ නොකැමති වූ දෙමාපියන් හඩද්දී හිසකෙස් රැවුල් බා කහවත් ඇදගෙන ගිහිගෙයින් නික්ම අනගාරීව පැවිදි වූයෙමි. මෙසේ පැවිදි වූ මම කුසල් සොයමින් නිරුත්තර වූ උත්තම නිර්වාණය සොයමින් කාලාම ගෝත්‍ර ඇති ආළාර කාලාම තවුස් තෙම යම් තැනකද එතනට ගියෙමි”

බලන්න අපේ ඔලුවලට දාල තියෙන්නෙ මොනවද? බිරිද දරුවන් හොරෙන් අතෑරල ගොදරට හොරෙන් ගිහින් ඡන්න ඇමතිවරයා අතින් ආභරණ ආපසු එව්ව කියල නේද? මේව කොහෙන්ද බුදු දහමට එකතු වුණේ. කරුණා කරල අරියපරියේෂණ සූත්‍රය පැහැදිලිවම කියවල බලන්න. මේ ලිපිය හැකිතරම් මිතුරන් අතර බෙදන්න. මේ මිත්‍යා මත මේ සමාජයෙන් ඉවත් කරල දාන්න ඔබ අනිවාර්යෙන් එකතුවෙන්න

Join the discussion 2 Comments

  • නිලූ says:

    බවුද්ධ සාහිත්‍ය රසවත්ව ඉදිරිපත් කිරීමටනේ මෙහෙම දේවල් ඉගැන්නුවේ ..

  • min says:

    Ethakota rahula kumaraya saha yashodara dewiya ko

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.