
සක්වලක් යනු සූර්යයෙකුගෙන් ආලෝකය ලබන පෙදෙසයි. අපට පෙනෙන සූර්යාගෙන් ආලෝකමත්වන පෙදෙස මගුල් සක්වල වේ. සියලු බුදුවරු පහල වන්නේ මගුල් සක්වලේය. බුදුවරයෙකුට ක්ෂේත්‍ර තුනකි. ඒ බුද්ධ ක්ෂේත්රය, ආඥා ක්ෂේත්රය හා විෂය ක්ෂේත්රය වේ. දස දහසක් සක්වල බුද්ධ ක්ෂේත්රයට අයත් වේ. බුදුකෙනෙකු ( බෝසත්වරයෙකු ) මව් කුස පිළිසිද ගැනීම, බිහිවීම, බුදුවීම, ප්‍රථම ධම්සක් පැවතුම් දේශනය, පිරිනිවන් පාන අවස්ථාවලදී ඇතිවන පෙළහර දස දහසක් ස්වල පුරා ඉිතිර පැතිර පවතී,. ආඥා ක්ෂේත්රය යනු කෝටිලක්ෂයක් සක්වලයි. රතන සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල අණසක කෝටි ලක්ෂයක් පුරා පැතිර යයි. විශෂය ක්ෂේත්රය සීමා කළ නොහැකිය. ගංගාව දෙපසේ ඇති වැලි කැට ගණන මැනිය හැකිනම්, මුහුදේ ඇති ජලබින්දු ගණනය කල හැකිනම් ඒ ගැන අදහසක් ලබා ගත හැකිය. පින්වත් යාලුවනේ ඒතරම් දුර බුදු නුවණින් බැලුවත් මේ විශ්වයේ කෙළවරක් නැතිලු.
අප අදහන ඒ භාග්‍යවත් වූද අරහත් වූද, සම්‍යසම්බුද්ධ වූද සර්වඥ රාාජා්ත්තමයාණන් වහන්සේගේ බලමහිමය හිතාගන්න පුලුවන් නේද? ඒ සර්වඥයන් වහන්සේ පිළිබද සිත පහදවා ගනිමු. අනන්ත බුදුගුණ ජීවිතයට එකතු කරගනිමු.
( හෙණ්ඩියාගල සීලරතන හිමියන්ගේ පුණර්භවය හා නිර්වාණය කෘතියේ පිටු අංක 360 හා 361 යන පිටු වලින් උපුටා ගන්නා ලදි )