එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සක්වල චක්‍රය නැතිනම් තරු දොරටුව ලෙසින් හදුන්වන අනුරාධපුර රන්මදු උයනේ පිහිටා ඇති මෙම සුවිශේෂ නිර්මාණය කොපමණ කාලයකට, කුමන යුගයටද අයත්දැයි මෙතෙක් නිශ්චිකව තහවුරු වී නොමැත. මේ නිර්මාණය එක් අයෙකුට අනුව එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත්, ලෝක සිතියම කි. තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති තන්ත්ර හෝම හෙවත් සුරතෝත්සව වල භාවිත වූ තන්ත්ර සටහනකි, නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහන කි. තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදිකිරීමක හෝ වාරි කර්මාන්තයක සැළැසුමක් ද විය හැක. නොඑසේනම්, මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන. විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමග සහ මිහිපිට දුර්ගම ස්ථාන සමග සන්නිවේදන සහ ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි.
මේ ආකාරයේ විවිධ මති මතාන්තර තුල පූජ්‍ය මූකලන් ගොමුවේ පඤ්ඤානන්ද සුවාමීන් වහන්සේ විසින් මේ පිළිබද බෞද්ධ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඒ විස්තරය මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන එන්නේ උන්වහන්සේගේ බෞද්ධ විගුහයක් ලෙසිනි.